(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාව සදහා නව අමාත්‍යවරුන් පත් කිරිමෙන් පසුව අද (23) දින පැවැති මුල්ම මාසික රැස්විම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් 13 දෙනෙකු විසින්ම වර්ජනය කර තිබුණි.
එහෙත් උතුරු මැද පළාත් සභාවේ හයවැනි සැසි වාරයේ නවවැනි රුස්වීම අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ පිහිටි රැස්වීම් ශාලාවේදි සභාපති ටි.එම්.ආර්.සිරිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් වන කේ.එච්.නන්දසේන එච්.බී.සේමසිංහ ආර්.එම්.පි.බි.රත්නායක යන මහත්වරු ඉවත් කරන ලද අතර එස්.එම්.රංජිත් සමරකෝන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් පසුගිය දිනයේදි ඉල්ලා අස්වී තිබිණි.
එම පුරප්පාඩුවු අමාත්‍යධුර සදහා එම්.හේරත් බණ්ඩා සරත් ඉලංගසිංහ සුසිල් ගුණරත්න සහ සම්පත් ශ‍්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි යන මහත්වරුන් පත් කරන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ, දැන් හැම මගුලකටම වර්ජනේ ! දෙයියනේ කොහොමද අපේ රට සංවර්ධනය වෙන්නේ ? ඉදිරියට යන්නේ ? ඉස්සර කාලේ වර්ජන කලේ සාමාන්‍යයෙන් වැඩි වැටුප්, වැඩි පහසුකම් ඉල්ලන කම්කරුවන් වගේ අයයි. දැන් කාලේ වර්ජනය කරන්නේ මහජන නියෝජිතයෝ, අවුරුදු ගණනාවක් බදු ගෙවන්නන් දෙන මුදලින් ඉගෙනගෙන ජොස්තර උපාධිය ලබාගෙන ලෙඩ්ඩු මැරෙන්න ඇරලා පාරට බහින, ඒවගේම බදු මුදලින් ඉගෙන ගෙන තමන්ටත්, රටටත් සේවය කිරීමට ඇප කැපවී සරසවි ගොස් සිටින සිසුන්ගෙන් සුළුතර මී හරක් රංචුවක් නොවේද ? වසර දෙකකට පමණ වර්ජන, උද්ඝෝෂණ ආදිය තහනම් කර, රට සංවර්ධනය කිරීමට පුළුවන් වන නීති රීති ගෙන ඒමට දැන් කාලය එළඹී තිබෙනවා !!!!
තව මාස 3 ඉන් පස්පසු ගෙදරම හිටිය හැකයි.
ඔකෙන් තව 3 දෙනෙක්වත් පයිනවා.
තිස්ගානක් ඉන්න සභාවක 5 දෙනෙක්ගේ කණ්ඩායමක් පාලන බලය ගෙනියන ලෝකයේ එකම ආයතනය
ඒ කට්ටියටත් ඇමතිකම් දෙන්න විදිහක් තිබුන නම් මේ ප්‍රශ්නය ඇති නොවෙයි නේද?