ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා සමුළුවේ දී හදිසියේ අසනීප වී බදුල්ල රෝහලට ඇතුළු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
සමුළුව අවසන් මොහොතේ දී ක්ලාන්තය සෑදීමෙන් මන්ත්‍රීවරිය රෝහල් ගත කරනු ලැබුවාය.
හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන සුදර්ශනී මහත්මිය විශේෂඥ වෛද්‍යවරියක ද වන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියට ඉක්මන් සුවය පතමි. ඇත්ත වශයෙන්ම ගරු කටයුතු කාන්තාවක්. ඔය සමහරු වගේ හතර අතට නොසරුප් බසින් කෑගසමින්, පිරිමි පාර්ශවය එක්ක රණ්ඩු ප්‍රශ්න ඇති කර ගනිමින් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. (නි)
මන්ත්‍රීතුමියට තෙරුවන් සරණයි. මම ඇයට ගරු කරනවා. තමන්ට පුළුවන් හැටියට ජනතා සේවයක් කරමින් වැදගත් ජීවිතයක් ගත කරනවා විනා, විපක්ෂයේ ඇද කුද සොයමින් රට වටේ යන්නේ නැහැ (නි)
බොහොම නම්බුකාර විදියට දේශපාලනය කරන උගත් කාන්තාවක්. ඇයට දෙවි පිහිටෙන් සුවය ලැබේවා. (නි)
ඇයි දන්නෙ නැහැ කාන්තාවන් හදිසියේ අසනීපවෙන්න ගත්තේ? (නි)
වැඩ කටයුතු අධික නිසා තෙහෙට්ටුවක්වත් ආවාද දන්නේ නැහැ. මම හරිම කැමති මන්ත්‍රීවරියක්. මෙහෙම උගතුන් සහ බුද්ධිමතුන්ට තමයි ලෙඩ රෝග ආපදා එන්නෙත්. ඇයට තෙරුවන් සරණයි. (නි)
මේ වගේ උගත් වැදගත් කාන්තාවන් තමයි දේශපාලනයේ සිටිය යුත්තේ. (නි)
දේශපාලෙනට වුවමනා ඔබ වැනි උගත් බුධිමත් කාන්තාවන්. ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා. (ස)
ඇය ඇගේ ස්වාමි පුරුෂයාට ඉතාමත් ආදරෙන් හිටියා. දරු දෙන්නාත් ඉතා හොඳින් හදා වඩාගත්තා. ආදර්ශමත් දක්ෂ කාන්තාවක්. දේශපාලනයේදීත් ඉතාමත් ගරු සම්පන්නව හැසිරෙනවා. ඇය ආරක්ෂා කරගත යුතු වැදගත් කෙනෙක්. (නි)
ඉක්මන් සුවය ලැබේවා! මමත් මෙතුමියගේ සදාචාරසම්පන්න ආදර්ශමත් දේශපාලන ජීවිතයට හරියට ගරු කරනවා. (නි)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! කාන්තාවක් හැටියට බොහොම ආදර්ශමත් ජීවිතයක් ගතකරන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝගෙම හොඳ හිත දිනාගත් කෙනෙක්. (නි)
ඉක්මන් සුවය ලැබෙන්න කියලා පතනවා. හරිම වැදගත් උගත් කාන්තාවක්. දේශපාලනයට පිවිසෙන්න ඕනෑ මේ වගේ සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න පුළුවන් ආදර්ශමත් හැසිරීමක් සහිත කාන්තාවන් තමයි. (නි)
මේගොල්ලන්ට කලන්තයක් හැදුනත් ලොකු දෙයක්. කන්න නැතුව කලන්තේ හැදිලා වැටෙන අහිංසකයෝ කොච්ච්චාර ඉන්නවද මේ රටේ.. (දී)
මෙතුමිය, පෞද්ගලික ජීවිත භූමිකාව, වෘත්තියේ භූමිකාව,දේශපාලනයේ භූමිකාව සහ සමාජ භූමිකාව තුළින් සිය කාන්තා අනන්‍යතාවය ඉහලින් පිළිපිඹු කෙරෙන ඉතා ආදර්ශමත් උත්තමාවියක් . රටට දැයට අමිල සම්පතකි. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කෙරෙත්වා!! (දී)
පළමුව ඔබ තුමියට පූර්ණ සුවය පතමි. උගත්, වැදගත් ඇමතිවරුන් රටේ දේශපාලනයෙන් සමු ගන්නා කාලයක ඔබ වැනි කාන්තාවන් රටේ කාන්තා නියෝජනයට ඉන්නම ඕනා. පක්ෂ භේදයකින් තොරව ඔබට සුභ පතමි. (දිල්)
සුභාෂ් කියනවා ඇත්තේ අර ලෙඩ වෙච්ච අනිත් කෙනා ගැන වෙන්න ඇති. එක නං ඇත්ත තමා. (දී)
මන්ත්‍රී තුමියන්ට සීතල අගුනයි වගේ ? (අ)
මේ ගොල්ලන්ට ගමන් මහන්සිය වෙන්ඩ ඇති. හින්දු කෝවිලකට ගහිල්ල යාගයක් කර ගතහොත් හොඳයි. බදුල්ලේ එන පොට හරිනෑ. 1994 වගේ වෙයිද? (අ)
ඔබතුමියට ඉක්මන් සුව පතමු (නි)
එකපාරටම ඇයට කුමක්ද සිදුවුණේ? (නි)
මේ තුන්වෙනියා අසනීප වුන. ලෝක පාලක දෙවි වරුන්ට ලංකාවේ මිනිස්සු ගැන අනුකම්පාවක් ඇති වෙලා වත්ද? (අ).
අසනීප වෙන්න ඕන අය තාම හොදින් (අ)
මම ඉතාම ගරුකරන චරිතයක් (නි)
ඔක්කොම ටික අසනීප වෙන්න ගත්තේ මොකද මේ? (නි)
මෙවෙන්, පේනවා නේද එයාලා විඳින සැප? ක්ලාන්තයක් සැදුනත් ඔවුන්ට බොහෝ සැළකිලි. නමුත් අපිට? (නි)
මේ මොකද මේ වෙන්නේ? (නි)
බයවෙන්න දෙයක් නැහැ (නි)
ඔබට ඉක්මන් සුවය (දී)
කාන්තාවන් මේ විදියට ලෙඩවෙන්න පටන් ගන්න එක නම් එච්චර හොඳ නැහැ (නි)
හොද වෙලාවට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගියේ. (නදී)
මෙතුමියට මම ඉක්මන් සුවය පතනවා. උගත් විනයගරුක මන්ත්‍රීවරියක්. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් බොහොම වැදගත් විදියට හැසිරෙමින්, දරුවන්ද පිළිවෙලට හදා වඩා ගන්න ආදර්ශවත් කාන්තාවක්. (නි)
මම බොහොම ගරු කරන, උගත් මන්ත්‍රීතුමියක්. එතුමියට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතමි. (නි)