දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතන සැලැස්මක නිරත වූ බව කියන පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් සිව්දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
විදේශගතව සිටින කොටි ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතාවක් මත මෙම සැලැස්ම ක්‍රියාත්මක කර ඇති අතර බෝම්බ ප්‍රහාරයකින් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.
මේ පිළිබද රජය හා ආරක්ෂක අංශ විසින් සුමන්තිරන් මහතාට ද දැනුම් දී ඇති අතර ඔහුගේ ආරක්ෂාවද තර කිරීමට රජය පියවර ගෙන තිබේ. තවද ආරක්ෂාක හේතූන් මත පසුගිය ජනවාරි 13 වැනිදා යාපනයේ පැවති උත්සවයකට හා රැස්වීම් කිහිපයකටද සුමන්තිරන් මහතා සහභාගී නොවුණු අතර ඔහු සහභාගී වන රැස්වීම් හා උත්සවද අඩු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ජීවිතයක් හෝ කෙනෙකුගේ ලේ බිඳක් සෙලවීමට නැවත කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. රටේ නිදහස රැක ගතයුතුයි (නි)
එතුමාටත් හොඳ පාඩම් මේවා! (නි)
සිංහල, මුස්ලිම් හෝ දෙමල කියලා බේදයක් නැහැ. නුසුදුසු අයට බලය දුන්නම, බලය දුන් කෙනාවත් විනාශ කරනවා. අතීතයේ ඕනෑතරම් සිදුවීම් අපි දැක්කා. අඩුම තරමේ දැන්වත් පාඩමක් ඉගෙනගත්තොත් කාට කාටත් හොඳයි (නි)
ඉල්ලන් පරිප්පු කන්න එපා කියන්නේ ඕක තමයි. මේ ගොල්ලෝ නේද කොටියට සුදු හුණු ගගා ඔවුන්ට කඩේ යන කට්ටිය. ලැජ්ජයි (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා? (නි)
මෙයාලා නිදි නැහැ, පුල්ලි මාරුවෙලත් නැහැ. බලාගෙනයි ඉස්සරහට. (නි)
හිතාගන්නවත් බැහැ මෙහෙම දේකට උත්සාහ කරයි කියලා. (නි)
ඇයි එතකොට මේ ඝාතන තැත අසාර්ථක වෙලා තියෙන්නේ? (නි)