පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතාගේ වාහනයට ඔහුගේ බොරැල්ල කොටා පාර පිහිටි නිවස අසලදී පහරදී අලාබ හානි සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහුගේ රිය නිවසේ සිට ප්‍රධාන මාර්ගයට පිටුපසට ගනිද්දී යතුරු පැදියක ගැටීමෙන් පසු ඇතිවූ ආරවුලකදී මන්ත්‍රීවරයාගේ රියට ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
උනයිස් මහතා තමාට පහරදුන් බවට එම තරුණයාද පොලිසියට පැමිණිලි කර තිබේ.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා ඉදිරිපත් වී සිටින්නෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කිසිම දුකක් නැහැ (නි)
හැමදේටම දේශපාලනය ගාවාගෙන තිබීම කණගාටුවට කරුණක් (නි)
අපරාදේ (නදී)
ආශ්චර්යට කළ නොහැකි දෙයක් නැත. (අ)
මෙය යම්කිසි පෞද්ගලික හේතුවක් නිසා හටගත් ආරවුලක් වගෙයි. (නි)
මෙය පුද්ගලික කරුණක් නිසා සිදුවූ ගැටුමක් නම් මෙයට දේශපාලනය ගාවාගන්න අවශ්‍ය නැහැ (නි)
සිද්ධවෙන දේවල් බලද්දී දැන් නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි වගේ (නි)
ඇත්ත නේ මන්තිරි තුමා මට ගැහුවා මමත් ගැහුවා. එයාගේ කාර් එක මගේ යතුරු පැදියට ගැහුවා. යතුරු පැදිය කාර් එකට ගහන්න ඇති. ඔක්කොම බ්ලාස්. (නදී)
හොදින් ලිපිය කියවල අදහස් ලියන්න පුද්ගලික කරුණක් නිසා සිදුවූ ගැටුමක් . මෙයට දේශපාලනය ගාවාගන්න අවශ්‍ය නැහැ.(හේ)
ඉදිරියේදී මෙවැනි ක්‍රියා බහුල වෙන්න පුළුවන්. පරිස්සමෙන් හැමෝම වැඩ කරන්න. නින්දිත දේශපාලනයට අණක් ගුණක් නැත. (නි)
අපි ඔක්කොම දන්නවා! (නි)
දැන් ඉතින් තව මොන මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
තවත් වාහන හැපෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. (නි)
කෝ අපේ කිර්ති ගොයිය...ලිස්ට් එක හදනවා ඇති හිටු කියල..මේ දවස්වල ගෙදර ගෑනි මිනිහ ගහගත්තත් අපේ කිර්ති ගොයියගේ ලිස්ට් එකේ ඒක ඇති පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ. (අ)