
(ඩයනා උදයංගනී)
ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියට ඉකුත් 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු කලහකාරී වූ පිරිස්, ගිනි තබා විනාශ කළ නිවෙස් අතර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටි හුණුපිටියේ පිහිටි නිවස යළි ගොඩනැගීම එම ප්‍රදේශවාසීහු සහ ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව එක්ව අද (29) පෙරවරුවේ ආරම්භ කළහ.
මෙහිදී ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් වූ අතර, මෙම ජනතාව ස්වේච්ඡාවෙන් මැදිහත්වී විනාශ වූ නිවස නැවත ගොඩනැගීම ආරම්භ කර ඇත.
නිවස යළි ගොඩනැගීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ඒ වෙනුවෙක් මූල්‍ය හා ශ්‍රම දැයකත්වය ලබාදීමට මෙන්ම අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියහ.
ප්රකෝපකාරී වූ පිරිස් විසින් දේශපාලනඥයන්ගේ සහ ආධාරකරුවන්ගේ නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබූ අතර එලෙස විනාශ වූ නිවසක් ජනතාව විසින්ම ඉදිරිපත් වී මෙලෙස යළි ගොඩනැගීම සිදු වන්නේ පළමුවරට බව ද වාර්තා වේ.
මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස් පැවසුවේ ප්‍රසන්න රණවීර මහතාගේ නිවස ගොඩනගමින් ප්රචණ්ඩ දේශපාලන සංස්කෘතිය කණපිට හැරවීම සඳහා සමාජයටත්, රටටත් පූර්වාදර්ශයක් සැපයීමට තමන් සූදානම් බවයි.
ප්‍රසන්න රණවීර මහතා ජනතාව සමග සමීපව කටයුතු කරන අයකු නිසා ජනතාවගේ සහයෝගයෙන් නිවස ගොඩනැගෙන බවද ඔවුහු පැවසූහ.
මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයින් තාම ඉන්නවනේ... මේ අය එක්ක කොහෙද රටක් හදන්නේ...?
කප්පම් ගන්න ගේ අයිතිකාරයා මේ කට්ටියට උදව් දෙන්න ඇති, ගේ හදලා දෙන්න ආපු අය දැක්කාම ඒක හොඳට තේරෙනවා. මේ කප්පම් කාරයින්ගේ බයිලා...!
මුලදී නම් මෙයාව පෙන්නන්න බැරුව හිටියේ, ඒත් මැති ඇමැති විදියට මිනිස්සුන්ට ගොඩක් වැඩකරපු කෙනෙක්...!
මේ වගේ අය පාර්ලිමේන්තු ගෙනාපු නිසා තමයි රටට මේ මහා විනාශය සිද්ධ වුණේ...
ජනතා සහයෝගයෙන් හදනවා වගේ පිටතට පෙන්නුවාට ඇත්තටම කොහේ තියෙන සල්ලිවලින් හදනවාද කවුද දන්නේ?
නියමයි.. විශිෂ්ඨයි.
කතානායකගේ පුටුවට වතුර හලලා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ වැදගත් මහත්තයෙක්. ඔය අයට තිබුණා නේද එදා ඒක වළක්වන්න? ගෝල්ෆේස් එකට ගහන්න ගියා නම් මේ අය ඒකත් හෙලාදැකිය යුතුයි...
මම මේ මනුස්සයාගේ ගෙදර ගිහිං තියෙනවා. සාමාන්‍ය මට්ටමේ ගෙයක් තිබ්බේ... ඇමති වුණා කියලා ලොකුකම් තිබ්බේත් නැහැ. හැමෝත් එක්කම කතාබහ කරලා පුළුවන් උදව්වක් කරපු කෙනෙක්... කොහොම වුණත් ගෙවල් ගිනි තියලා, දේපළ හානි කරන සංස්කෘතිය දැන්වත් නතර වෙන්න ඕනෑ. අද මේ ගිනිතැබීම් වලට හුරේ දාන අයටත් නැතිනම් කවදාහරි මේ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න වෙයි.
මුළු ගමේම පාරවල්වලට අල්ලන කුට්ටි ගල් හදන්නේ මේ මන්ත්‍රී තමයි. පහුගිය දවසක කෝටි 3ක් පාස් කළා.. කැලණිය ප්‍රාදේශීය සභාව ගමේ පාරවල්වලට කුට්ටි ගල් අල්ලන්න කියලා.. ඒකෙන් තමයි ඉතින් ඉස්සරහට ඔය ගේ හැදෙන්නේ... ගම්පහ ඉන්නේ මෝඩයින්...
මෙහෙම මිනිසුන් එක්කද අපි අලුත් රටක් හදන්න සිහින දකින්නේ..?
ජනතාව නෙවෙයි, කොන්ත්රාත්වලින්, වැලි පර්මිට්, ගෑස් පර්මිට්, හොර අරක්කු කාරයින් ටික..
ගෙදර හදන්න උදව් කරන එක නම් හොඳ වැඩක්. මෙයා ඇත්තටම ගෙදරට එන හැමෝටම පුළුවන් විදියට උදව් කරන චරිතයක්. හැමෝමත් එක්කම කතාබහ කරලා ඉන්නවා. අනික් ඇමැතිවරු වගේ පොළවට උඩින් හිටියේ නැහැ..
මේ අර මැටි ඇමැති නේද? කර්මාන්ත කරුවන් වෙනුවෙන් වැඩක් කරගෙන ආපු කෙනෙක්... ගෙවල් ගිනි තැබීම නම් අපි අනුමත කරන්නේ නැහැ.
මොනවා කියන්නද තේරෙන්නේ නෑ මට..?
අනේ සාදු..! අනේ සාදු...!
ආපහු එකතු වෙලා...
ලැබුණු ඇමැතිකමෙන් වැඩක් කරපු මිනිහෙක්...!
මේ රටේ ඉන්න අය ආත්මාර්ථකාමියි. ඔවුන්ගේ පෞද්ගලික වාසියට ඔවුන් රටේම මිනිසුන්ගේ අයිතිය පාවාදෙනවා. ඔතැන ඉන්නේ රස්සා හිඟාකාපු අය සහ වාසි ගත්තු අය. ඔය වගේ අයගේ පැත්තට කතා කරන්නේ ඒ වගේ රට පාවාදෙන අය... නැතිනම් මේ ගේ හදන්නේ මොන අහවල් එකකටද?
හොඳට මිරිස් කුඩු කවලම් කරලා රසටම හදලා දෙන්න...!
මේක නාටකයක්... සාමාන්‍ය මිනිස්සු දුන්නා කියමුකෝ බඩුවලට අවශ්‍ය කෝටි ගාණක් සල්ලි... මෙයාලා දෙනවද?
දැනට ගන්න කප්පම් මුදල වැඩි කරා නම් මාස දෙකෙන් ගේ ගොඩ...!
ඕක හදන්නේ හොරාකාපු සල්ලි වලින්, බොරුවට ජනතාව ජනතාව ඉදිරියට දමලා තිබෙන්නේ පස්සේ වත්කම්, බැරකම් සෙව්වොත් කොහොමද මේකෙ හැදුවේ කියලා ඇහුවොත් ජනතාව මුදල් ප්රදානය කළා කියලා ඇඟ බේරගන්න පුළුවන්...