මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (23) විරෝධය පෑම නිසා සභාව කල්තබා පක්ෂ නායක හමුවක්ද කැඳවිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එම පනත විවාදයට ගන්නා ලෙසයි. ඡන්ද විමසීමක් නොඉල්ලන බවද ඔහු කීවේය.
පක්ෂ නායක හමුවේදී තීරණය වූයේ පනත විවාදයට ගැනීමටයි. ඒ සමගම එම තීන්දුව කතානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමත් සමග මුලදී එයට විරුද්ධවූ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම මන්ත්‍රීවරුන් ඇතුළු 20 දෙනෙක් පමණ විරෝධය පාමින් සභා ගැබින් එළියට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය බලය තියෙද්දී වැඩ කළ විදිහ ගැන අපට අමතක නැ (අ)
මේ සෙට් එක තමයි එදා ඉදන් හැම දේම අවුල් කළේ. රටේ ජනතාව මුලා කරලා කුලප්පු කරලා කොටසක් ජාතිවාදීන් අන්තවාදීන් බවට පත් කළේ. මුන්ව පාර්ලිමේන්තුවෙන් සදාකාලිකවම එලියට දාන්න ක්‍රමයක් හොයන්න ඕනේ. මේ රටට සුබ අනාගතයක් උදා කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. (බ)
ගියදේ ගියාදෙන් දැන් වෙන්නේ මොනවාද කියල බලමු (අ)
අපේ රටේ හොරකම් නොකරන /පිළිවෙලට වැඩකරන ජේ වී පි එක ට ඡන්දය නොදී දැන් විකාර කියවනවා (බ)
ඔක්කොටම කලින් එළියට දාන්න ඕනේ රනිල්ව. අගමැති විදිහට හැසිරෙන්නවත් දන්නේ නැති කෙනෙක්. (බ)
අනේ යන්න. ආයේ නාවට කමක් නැහැ.ලොකු උදව්වක්. (බ)
ඒ අය බලය තියෙද්දී හැසිරුණ හැටි වැරදි නිසානේ මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නේ.මෙයාල ඒ වැරදි නොකර ඉන්න ඕනි. එයාල කළා කියල මෙයාල කළොත් වෙනසෙන් වැඩක් නැහැ (බ)
ශ්‍රි ලංකා එකේ ඡන්දෙන් පිනට ඇවිල්ලලු. පවු කියල හිතෙනවා එතුමා ගැන. පිනට ආපු අය තමයි අද ඔය ආණ්ඩුවට හේත්තු වෙලා පින් ඇමතිකම් අරන් තියෙන්නේ..ඔය නැගිටලා ගියේ සන්ධාන පාක්ෂිකයාගේ නියම කැමැත්තෙන් ආපු අය .ලක්ෂ 48ක ජනමතය නියෝජනය..ඔවුන් ඔබේවත් අපේ ජනමතය අමු අමුවේ විධායක බලයේ අනුහසින් මංකොල්ලකාපු අය (අ)
නැගිටලා ගියාම හැමදේම විසඳෙනවද? (නි)
රටම බලා ඉන්නවා මේ දේවල් (නි)
නැගිටලා යනවා, විරෝධය පානවා, උද්ඝෝෂණ පවත්වනවා ඇරුනහම ඔය කට්ටිය ජනතාවගේ මුදලෙන් වැටුප් අරගෙන, ඩියුටි ෆ්‍රී වාහන අරගෙන, ඒ මදිවට විශ්‍රාම වැටුපකුත් අරගෙන, කළ දෙයක් නැහැ නේද? (නි)
අනේ අපේ සමහර දේශපාලඥයින්ටත් ගිය කල! (නි)
මම කැමති මේ මන්ත්‍රී වරුන්ගේ පඩි කරන සහ අලුතින් වර ප්‍රසාද එකතු කරන පනතක් ගෙනාවොත් මේ පිටවෙලා ගිය අයගෙන් කීදෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කරලා එලියට යයිද කියල. (බ)