ස්වාධීන වීමට තීරණය කළේ නම් මධ්‍යම කාරක සභාවට පොරොන්දු වූ ආකාරයට මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට ලිඛිතව දැන්වූ බව ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසුහ.
රතන හිමියන් ස්වාධිනව කටයුතු කිරිම ගැන කිසිදු විරෝධයක් නැති බවත්, ඒ හිමියන්ගේ ස්වාධීන වීම ගැන දැනුම්දුන් මාධ්‍ය සාකාච්ඡාව පැවැත්වූයේ පක්ෂය දැනුවත් නොකර බවත් විමලසාර හිමියෝ ප්‍රකාශ කළහ.
විමලසාර හිමියෝ මේ බව පැවසූයේ බත්තරමුල්ල ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන හිමිවරු ඔක්කොම දේශපාලනයෙන් සම්පුර්ණයෙන්ම අයින් වුණා නම් ඊටවඩා හොඳයි නේද? (නි)
එ්ක හොඳයි හාමුදුරුවනේ. අපිත් මේ බලාගෙන ඉන්නේ ඔබ වහන්සේගෙන් බණක් අහන්න ලැබෙන්නේ කවදද කියලා (නි)
කතාව සම්පූර්ණ ඇත්ත. පූජ්‍ය හිමිනම පාර්ලිමේන්තුවට පත්වුණේ කිසියම් පක්ෂයකට හිමි ජාතික ලැයිස්තු ධුරයකින්. එසේ නම් තමා පාර්ලිමේන්තුවේ දි නියෝජනය කළ යුත්තේ එම පක්ෂයයි. ඉන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන්න නම් ලබා ගත් මන්ත්‍රී ධුරය ප්‍රථමයෙන් අතහැරිය යුතුයි. දෙවන පන්සිල් පදය සිහියේ තබා ගැනීම අති ගෞරවනීය හිමිනමකට වැදගත්. මන්ත්‍රී ධුරයක් අතහැරිය නොහැකි හිමි නමක් කෙසේ නම් සංසාරයෙන් එගොඩ වන්නද?(හේ)
පැවිද්දෝ වුණ රතන හිමිලා මෙහෙම හැසිරෙනකොට, ගිහියෝ වුණ මැති ඇමතිලා මොනවා නොකරාවිද? (නි)
ගරු රතන හාමුදුරුවනේ, මට හිතෙන විදියට ඔබවහන්සේ මන්ත්‍රී ධූූරයෙන් පමණක් නොව, චීවරයෙන්ද ඉවත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් (නි)
රතන හිමිගේ පහුගිය අවුරුදු පහේ ප්‍රතිපත්තිය වුණේ, තමන්ගේ වැඩේ කරගන්න රට අන්දවන එකද කියලා හිතෙනවා අපිට (නි)
රතන හිමි පමණක් නොව සියළුම හිමිවරුන් දේශපාලන කටයුතු වලින් ඉවත්වෙනවා නම් හොඳයි (නි)
ඔය කියන උන්නාන්සේලාත් ඔය ජරාජීර්ණ දේශපාලන කටයුතු වලින් අයින්වෙලා, ඒවා ගිහියන්ට කරගන්න ඉඩඇරලා, බුදුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට තමනුත් සසර දුකෙන් එතෙරවෙලා අනිත් අයවත් එ්කෙන් මුදාගත්තොත් නරකද? ගිහියෝ වැටිලා ඉන්න නරාවළේ තමනුත් වැටෙන්නේ නැතුව ඉන්න. දැන් චීවරය යුනිෆෝර්ම් එකක් විතරයි. එ්ක පළිහක් කරගෙන තියෙන්නේ (නි)
දැන් නම් යන හැටි හොඳ නැහැ. කොහෙද වැඩවාසය කළේ, කොහේටද වැඩියේ? දැන් "අන්තෝජටා බහිජටා" වෙලා නේද තියෙන්නේ. බුදුන් වහන්සේ වදාරා නැහැ තම සැදැහැවතුන් නොමඟ යවන්න කියලා. බුදු බණ අපිට වැඩිය ඔබ වහන්සේලා හොඳින් දන්නවා ඇතිනේ. (නි)
ලලිත් මහත්තයෝ, මේ රටේ බැලු බැලු අතේ බණ කියන අය ඉන්නවනේ. පොත් වලත් බණ තියනවනේ. බුදුහාමුදුරුවොම පහළවෙලා බණ කිවුවත් ඒවා මිනිස්සු අහනවා මිසක් පිළිපදින්නේ නැහැ. අපි බණ අහන්නෙත් සංගීත සංදර්ශන වලදී සින්දු අහනවා වගේම තමයි! බණ අහන්න ඔච්චර ආසයි නම් ධම්මපදය හොයා කියවන්න. ඒ ඇති! (නි)
රතන හාමුදුරුවෝ එක්ක මට නම් ගැටළුවක් නැහැ. ඒ ඒ වෙලාවට කරන්නට ඕනෑ දේ හරියට කරලා තියෙනවා. කලින් රජය පෙරළන්න ඕනෑ වෙලාවට ඒ වැඩේට මුල්වුණා. සමහරුන්ට එ්කට තරහ තවම තියෙනවා. කෘෂිකර්මාන්තයේ ලොකු විපර්යාසයක් කරගෙන යනවා. තව ඉතින්? (නි)
ස්වාමින් වහන්ස, මෙතෙක් ඔබ කළ සේවය අප අගයන්නෙමු! තවදුරටත් ඔබේ සේවය රටටත් ජනතාවටත් අනවශ්‍ය බව අප කරුණාවෙන් දන්වා සිටින්නෙමු (නි)
එකක් කඩතොළු වසාගන්නට දෙකක් කඩතොළු මසාගත්තැයි... (නි)
කිසිම ප්‍රතිපත්තියක් නැතුව කටයුතු කරන රතන හිමි යම් දිනකදී බුදුන් වහන්සේගේ උතුම් චිවරයද පාවාදුන්නත් අපි පුදුමවිය යුතු නැත. (නි)
අනේ අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා ඔය තනතුරු වලින් ඈත් වී මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න එකමුතු වෙන්න. (නි)
හෙළ උරැමය හැදුවෙ අපි. අපිට වගකීමක් තියෙනවා. රට ගැන. පැවිදි හඩක් පාර්ලිමෙින්තවේ තියෙන්න ඕනෑ. (ම)
අනේ අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා ඔය තනතුරු වලින් ඈත් වී මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න එකමුතු වෙන්න. (බ)
මන්ත්රීකමින් පමණක් නොව චීවරයෙන්ද ඉවත්ව රටින්ද යන්න ගියොත් තමා අපි සතුටු (නි)
ඔබ වහන්සේගේ අනුශාසන වලින් බලාපොරොත්තු ඉටුවෙන්නේ නැහැ. මුල් අවදියේ මෙන් ජ වි පෙ සමඟ එකතුව රටට වැඩක් කරන්න බලන්න (නි)
ඔය හාමුදුරුවරු දේශපාලනයට ආවේ සෝම හිමියන් ගොඩනැඟූ ජාතික හා ආගමික බලවේගය උපයෝගී කරගෙන නොවේද. අන්තිමට දේශපාලනයෙන් කළකිරී හිටි ඡන්දදායකයින්ගේ ඡන්ද වලින් යන්තම් පාර්ලිමේන්තුවට වැඩම කළා. එසේ වැඩම කරවීමෙන් රටට, ජාතියට, ආගමට, සංඝ සමාජයට කළ දෙයක් නැහැ කියන එකයි බහුජන මතය. (නි)