ආදායම් බලපත්රයක් නොමැතිව පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා අද (2) රුපියල් 5000ක දඩ නියම කොට තරයේ අවවාද කළේය.
මෙසේ දඩ නියම කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්ත මහතාගේ දියණියක වන යොහානසා ගීතංජලී රත්වත්ත නැමැත්තියටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
25000 දඩය කෝ.....? (නි)
මේ අයට ඡන්දෙ දීපු අයගෙන් ඕනෑ දඩේ ගන්න (නි)
එතකොට අර 25,000 දඩය අපිටද? (නි)
අන්න නියමයි. එහෙම තමයි වෙන්න ඕනෑ (නි)
මේ වරද සිදුකළ දිනය රු.25000 දඩය ක්රියාත්මකවීමට පෙර දිනයක් වෙන්න ඇති. ඒකයි. (නි)
රුපියල් 25,000 දඩය තවම බලාත්මක කරලා නැහැ. එය තවමත් යෝජනාවක් පමණි. එ්කට විරුද්ධවීම නිසා තමයි අහිංසක ජීවිත ප්රයිවට් බස්කාරයෝ බිලිගන්නේ. මම හිතන්නේ මන්ත්රී දුවෙකුට හෝ පුතෙකුට දඩ ගැසීම නීතිය ක්රියාත්මක වීමේ හොඳ ප්රවණතාවක්. (නි)
එහෙම වෙන්න ඕනෑ බව ඇත්ත. එ්ත් තාත්තා ආණ්ඩු පක්ෂයේ හිටියා නම් ඔය දඩය ලැබෙයිද? (නි)
ඇයට රියදුරු බලපත්රයක් ලබාගැනීමට මෙම දඩ රිසිට්පත හොඳ සහතිකයක් වේවි. (නි)
ඇයට ප්රයිවට් බස් එළවීමට නම් මේ දඩපත සුදුසුකමක් වනු ඇත (නි)
අපේ රටේ බහුතරයක් දේශපාලන දරුවන් සිතාගෙන ඉන්නේ මේ රට ඔවුන්ගේ සින්නක්කර පුද්ගලික දේපලක් කියලා. (නි)
ඇඟට දැනෙන දඩයක් ගැහුවා නම් තමයි හොඳ (නි)
තව ටිකක් දඩය වැඩියෙන් ගහන්න තිබුනේ (නි)
හිනාවෙවී දඩය ගෙවන්න ඇති. මොකද මෙයාලා පළදින සපත්තු කුට්ටමත් ඒ වගේ දෙතුන් ගුණයක් වටිනවා. (නි)