මන්ත්‍රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට රජය සැරැසෙයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙක් සිටිති. පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට යයි.
කාර්යාල දීමනාව ලෙස මාසයකට රුපියල් 75000ක් සහ පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් සඳහා රුපියල් 5000ක් ගෙවීමට මීට කලින් කළ යෝජනාව වෙනුවට මෙම දීමනා ගෙවීමට යයි.
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සිකුරාදා මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයට අත්සන් කළ බවද දැනගන්නට ඇත. මේ අනුව මාසයකට පාර්ලිමේන්තු රැස්වීම් අටකට සහභාගී වන මන්ත්‍රීවරයකුට රුපියල් 20000ක් ලැබෙනු ඇත.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ප්‍රතිලාභ ද වැඩිකිරීමට යයි. ඕස්ට්‍රේලියා රක්ෂණ සමාගමක් සමග මේ ගැන සාකච්ඡා කරගෙන යන බවද දැනගන්නට ඇත.
මන්ත්‍රී දීමනා වැඩි කිරීම ගැන විමසූ විට ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පැවසූයේ රජයේ සැලකිල්ල යොමුව ඇති බවත් ඇමැති මණ්ඩලයට මෙම යෝජනා ඉදිරිපත් කිරීම ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථා සංසෝධනයට ...බිලි බාන්න පොඩි පොඩි ඇම දානවා වගේ ... (ම)
සමහර මැති ඇමතිගොල්ලෝ වක්‍රාකාරව නීතියට පටහැනි දේවල් වලින් කෝටි ගණන් ආදායම් ලබනවා. මෙහෙන් පාර්ලිමේන්තුව ඒගොල්ලන්ගේ පඩි, දිරි දීමන එහෙම වැඩිකරලා. සාමාන්‍ය මහජනතාව බදු බරින් මිරිකිලා පාන්කඩ වගේ දුක් විඳිනවා. ඔන්න යහපාලනය. අනේ මෙහෙම තණ්හාවක්, මැතිඳුනි ලැබේද ඉන් සැනසීමක්. (නි)
ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් ශ්‍රී ලංකාවේ නැත . පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම වගේ එකතුවෙලා රට හූරා කනවා. විරුද්ධ වෙන කිසිවෙක් නැත. එසේ සිටිය උන්ට තනතුරු දී කැබිනට් එකට අැතුල් කරලාය. හැම පනතක්ම අනිවාර්යයෙන් අද සම්මත වෙනවා. පෙනුමට පමණක් සුළු සංඛ්‍යාවක් විරුද්ධව ඡන්දය දෙනු අැත . (බ)
මා නම් කුහක නැත. අපේ මැති ඇමතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් වී තිබෙනවා නේද. අපි කුසගින්නේ සිටියත් ඔබේ දියුණුව වෙනුවෙන් ඊර්ෂ්‍යා නොකරමු. නමුත්, මඩු වලිගයෙන් අපටම තලාගැනීමට නම් සිතක් පහළ වේ. (නි)
රටේ මජනතාවට සියලු බදු ගහල රටේ 225 අසීමිත සම්පත් ලබා දීම යහපාලනය නම් මේ පාලනය නොදෝමකින් ජනපති තුමනි ඔබ කියනා ආකාරට ඔබ තුමන් මෙරටේ ගොවියකු ගේ පුතකු ලෙස මේ යු ඇන් පී මිසදුටු පාලනය අහවර කර සැබෑ ජනතා පාලනයක් බිහි කරන්න එය ඔබ දෙමාපියන් ඇතුලු සිය ලු දෙනා නිවන් දකිනා මහා පුන්‍ය කර්මයක් වනු නොඅනුමානය. (බ)
මේක තමයි නියම රට. මොනවා කළත් ඔන්න බලන්නකෝ ඊළඟ ඡන්දය ආවහම උදේ හත වෙනකොට හුරේ පාරකුත් දාලා ඡන්දය දෙන හැටි අපේ තණකොළ බුදින උන්දැලා. (නි)
මේකද මහලොකු යහපාලනය මේවා කරන්නද ජනතාව මෙයාලට බලේ දුන්නේ .මහජන මුදල් මෙහෙම නාස්ති කරලා රටක් දියුණු කරන්නේ කොහොමද . ඊළඟ ඡන්දයේදී මේවාට නිවැරදි පිළිතුරු දෙයි මහජනතාව (බ)
මොළගෙඩි වලට හෙණගහලද සිහලුන්නේ? තවත් අදහස් දක්වා පළක් නැත. පාරට බැසියයුතු කාලය ඇවිල්ලා (නි)
පත්තර මල්ලි අහවලාට තවම පත්තර බෙදලා නැහැ වගේ. නැත්නම් ඉතින් එයා ඕක දැක්කා නම් කියනවනේ 'මම ඔතන හිටියා නම් ඕක වෙන්න දෙන්නේ නැහැ කියලා'. (නි)
මුන්ට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. !! කිසිම ලැජ්ජාවක් සහ හිරිකිතයක් නැති කණ්ඩායමක්. (බ)
හැන්ද තමන් අතේ නම් තමන්ට වැඩියෙන් බෙදාගැනීම මිනිස් ස්වාභාවයයි. ඡන්දෙ දෙන්න කලින් මේ ගැන දැනගෙන සිටීම අවශ්‍යයි. බලයට එන්න කලින් දෙන ලස්සන පොරොන්දු වලට නොරැවටිය යුතුයි. (නි)
මෙවන් යෝජනා ගේන උන්ටත් උන්ගෙන් යැපෙන පරම්පරාවටම හෙණ ගහනවා.....ගහනවා.....ගහනවා....(බ)
ආත්ත්මාර්ථ කාමය රජකරන, අනික්පැත්තෙන් පරිත්‍යාගය කතාකරන නරුමයෝ පාලනය කරන රටක්. (බ)
මම නම් එන ඡන්දෙදිත් අතින් වියදම් කරගෙන ඇවිල්ලා පෝලිමේ ඉඳලා කතිරේ ගහලා මන්ත්‍රී කෙනෙක් පත්කර ගන්නවා. මොකද එයා හරි ගොඩයයිනේ, රටයි අපියි නංනත්තාර වුණාට (නි)
ඔබ දෙදෙනාටම ජේසු සමිඳුගේ පිහිට ලැබේවා. (බ)
ජනතාවගේ කලදවස එන්න එන්නම පහළට බහිනවා. දැන් බලය රැකගන්න නොයෙකුත් දේවල් කරනවා. ජනතාව තව තවත් පහළට වැටෙනවා. බදු ගහනවා. දඩ ගහනවා. මෙහෙම ආණ්ඩුවක් පත්කරලා ජනතාව කරගත්ත විනාශයක්. (නි)
මේ අය නඩත්තු කිරිම පමණයි රටේ වෙන්නේ (බ)
එහෙම නොකර කොහොමෙයි බැදුම්කර වංචාවේ චෝදනාවෙන් ලොක්ක නිදහස් වෙන්නේ? මන්ත්‍රීන් සේරටම පගාව දෙන එකයි ඔය කරන්නේ. ඉවසන්න තව ඉවසන්න. (බ)
හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! (නි)
දුප්පතාට බදු ගහන ගමන් බත්බැලයන්ට තවත් දීමනා දෙන්න යෝජනා කරනවා. නැතුව ඉතින් බැහැනේ මේ ටික රඳවාගන්න. මේවා කියලද ඡන්දෙ ගත්තේ? තිබුණු රජය මීටවැඩිය දසගුණයක් හොඳයි. අඩුම තරමේ රට ගැන හිතුවා. මේවා මේ අාත්මේම පළදෙන්න ඕනෑ අපේ ඇස්දෙකට පෙනෙන්න (නි)
අනේ දෙවියනේ, මොවුන්ට හොඳක් නම් වෙන්න එපා. පාරක් පාරක් ගානේ විඳවන්න සිද්ධවේවා! (නි)
ප්‍රනීත්, මල් පක්ෂය ගැන කතා කරන්න කලින් මේක කරපු අය ගැන කතා කරන්න. අනිත් එ්ක ඔක්කොම ගන්නවා නම් ඒගොල්ලෝ විතරක් ගන්නේ නැතුව ඉන්නේ ඇයි? (නි)
මුන්ට හෙණ ගහන්නේ නැහැනේ.. මහජන මුදල් මෙහෙම කාබාසිනිය කරනවට... ඇත්තටම මේවට නඩු දාන්න බැරිද මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම කියලා..(බ)
මේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ගේ ශාපය වැදුනදාට දුවන්න පාරත් ඉඩ මදිවෙයි. අදාළ බලධාරීතුමාට මේවා පේන්නේ නැද්ද. කටින් නම් බතල කොල හිටව හිටවා යනවා අපි හරක් කියල හිතලා. මොනවා කළාටද මේතරම් මොවුන්ට ගෙවන්නේ. අපි කාල ඇඳලද මොවුන්ව නඩත්තු කරන්න බදු ගෙවන්නේ. දියවන්නාව තරම් මේ රටට විනකරපු තවත් තැනක් නැතුව ඇති. ඕකේ මහජනතාව වෙනුවෙන් හොඳක් කරන්න ගත්ත තීන්දුවක් නම් නැහැ. (නි)
දැන් ඔය මල් පක්ෂයේ ඉන්න තුමාලා ඕව ගන්නේ නැහැ නේද ? ඉස්සර වුනත් ඔය කිසි දෙයක් ගත්තේ නැහැ නේද ?අපිට කොරන්න දගලන දැගලිල්ලට පෙනෙනවා ඔය කිසිදෙයක් නොගෙන දිගටම අපිට කොරයි කියල (බ)
පසුගිය කාලේ අය හොරකම් කෙරුව කිව්වට දැන් අය නිල වශයෙන් හොරකම් කරනවා රොත්ත පිටින්ම හොඳයි සන්තෝසයි (බ)
ලාංකික අපි දැනටමත් දියවන්නාවේ 225 නඩත්තු කරනවා උන්ට දෙන පුන්නක්කු වැඩිකරන්න මේ යෝජනා ගේන උන්ටත් උන්ගෙන් යැපෙන පරම්පරාවටම හෙණ 7 ම වැදියන් ....(බ)
යහපාලනයත් ඉල්ලන් කන්න තමයි හදන්නේ (බ)
රජය සේවකයන්ටත් දෙන්න මේ සියලු දීමනා (බ)
තොපිට හෙන ගහපියව්. අහිංසක ජනතාව මුලා කළේ ඕකටද යක්කුනේ? (බ)
මේ දවස් වල සැරට අකුණු ගහනවා . අකුණු සන්නායකයක් අරන් යන්න යන යන තැන . මිනිස්සු හෙණ ඉල්ලනවා .(බ)
මම නම් හිතන්නේ නැහැ ලංකාවේ වර්තමාන තත්වය දන්නා ලෝකේ කිසිම රටක රක්ෂණ සමාගමක් ලංකාවේ මන්ත්‍රීවරුන් සුළු වාරිකයකට රක්ෂණය කරයි කියල (බ)
කෝ අර ලොකු මහා සත්ව කරුණාව තියන යහපාලනයේ ලොක්කා? කතාවට නම් අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න. හෙණ ගහනවමයි මුන්ට. (බ)
විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කරලා අමු වහක් කෑව නේද. දැන් කිසිම පාලනයක් නැහැ .උතුමාණෙනි ඔබතුමාට දිවංගත ගරු ජේ. ආර් . ජයවර්ධන මැතිතුමාගේ බුද්ධියට කිට්ටු කරන්නවත් බැරි බව දැන්වත් වටහා ගන්න. (බ)
පඩියට අමතරව පැමිණීමේ දීමනාවක් මොකක්ද මේකෙ තේරුම එහෙනම් රජයෙ අනෙක් සේවකයන්ටත් පැමිණීමේ දීමනා දීපියව්...(බ)
වාසනාවන්, හරිම සන්තෝෂයි, මගේ ඡන්දෙට අපමණ අගයක් ලැබී ඇතිබව යලිත් වතාවක් මොනවට පැහැදිලිවී ඇත, (හේ)
මේ දේවල් කරන දේ හරිද? රටේ මෙච්චර ප්‍රශ්න තියාගෙන වාහන ගන්න එක.(හේ)
මේ කරන දේවල් වැඩි කල් හරියන්නේ නෑ.(හේ)
මේක නම් හරිම අසාධාරණයි.(හේ)
මේවෙලාවට තමයි ප්‍රභාකරන්ගේ අගේ තේරෙන්නේ මුන් ටික මරාගෙන මැරෙන්න (බ)
මේකේ අඩන කට්ටියට මේ කියන්නේ මේ අයව පත්කරලා අැරියේ ඔයාලම නේද එහෙනම් ඔයාලටම පුළුවන් ඊළඟ ඡන්දයේදී මේ කට්ටිය ගෙදර යවන්න එ්කියන්නේ කැහි ගැහැණි දීල හොටු ගැහැණි ගේන්න කියන එක නොවේ බුද්ධිමත්ව හොද අයව දියවන්නාවට යවන්න කියල (බ)
මේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ජනතාවට ප්‍රකාශ කරනවා නම්.(හේ)
කොහොමද යහපාලනේ.(හේ)
සතුටුයිද දැන්.(හේ)
මෙහෙමත් රටක්.(හේ)
ලබන ඡන්දෙදි මහජනයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. (හේ)
මේ ලිට්ච්චවී රජදරුවෝ පාලනය කරපු ආකාරයද?(හේ)
රටට යහපතක් කරනවා නම් කීයක් ගෙව්වත් කමක් නැහැ . (හේ)
ඊළග මැතිවරණයේදි මොනවා කරන්නද මන්ද .(හේ)
දෙන්න දෙන්න මහජනතාව පත් කරලා යවපු අයට විතරක් පින් ඇමතිලා සහ ලිස්ට් වලින් ආපු අයට නෙවේ , කොහොම දීමනා ගත්තත් ආණ්ඩු කරන්නේ , මුදලාලිලා, දොස්තරලා, රියදුරන් , (බ)
රක්ෂණය කෙසේ වෙතත් අර ජගත් කියපු ජාතියේ ආරක්ෂකය සියලු පක්ෂ විපක්ෂ මැති ඇමතින්ට ලබා දුන්නොත් හොඳයි. (බ)
ආණ්ඩු කරන ඉහළ ඉඳන් පහළ දක්වා උදවියට පහුගිය මැතිවරණවලදී ජනතාවට දුන්නු කප්පරක් පොරොන්දු අමතක වීම මහා ඛේදවාචකයක්. ඉතින් එවන් උදවියම රටේ තත්වය දැන දැන, මෙවන් අසාධාරණ ඉල්ලීම්වලට යාම 'යහපාලනය‘ කියන නමටත් කැතයි. උනුත් එහෙමයි, මුනුත් එහෙමයි කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද..? (බ)
සැම දෙනාම ඊළඟ මැතිවරණයේදී තමන් කැමති පක්ෂෙට කතිරය ගසාවි. එහෙත් මනාපය දෙනවිට වඩාමත් උගත් බුද්ධිමත් බව බලන්න. (බ)
මම දන්නා ඇමතියෙක් ඉන්නවා ඌ මාත් එක්ක එකට පාසල් ගියෙත් කලින් ගොඩක්ම දුප්පත් ,,දැන් මූ ගිය ස්කොලේ ගමේ ස්කොලේ කියනත් ලැජ්ජය්, මු දැන් කොළඹ ඉගෙනගත්ත වගේ තමය් කතාවත්,(බ)
හුරේ... අපේ යහපාලන ඡන්ද පොරොන්දු එක එක ඉෂ්ට වෙනකොට අපිට මොන තරම් සතුටුද?(හේ)
බොස් පාර්ලිමේන්තුවේ සැප සේ ඉන්න කොට රියදුරු මහත්තයා පාර්ලිමේන්තු රථගාලේ සැප කාර් එක ගාල් කරගෙන විදුරු වහගෙන එන්ජිම ඉස්ටාර්ට් කොරගෙන ඒ සී දාගෙනම සැපට බුදි. තෙල් ගහන්නේ අපි නේ. (හේ)
සුනිල් කිව්ව දේ හරි..(හේ)
දැන් මේ අය සැප වීදි අපි දුක්විදි?(හේ)
සුනිල් කිව්ව දෙය ඉතාමත් සැලකිල්ලට ගත යුතුයි .මෙය රජයේ කාර්යාලවල බොහෝ තැනක සිදුවෙන දෙයකි . (හේ)
ඒ කියන්නේ මේ හැම නාස්තියක්ම පියවන්න ඕන බදු වලින්ද. නාස්ති නැති කිරීමට ඕන නැතිද.(හේ)
මහජනතාවගේ බර අඩු කරනවා වෙනුවට බදු ගහලා, දඩ වැඩිකරලා මේ අය ඔක්කොම සුරසැප විඳිනවා. (හේ)
රට ජාතිය ගැන හිතන්නේ නැතිව බඩ ගැන හිතපු කට්ටිය ගැන හරිම දුකයි. සංවර්ධනයේ සේයාවක් වත් නැ. (හේ)
මේ ගොල්ලෝ යහපාලනයක් කියාගෙන ඇවිත් මිනිස්සුන්ට දේශපාලකයෝ තිත්ත කරලා තියෙන්නේ. (හේ)
මේවට මොනා කියන්නද? (හේ)
විදේශ රැකියා ඇමැතිට (මුදලින් කොටසක්) රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයක්, තැපැල්, තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයක්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්) හැත්තෑ පන්ලක්‍ෂයක්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් එක්‌කෝටි හතළිස් ලක්‍ෂයක්, විපක්‍ෂ නායකවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයක්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි හතක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමැතිවරයාට තවත් තුන්කෝටි පනස් ලක්‍ෂයක්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි හතක්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයක් ඉල්ලා ඇත. යහපාලනයට කඩේ ගිය අපිට ඇදුමක් ඇදගෙන රට/ගමට එන්නත් නැති කරලයි තියෙන්නේ. (බ)
මේවා හෙන ගහන අපරාධ ,,,,, රටේ දුප්පත් ජනතාවට බදු බර පටවලා දේශපාලුවෝ සදාකල්හිම සැප විදිනවා ,,,(හේ)
මේ දේවල් දකිනකොට ගොඩක් දුකයි.(හේ)
කමක් නෑ. මේ ඉන්න අවුරුදු 2, 3 කරගන්න දෙයක් තමයි . ලබන ඡන්දෙන් පස්සේ කොහොමත් අවුරුදු ගානකට ආයෙත් විපක්ෂයෙනේ. (ම)
වෙනස සැපයි නේද? අපි තව බදු ගෙවල මේගොල්ලන්ට කන්න දෙමු!! (ම)
හිටපු අය රටේ ධනය හොරකම් කළ බව කිව්වා. ඉන්න අය මේ කරන වැඩෙත් හොරකමක් තමයි. ඒ වුණාට මේ කිසිවක් හොරකම් කියලා ඔප්පු කරන්න බැහැ. ඒකට තමයි කියන්නේ දේශපාලන පරිණතභාවය කියලා. (නි)
මේවා හෙණ ගහන අපරාධ. ජනතාවට අහස උසට බදු බර පටවලා පාර්ලිමේන්තුවේ ඉන්න අයට සියලු වරප්‍රසාද. නියම වෙනස! (නි)
ඔන්න ජනතාවට සහන දෙන විදිහ. (ම)
ජනාධිපතිතුමනි, බලය රැකගැනීම සදහා ජාතික ධනය විනාශ කිරීම නැවැත්වීමට මැදිහත්වන්න. මෙය ඔබතුමාගේ කීර්ති නාමයට කැළලක් (නි)
ජනතාවනේ, ගනිල්ලා මඩුවලිග අතට. යමල්ලා දියවන්නාවේ ටිකට හොඳ පාඩමක් උගන්වන්න. අනේ 1789 ප්‍රංශ ජනතාව කරපු දේ අවුරුදු 250 ගිහිල්ලවත් කරගන්න අපට බැරි හැටි. (නි)
තොපිට වැහිනැති හෙණ ගහන්නෝන කරන අපරාධවලට. මහජනතාවගේ බර අඩු කරනවා වෙනුවට බදු ගහල, දඩ වැඩිකරලා මුන් ඔක්කොම සුරසැප විඳිනවා. ලබන ආත්මේ තොපි සත්තුවෙලා ඉපදිලා මේවා ගෙවපිය. (බ)
ජනතාවටම පාට් දමා ජනතාවගේ මුදලින් යැපෙන ජාතියක් වුණ ලංකාවේ දේශපාලකයෝ... (නි)
විකල්පයක් නොමැත, 2020 ජවිපෙ ආණ්ඩුවක් හැර. ඔවුන් පමණි හඬ නැඟුවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී දීමනා කප්පාදු කරන්න. එමනිසා මේ යෝජනාවට ඔවුන් එකහෙලා විරුද්ධ වෙනවාට නම් සැකයක් නැත. මිනිසුනේ, දැන් බොරුවට හෙණගහන්න ඕනෑ කියන්න එපා. මොකද ඔබ විසින්ම සාදපු පාර්ලිමේන්තුවයි මේ. (නි)
මේවට කාලය ගෙවාගෙන අදහස් දාන එකෙනුත් වැඩක් නැහැ කියලා හිතෙනවා (නි)
60% ශ්‍රී ලාංකික මෝඩයින්ට සතුටුයිද දැන්? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ශ්‍රී ලාංකික මෝඩයින්ගෙන් යැපෙන දියවන්නාවේ සිටින පින්වන්තයෝ නිවන් දකිත්වා! (නි)
යහපලනයට ජයින් ජයම වීවා....!!!!! (ම)
හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! (නි)
ඡන්දය දුන් ඔබ සැමට ස්තුති ! (ම)
බලන්නකෝ, ස්වභාව ධර්මයත් දුප්පත් අපට විරුද්ධයි වගේ. අකුණු වදින්නෙත් කුඹුරුවල වැඩ කරන දුප්පත් මිනිසුන්ට. මේ අය මුලින්ම සැප වාහන ගෙන්වාගන්න අනුමත කරගත්තෙ හෙණ වදිනවට බයේ වියයුතුයි. සැප වාහන තමයි හොඳම අකුණු සන්නායකය. (නි)
මේකත් අල්ලස් දීමක් තමයි (නි)