කොස්ලන්ද මීරියකන්දේ මහා පස් කන්දේ සැඟවුණු බාල මහළු තරුණ ජීවිත ප්‍රමාණය හරි හැටි දැන ගැනීමට ටික දිනක් ගත වෙතියි වත්තේ ආරංචි කියයි.
අදත් මහ වැසි වැටුණොත් කන්දේ ඉතිරි කොටස් නාය යතියි අනතුරු අඟවා ඇත.
ගණනක් ජීවිත පැහැර ගැනීමට මේ පස් කන්දට මිනිත්තු හතරකට වඩා කාලයක් නොගිය බව සිද්ධිය දුටුවෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය සැමට නිවන් සුව පතමි. මෙවැනි විපත් යලි නොම වේවා ! අවතැන් වුවන්ට උදව් උපකාර කීරිමට එකමුතු ලංකා අපි සැම සුදානම් වෙමු. (නදී)
සියළු දෙනාගේම අහිමිවූ ජීවිත වලට ශාන්තියක් උදාවේවා! (නි)
හරිම කනගාටුයි. දැන් යන්තම් ජීවිතේ ගලවාගත් අයට අපි පිහිට විය යුතුයි නේද ? අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ළදරු කිරිපිටි ඇඳුම් වගේ දේවල් ඒ අයට අවශ්‍ය ඇති. මේ අපේ ආර්ථිකයට තේ දළු කඩලා උදව් කරන මිනිස්සු. අපිත් හැකි පමණින් මේ විපතේදී ඔවුන්ට පිහිට වෙමු. (නදී)
ආයිමත් කවදාවත් මේවගේ ඛේදවාචකයක් අහන්නවත් ලැබෙන්න එපා...!! (අ)
පොලවේ පාපය වැඩිවෙන විට සොබාදම පවා මිනිසාට එරෙහි වෙනවා. මේ නිසා සෑම මොහොතකම ලොව මැව් ලොවේ එකම අදිපති දෙවියන් වන්සේගේ කරුණාව උදය සවස අප සියලු දෙනා යදිමු. මියගිය සියලුම දෙනාට ස්වර්ග රාජ්‍ය ලබන්න ලැබේවා දෙවියන් වන්සේට ස්තුති වේවා (නදී)
මරණයට ආගම ජාතිය ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ ඡායාරූප දැක්කම හිතෙනවා බුදුදහම කොයිතරම් සත්‍යද කියලා.තමන්ට පිහිට තමන් විතරමයි. අපි හැමෝම මැරෙනවා කියන එක තේරුම් අරගෙන ජීවත්වෙමු (නි)
මේ ප්‍රදේශය නාය යාමක් සිදුවන පැත්තක් හැටියට 2005, 2011 වර්ෂවලදී මේ නිවැසියන්ටත් වතු අයිතිකාරයින්ටත් රජයෙන් දැනුම් දීල තියෙනවා. පදිංචිය සඳහා වෙනත් ස්ථානත් ලබා දී තිබුන බවයි කියන්නේ. ඒත් මේ අවාසනාවන්ත පිරිස වෙන තැනක පදිංචියට යන්න කැමති වෙලා නැහැ. මරුවා එනතුරුම ඒ රජයේ දැනුම්දීම් ගණන් නොගත් එකේ විපාකයනේ මේ. (නදී)
මියගිය සියලුදෙනාට නිවන්සුව අත්වේවා! එම පවුල්වල අයට මගේ බලවත් ශෝකය. මින් මතු මෙවැනි දුක්බර සිදුවීම් නොවීමට සියලු දෙනා එක්වී ක්‍රියාත්මක වෙමු. (නදී)
මියගිය සැමට නිවන් සුව ලැබේවා! ජිවත්වෙලා ඉන්න අනිත් අයට උදව් කරන්න සියලු දෙනාම එකතු වෙමු. (නි)
මියගිය සියලුම දෙනාට නිවන් සුව අත් වේවා! මෙවන් දුකක් කිසි කෙනෙකුට අත් නොවේවා (නදී)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියලා එකක් තියෙනවා නායයෑම් පරික්ෂා කරන්ඩ. ඒ නිලධාරීන් හරියට වැඩ කරානම් ලංකාවේ මෙහෙම විපත් වෙන්නේ නෑ. (නධී)
එක එක්කෙනා එක එක දේවල් කියයි.ඒ කොහොම වෙතත් පනපිටින් වැළලුනු ජනතාවගේ පවුල්වල දූදරුවන් ඇතුළු යැපෙන්නන් ආරක්ෂා කිරීමත් ඔවුන්ගේ මානසික තත්වය යථා තත්වයට ගෙනඒමත් ඒ වගේම ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් ස්ථිර වැඩපිළිවෙලක් සකස් කිරීමත් ජීවත්ව ඉන්න සෙස්සන්ගේ යුතුකම හා වගකීමයි. (නි)
සියලුම දෙනාටම නිවන් සැප අත්වේවා! (නි)
මියගිය සැමට නිවන් සුව පතමි. සුන්බුන් අස්සේ ජිවිත හානියක් නොවී බේරී සිටින කිහිප දෙනෙකු හෝ සොයා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි (නි)
සියලු දේවල් මොහොතින් නැසෙනසුළු ලෝකයක සෑම මොහොතකම අවදානම කරා පියනඟන අහිංසක මිනිස් ජීවිත... ඔබ සැමට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. (නි)
මියගිය සැමට නිවන් සැප ලැබේවා! (නි)
සැමටම නිවන් සැප ලැබේවා! කාටවත් මෙවන් විපතක් නොවේවා! (නි)
මියගිය සැමට නිවන් සැප ලැබේවා. (නදී)
නිවන් සුව අත්වේවා (නදී)
බුදුන්ගේ දහම අනුව ජීවත්වෙන්න. ඉපදෙන හැම කෙනෙක්ම මරණයට පත්වෙනවා. මැරෙන්නේ කොයි මොහොතේද දන්නේ නැහැ. එය වෙන්නේ කර්මය අනුවයි. තමන් හොඳ වැඩ කරන්නේ නම් මරණයටද බය වියයුතු නැහැ. (නි)
මියගිය සැමට නිවන් සුව අත්වේවා! ජාති ජාති මෙවන් විපත් වලට ගොදුරු නොවේවා! (නි)
සියලු දේවල් මොහොතින් නැසෙන සුළු ලෝකයක සෑම මොහොතකම අවදානම කරා පිය නගන අහිංසක මිනිස් ජීවිත ඔබ සැමටම නිවන් සැප ලැබේවා! (නදී)
දැන් පුළුවන් තරං ඉන්න අය බේරන්න බලන්න. 2002 රත්නපුර ගංවතුර වෙලාවේ මම වොලන්ටියර් කෙනෙක් හෙටියට වැඩ කරා. මේවගේ අනතුරු වලට ප්‍රදාන හේතුව මිනිස්සු භයානක කදුවල ගෙවල් හැදීම සහ වනාන්තර එළිකිරීම. අපි කවදාවත් පරණ දේවලින් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. (නධී)
අතිශය කනගාටුජනක පුවතකි. මියගිය සියල්ලන්ට නිවන් සුව ලැබේවා. (බ)
නිවන් සැප ලැබේවා! මෙය මිනිසුන් වන අපට දරාගත නොහැකි දුකකි (නි)
කණගාටුව නම් අපරාධ කරන අය පසෙක සිටියදී අහිංසකයන්ට මේ දේවල් සිදුවීමයි. ඔබ සැමට නිවන් සුව..! (නි)
එක වැකියකින් කියන්න පුළුවන්... හතුරෙකුටවත් මෙවන් දුකක් නොවේවා! (නි)
මියගිය සැමට නිවන් සැප ලැබේවා! මෙවන් සිදුවීම් කාටවත් සිදුනොවේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
මනෝජ් - සාජා,නිමල් රණසිංහ,ප්‍රියංකර, චන්දන ,යසිත් ජයසිංහ ,විල්මා ඒකනායක, ඔබගේ අදහස් හරි වැදගත්. ඒ වගේම අපිත් මියගිය අය වෙනුවෙන් අල්ලාහ් දෙවියන්ට යාඥා කරනවා, ජාතිබේද නැතුව සියලුම දෙනා ආරක්ෂා කරදෙන්න දෙන්න කියා. (නි)
කිසිම ස්ථිර බවක් නැති මේ සසර ගමනේ අනුන්ට හිංසා නොකර මේ සමාජයට කිසියම් අර්ථවත් දෙයක් කර ඇසපියා ගන්න මට ශක්තිය ලැබේවා ! (නි)
ක්‍රමානුකූල නොවන ඉදිකිරීම් හා ප්‍රමිතියක් නැතුව මේ මිනිසුන් පදිංචි කිරීමේ හා ඡන්ද අපේක්ෂාවෙන් පදිංචි කරවීමේ පාපයට හැමෝම හවුල්කරුවන් වේවි. දැන්වත් කඳුකරයේ සුන්දරත්වය හා එහි වෙසෙන ජනයාගේ සුරක්ෂිතභාවය සුදුසු ලෙස තහවුරු කරන්න හැකිවේවා! මියගිය හැමට අමාමහ නිවන් සුව අත්වේවා...!!! (නි)
ඉතාමත් කෙටි කාලයකින් ජිවිත අහිමිවුණා. අහිමිවුණ ජීවිත වලට ජේසු පිහිටයි! තවත් ජීවිත අසරණ වෙලා. විශේෂයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් යමක් කිරීමට තිබෙනවා. (නි)
කවුරුන් කෙනෙකුට මෙවන් දුක් ඇති නොවේවා.! (ර)
මිය ගිය සැමට නිවන් සැප ලැබේවා.! මේ ප්‍රදේශයට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න දෙන්න එපා. තවත් නාය ගියොත් මේ මිනිස්සුත් යට වෙයි. (ර)
පව්.! එත් එක ඒ අයගේ ඉරණම කියන නොතේරෙන කතාවෙන් ඉවර කරනවා දුක වැඩි කමට ලියන්න තේරෙන්නේ නැ... (ර)
මෙවන් විපත්වලදී අපි සැවොම ජාති ආගම් කුල පක්ෂ බේදයකින් තොරව කරන්න හැකි දේවල් කරමු. මියගිය සැමට නිවන් සුව (නදී)
මියගිය සැමට නිවන්සුව ලැබේවා...අපි හදවතින්ම මොවුන්ට සහය වෙමු. (නදී)
සියලු දේවල් මොහොතින් නැසෙන සුළු ලෝකයක සෑම මොහොතකම අවදානම කරා පියනගන අහිංසක මිනිස් ජීවිත ඔබ සැමටම නිවන් සැප ලැබේවා! (ර)
අපි ඉන්නේ පිටරට, සිද්ධිය අහල කම්පා වෙනවා. ඒ උනාට හරි ෆොටෝ ටිකක් දාන්න, මොනවද මේ දාලා තියෙන්නේ, මුණු දාලා වැඩක් නෑ, සිදිධිය හරි විදිහට දාන්නකෝ. (ර)
අපරාදේ ජීවිත සැමටම නිවන් සුව අත්වේවා! මෙවන් සිදුවීම් කාටවත් අත් නොවේවා පාර්ථනා කරමි. (ර)
මේ සියල්ලම අහිංසක ජීවිත නොවේද? (නි)
ස්වභාවය විසින්ම ස්වභාවය විනාස කළ අවස්ථාවක්.පෙර අනතුරු හැගවීම් පිළිපැද්දානම් සිදු වුණු විනාසය අවම කරගන්න තිබුනා.(අ)
මම නම් කියන්නේ ඔය අහිංසක මිනිසුන්ගේ ජිවිත වලට වග කියන්න ඕනා පාලකයෝ. 2005 සහ 2011 ඔතන නාය යන අවදානම් කලාපයක් ලෙස නම් කර තියෙද්දි එ් ගැන වග කිවයුතු කවුරුන් හෝ හොයා බලා විසඳුමක් දුන්නා නම් අද මේ අහිංසක මිනිසුන්ට මේ දේ වෙන්නෑ. අපේ රටේ හැම දෙයක්ම උනාට පසු හොයන විසදුම් නේ තියෙන්නේ (නදී)
මිය ගිය සැමට හා පවුල්වල සාමාජිකයින්ට මාගේ හදපිරි ශෝකය ..!!!! (අ)
සැමට නිවන් සුව. බලාගෙනයි ජේ වී පිය දේශපාලනය ඈදාගනිවිද දන්නේ නැහැ. ඒ අයගේ ක්‍රමය එ්කනේ (නදී)
ඇයි දුප්පත් මිනිස්සුන්ට ම මෙහෙම වෙන්නේ (නදී)