(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමේ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මුල්‍ය වාර්තා සහ ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා අද (17) එම සමාගමට නියම කළේය.
ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමේ මුල්‍ය වාර්තා සහ ලිපි ලේඛන පරීක්‍ෂා කිරීමට කොමිසමට බලයක් නැති බවට ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කළ දැනුම් දීමක් ඉවත දැමු කොමිසම මුල්‍ය වාර්තා සහ ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙස ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමට නියම කළේය.
ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමෙ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසම අමතමින් අදාළ වාර්තා කොමිසමට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිය මාරු වුනාට පස්සේ මෙන්ඩිස් ලේබල් අරක්කුවල තත්වය ඉතාමත්ම පහත වැටුන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් වේවා!