IMG-LOGO

මුන්ටාසා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආධාර ලබාගන්නා ලකුණු

Park

 

වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති මුන්ටාසා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට රජය කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. මෙම උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යම් මුදලක් වෙන් කිරීමට නගර සභා සහ පරිසර ඇමැති මොහොමඞ් බින් අබ්දුල්ලාහ් අල් රුමායිහි මහතාට අවශ්‍ය වුවත්, එම අරමුදල් සොයා ගැනීම අසීරු වුවහොත් ඒ සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගනු ඇති බව “ද පෙනින්සියුලා” පුවත්පත වාර්තා කරයි.


ජනාකීර්ණ අල් මුන්ටාසා හි පදිංචිකරුවන් ගේට්ටු වසා දමා ඇති උද්‍යානය වෙත පැමිණෙන්නේ බොහෝ කාලයක සිටය. පසුගියදා මෙම උද්‍යානය වෙත ගිය “ද පෙනින්සියුලා” පුවත්පතේ වාර්තාකරුවකුට කහ පැහැති ඇඳුමකින් සැරසී සිටි සේවකයක් පවසා ඇත්තේ “ඔබට උද්‍යානය ඇතුළට යන්න බැහැ” යනුවෙනි. “ඇතුලේ බැලදියා (නගර සභාව) අය වැඩ කරනවා” යැයි තවත් සේවකයෙක් පවසා ඇත.


කෙසේ වෙතත් ඇවිදීමට සහ දිවීමට පැමිණෙන පිරිසට උද්‍යානය විවෘත නොකරන්නේ ඇයිද? යන්න ගැන අදහසක් නැත.


“උද්‍යානය වහලා දාලා දැන් අවුරුදු ගාණක් වෙනවා. ඊට හේතුව අපි දන්නේ නැහැ” යනුවෙන් පවසන්නේ අවට පදිංචිකරුවෙකි.


නගරය මැද ඇති මෙම හරිත කලාපය වසා දමා ඇත්තේ ඒ තුළ ඇති යටිතල පහසුකම් ඉදිකිරීම නිසායැයි නගර සභා ආරංචි මාර්ග පවසයි. “ඉස්සෙල්ලාම වහළා තිබ්බේ මාර්ගය පුළුල් කරන නිසා. දැන් දෝහා මෙට්රෝ ව්‍යාපෘතිය නිසා වසා දමලා” යනුවෙන් එම ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් භුගත දුම්රිය මාර්ගයේ වැඩ අවසන් වූ පසුව උද්‍යානය යළි විවෘත කරන බව ද දැනගැනීමට තිබේ.


එසේම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සහ නව දෝහා සත්වෝද්‍යානයේ සංවර්ධන වැඩ ගැන ඇමැතිවරයා සෘජුවම නිරීක්ෂණය කරන බවද පැවැසේ. හෙක්ටාර 75 ක භූමියක පුරා විසිරී ඇති නව දෝහා සත්වෝද්‍යානය දැනට පවතින සත්වෝද්‍යානයට වඩා හත් ගුණයක් විශාලය.



අදහස් (0)

මුන්ටාසා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආධාර ලබාගන්නා ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site