නෙහාරා සහ මේනක විවාහයෙන් පසුව පුවත්පත් පිළිසඳරවලට එක්වූයේ නැති තරම්ය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර නෙහාරා සඳැල්ල සමග කතා බහකට එක් වූයේ මෙලෙසිනි. ඇයගේ ජීවිතයේ වෙනසක් වෙන්නත් යනවලූ. මොකක්ද මේ වෙන්න යන වෙනස? මේ දෙදෙනාම ක‍්‍රියා කාරී දේශපාලනයට පිවිසෙන්න ද? මේ සූදානම් වන්නෙ? නෙහාර ඒ සියල්ල ගැන සඳැල්ලට කීවේ මෙලෙසිනි.
නෙහාරා අද දවසේ වැඩ කටයුතු කොහොම ද?
නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ නවතම ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය 1920 ගණන්වලට අයත් වූ කතාවක් පදනම් කරගෙන කරන නිර්මාණයක්. ඒත් එක්කම මෙවර ‘‘රිදී රැයක්’’ රියසල්වලට දායක වෙනවා. සිරස ප්ලැටිනම් එවෝඞ් එකටත් රියසල් කරනවා. ඒ ඔක්කෝටම අමතරව දෙරණ ටී පාටි සහ මල්බර දෙරණ වැඩ සටහන්වලට නිවේදනයෙන් දායක වෙනවා.
ඇත්තටම අපට විවේකයක් ඕනෑ වුණා. ඉතින් අපි සති තුනක විතර කාලයක් ඩුබායිහි සංචාරයේ නිරතව හිටියා.
කොහොම ද විවාහයෙන් පසු ජීවිතය? ඒ ගැන හිතෙන්නෙ කොහොමද?
ඉතාම සතුටින්, ඒත් කාර්ය බහුලව ගෙවුනු බව කියන්න පුළුවනි.
තිරයේදී මේනක ඔබගෙ පෙම්වතා වුණා. සැබෑ ජිවිතයේ දී සැමියකු ලෙස ඔහුගේ භූමිකාව මොන වගේ ද?
සැමියකු ලෙස බොහෝම වගකීමක් ඇතිව ජීවත්වන කෙනෙක්. ඕනෑම දෙයක් ගැන බොහොම ලෙංගතුව කතා කළ හැකි චරිතයක්. නළුවකුගෙ චරිතය ඔහු ගෙදර දී කරන්නෙ නැහැ. බෙහෙවින්ම සාමාන්‍ය සරල චරිතයක්. එයාට මා කෙරෙහි ලොකු තේරුම් ගැනීමක් තියෙන්නෙ. හරිම ලෙහෙසියි ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න.
ඔහු කරන්නන් වාලේ කිසිවක් කරන්නෙ නැහැ. හැම දෙයක්ම මා එක්ක සාකච්ඡුා කරලා තමයි තීරණ ගන්නෙ. අපි දෙදෙනා අතරේ ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
ගෙදර වැඩට උදව් කරන්න හරිම ආසයි. මොන විදියකින් හෝ සහයෝගය දෙන්න අහනවා. අඩු තරමින් ලූණු ගෙඩියක් හෝ සුද්ද කරලා දෙන්න ද කියලාවත් ඒත් මම ඒකට කැමති නැහැ.
මට ඕනෑ කරන්නෙ ගෙදර ගෘහණියක ලෙස මගෙන් ඉටුවිය යුතු සියලූ දේ එයා වෙනුවෙන් කරලා දෙන්නයි.
හොඳ රසට උයන්න පුළුවන් කියලා හිතනවා.
නෙහාර ස්පෙෂල් වට්ටෝරුවක් ගැන සඳැල්ල පාඨකයන්ට කිව්වොත්?
අපි රස චිකන් කරියක් හදමු. ඒකට අවශ්‍ය ප‍්‍රමාණයට චිකන් (ස්කින්ලස්) කෑලි කපලා. එකට තුනපහ, වතුර, ලූණු, මිරිස් කහ සෝයා සෝස් ගල්වා විනාඩි 20ක් විතර පදම්වෙන්න තියන්න. අමතරව සුදුළුණු, ඉඟුරු, කරපිංචා, සියඹළා සියල්ල පිළියෙල කර තබා ගන්න. පසුව ඒවා තෙම්පරාදුකර පොල්කිරි සහ වතුර ස්වල්පයක් යොදා චිකන් මිශ‍්‍රණය ලිප තබා පිසගන්න.
ඔබ ගෙදර වැඩ කරන අතරේ මේනක මොනවද කරන්නෙ ?
අපි දෙන්නට පැරණි ගීත අහන්න හරි ආසයි. ඉතින් ඒවා අහනවා. චිත‍්‍රපට නැරඹීමත් බහුලව සිදු වෙනවා
ඉස්සර කතාවක් තිබුණා. ඔබ එක්ක හැර මේනකට වෙනත් නිළියන් එක්ක රඟපාන්න දෙන්න නැහැ කියන එක ගැන?
ඒ ප‍්‍රශ්නය ඇසීම ගැන මගේ ස්තුතිය. එහෙම කිසිම වර්ග කිරීමක් තිබුණේ නැහැ. තහංචියක් තිබුණෙත් නැහැ. එක කාලයක අපි දෙන්නා ගැන කතා කළ අවස්ථා තිබුණා. ඒ අපි එකට රගපෑ නිසා. නමුත් මේනක සහ මා අතර එවැනි ප‍්‍රශ්න නැහැ. ඔහු මගේ සැබෑ පෙම්වතා සහ සැමියා. සැබෑ ජීවිතයේ දී එයා අයිති මටයි.
ඔබ අධ්‍යක්‍ෂවරියක් නම්, ඒ නිර්මාණයෙහි පෙම්වතාගේ චරිතය රඟපාන්නෙ මේනක නම්? ඔහුට පෙම්වතිය ලෙස ඔබ යෝජනා කරන්නෙ කවුද?
මමම තමයි. ඔහුට වඩාත් ගැලපෙන පෙම්වතිය මමම තමයි.
ඒ කියන්නෙ යටිහිත කැමති නැද් ද? වෙන කෙනෙක් පෙම්වතිය වෙනවට?
මම අධ්‍යක්‍ෂිකාව නිසාත්, ඒ නිර්මාණය වඩා සාර්ථක වන්න අපි දෙන්නාගෙ පෑහීම නිසා එය වඩාත් සාර්ථක වේවි. මේනක, සුජානි අක්කා, කාංචනා, හිමාලි අක්කලා එක්ක වගේම මහේෂි දක්වා බොහෝ දෙනා එක්ක රඟපාලා තියෙනවා.
ඔබ ඔහු වෙතින් දකින ගුණාංග මොනව ද?
අසාධාරණයට බොහෝම විරුද්ධ කෙනෙක්. ඕනෑම අසාධාරණයක දී කෙලින් කතා කරන කෙනෙක්. සැමියකු ලෙස මට උපරිම ආරක්ෂාවක් වගේම උපරිම ගෞරවයක් දෙන කෙනෙක්. ඇත්තටම හරි යුතුකම් වගකීම් දන්න කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාධාරණයට කතා කරන්න තරම් කොන්ද පණ තියෙන නියම පිරිමියෙක්.
ඒ වගේ අය තමයි සුදුසු. ඒත් නැත්තෙත් ඒ වගේ අයනේ.
ඔහුට දේශපාලනයට ආරාධනා ලැබුණ ලූ නේද?
මේනකටයි - මටයි දෙන්නටම ආරාධනා නම් ලැබුණා. ඒත් අපි ප‍්‍රතික්ෂේප කළා.
කොහොම වුණත් ජීවිතයේ වෙනසක් වෙන්න යනවලූ නේද?
ජීවිතය ගැන කතා කළොත් අත්දැකීම් රාශියක් සමග ගලා යන දෙයක්. සෑම තීරණයක්ම ගන්න ඕනෑ දෙතුන් පාරක් ඒ ගැන හිතලයි. මේනකට සහ මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි ජීවිතය ගැන සුළු පටුවට හිතන්නෙ නැහැ. ජීවිතයේ අරුත අපි දන්නවා. සමාජයට හෙට දවසේ වඩා යහපත් දේ කිරීම අපේ අරමුණයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කට්ටියක් තනිකරලා ඔයාලා කොහොමද සතුටින් ඉන්නේ. (නි)
මේනකගේ කලින් බිරිය හරිම ලස්සන කෙනෙක්. ඔය දැන් ඉන්න අලුත් අලුත් අයගේ මේක්අප් සේදුවොත් මුකුත් නැහැ. විදුලි එළිය හින්දා තමයි ඔහොම පෙනෙන්නේ. නිකන් පාරේ යද්දී අඳුරගන්නවත් බැහැ. ඇයි නිළියෝ ඔච්චර බොරු කියන්නේ? මට නම් පෙනෙන්න බැහැ (නි)
මට නම් හිතෙන්නේ සමාජයට වැරදි ආදර්ශයක් දුන් දෙදෙනෙක් ලෙසයි. (නි)
සුබ පතන අය ගැන මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
ගැළපෙන්නේ නැති අය සමඟ එක්වුණේ ඇයි කියලත් අපිට කියනවද? (නි)
මේ දෙන්නම මට නම් අඩුම තරමින් වචනයක් ලියන්න තරම් වටින්නේ නැති දෙන්නෙක්. අසාධාරණයට විරුද්ධලු? කාට කියන්නද මේවා? (නි)
මට නම් පේන්න බැරි නළු නිළි ජෝඩු දෙකක් ඉන්නවා. ඔවුන් ලැජ්ජා නැතුව කැමරා වලට විරිත්තාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හිතන්නේ එයාලට හරි නම්බුවක් තියනවා කියලා. (නි)
මට නම් කාන්තාවක් හැටියට මේ කෙනාගේ වැඩපිළිවෙල ගැන ඉතා ලැජ්ජයි. ඒ වුණාට ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වාලුනේ. (නි)
මට නම් පෙන්නන්න බැරි මෙයාගේ හිනාව තමයි. (නි)
මේ දෙන්නම මට නම් පෙන්නන්න බැහැ (නි)
එක ගැහැණියක් දරුවෙක් සමඟ තනිකර තවත් ගැහැණියක් සමඟ ලබන සතුට මට නම් බොහොම පිළිකුල්. රූපයට වැඩිය ලස්සන වෙන්න ඕනෑ සිතුවිලි. (නි)
සමහරු හිතන්නේ ලංකාවේ මිනිස්සු මේ අය ගැනත් දන්න හැමදේම අර සුමානෙකින් අමතකවෙන දේවල් ගොඩට දාලා කියලා. (නි)
ඔබ දෙපල ඇත්තටම ගැලපෙනවා.ඔබ දෙපලට සුභ අනාගතයක්.(හේ)
කවුද කියන්නේ.(හේ)
තමන් කරපු පව් පින් මේ ඇත්මයේදීම ඕනෑ කෙනෙකුට විපාක දෙනවා (නි)
ඇත්තම තමයි චන්ද්‍ර කුමාර, පුද්ගලික දේවල් පැත්තකට දාලා කල්පනා කර බැලුවත්,රඟපෑමේ කිසිම ප්‍රතිභාවක් නැහැ. (නි)
පෙරපාසල් පුහුණුවකුත් කරනවලු නේද? (නි)
ඇය ලස්සනයි (නි)
මට පෙනෙන්නේ මේ දෙන්නා පිටරට පදිංචියට යන්න වගේ. ඇමෙරිකාවේ නෑදෑයින් ඉන්නවා කියලත් ආරංචියි. එහෙම වුණොත් බොහොම හොඳයි. (නි)
මට අනුමත කරන්නේ නැහැ මේ දෙන්නාව. මොකද තව පවුලක් තනිකරලා එකතු වෙන එක හොඳ නැහැ (නි)
ජයවේවා.(හේ)
චන්ද්‍ර කුමාරගේ ඇඟට දැනුනේ නැතිවුණාට අපේ හිතට ඔවුන්ගේ රඟපෑම දැනෙනවා.සුබ පතනවා දෙන්නාටම! (නි)
මේ දෙන්නාට හොඳ හින්ද ඒ දෙන්නා බැන්දා අපිට මොකද (දී)
අඩුම තරමේ අැඟට දැනෙන විදියට මේ දෙන්නටම රඟ පන්න බැහැ. වෙන දේවල් වැඩක් නැහැ (නදී)
ලෝකයේ ලොකුම අසාදාරණය කල දෙන්නා ! (දී)
දෙන්නම ලස්සනයි. පුද්ගලික ජීවිතය මට නම් වැඩක් නැහැ (නි)
පිරුනු කළේ දිය නොසැළේ. ඒ අය වැඩිපුර කැපී පෙනෙනන්න දඟලන්නේ නැහැ. (නි)
මෙහෙම ඇවිල්ලා සතුටින් ඉන්නේ කොහොමද මන්දා? (නි)
මාත් ආසම නැති දෙන්නෙක්. මේක්අප් ගොඩ වැඩියි. බලන්නකෝ මුහුණු දිහා. හරිම සෝබන ජිවිතයක්. (නි)
දෙන්නට හොඳ හින්ද දෙන්න කසාද බැන්දා (නදී)
මට නම් මේ ජෝඩුව ගැන කිසිම පැහැදීමක් නැහැ. (ර)
දෙවන කසාදයට ගිය නිසා නෙමෙයි මට නම් ආසා නැත්තේ. බොරු කයිවාරු වැඩියි. හරියට රඟපාන්නත් බැහැ. හරියට කතාව පෙරාපු රත්තරන් වලින් හොයාගත් දෙන්නෙක් ගාණටයි. (නි)
ඔබේ හෘද සාක්ෂිය ඔබේ පවුල් ජීවිතයේ කැඩපතයි. ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියල හොඳට හිතලා බලන්න. (ර)
අනේ! මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්නය මේක තමයි (නි)
අනේද කියන්නේ මෙහෙමත් අය.(හේ)
මම මේ දෙන්නටම ආදරේ.....දෙන්නම දක්ෂ නිලියක් සහ නළුවෙක් .....ඒ වගේම මට කියන්න ඕන මේ දෙන්න විතරද මේ විදියට බැන්ඳ දෙන්නෙක් ඉන්නේ ....නොගේලේපෙන අයත් එක්ක දුකින් ඉන්නවාට වඩා ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එක ලොකු සතුටක් නහරට සහ මෙනකට සුබ පතනවා !(හේ)
සමහරු හිතාගෙන ඉන්නේ 18 යි කියලා තවම (නි)
අනේ මේ අපේ නළුවෝද? (නි)
ඔබ දෙපලට සුභ පතනවා (දී)
මේනකට ගැලපෙනම කෙනා මෙයාම තමයි.(හේ)
මේ දෙන්නට සුභ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න.(හේ)
ඔවු ඒ දෙන්න තමයි ගැලපෙන්නේ.(හේ)
හේතුවක් දන්නේ නැහැ . (හේ)
කමල් ඔබ හරි, මේ දෙන්නා විතරද මේ ලෝකේ මෙහෙම දෙයක් කළේ (නදී)
ඇය මේතරම් ඔකඳ වෙලා ඉන්නේ මොකද මන්දා? (නි)
අනේ මේනක ඔබ ගැන හරි දුකයි (බ)
මේ දෙන්නා හොදට ගැලපෙනවා.ඔබ දෙපලට සුභ අනාගතයක්.(හේ)
ඔයාගෙ කතා එදා ඉඳලා අපි අහලා තියෙනවානේ ඉතින් (නි)
අද කාලේ සමහර ගැහැණු අයගේ පුරුද්ද තමයි කාගේ හරි සැමියෙකු තමන් ළඟට ගෙන්නගෙන අර බිරිඳට අභියෝග කරනවා පුළුවන් නම් නම් මහත්තයාව ගෙදර තියා ගන්න කියලා. ඕව තමන්ට කවද හරි පල දෙනවා. (බ)
දැන්නේ මේක දැක්කේ. කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි බෝ සේ කිව්වලු. මොනවා වුණත් සිත කය වචනය සංවරද නැද්ද යන වග අපිට පෙන්නුවා. ඔහොම යමු (නි)
තව කෙනෙකුට ගින්දර දීල , තමන්ගේ හදවතට එකගව මේ දෙන්න හිනාවෙලා ඉන්නේ කොහොමද ? (නදී)
කලින් සැමියා ගැනත් මෙයා කිව්වෙ ඔහොම තමයි. මේනක වගකීම් දන්න හැටි ඔයාට වඩා හොදට අපි දන්නවා නෙහාරා. (නදී)
ඒක නම් ඇත්ත. අද ඊයෙ ආ අය නැතුව අපි ආසයි පරණ අයගේ විස්තර දැනගන්න.කලින් සැමියා ගැනත් එයා කිව්ව දේවල් අපිට මතකයි.මටත් පෙනෙන්න බැරි ජෝඩුවක්. (නි)
හොඳට ගැළපෙන ජෝඩුව (නි)
මිට වඩා දිග ඇදුම් නැද්ද දාන්න ඉදගෙන ඉන්න කැත විතරක් .මොකා බැන්දත් මුන් හැදෙන්නේ නැ. තව රටටම පේන්න මේ ෆොටෝ දානවනේ ගැනියෙක් කියෙන්නේ කවදාහරි මවක් .සංවරකමක් පොඩ්ඩක් වත් නැ. (බ)
අනේ අර මෙනකගේ පරණ බිරිද කොච්චර ස්වභාවික ලස්සනද? මේ හෝන්තුවගේ මේකප් හේදුවොත් මෙලෝ රහක් නැහැ....(බ)
මෙලෝ රහක් නෑ දෙන්නම. (බ)
අනේ අපොයි, මේ අපේ නළුවොද? (හේ)
අවුරුදු විසි එකට අඩු තරුණියකගේ (teenager) ගවුම් මෝස්තරයක්. මෝස්‌තර ගැලපීම වඩාත් හොඳින් සිතා බැලිය යුතු දෙයක් . (අ)
ලංකාවේ කලාව කෑමට උපන්න තවත් චරිත දෙකක්. (ස)
නොගැලපෙන බව තේරුම් ගන්නේ දරුවොත් ලැබුනාට පසුව. අන්න එතනයි වැරැද්ද ! (නදී)
ඔබේ ජිවිතයට සුභ පතනවා (දී)
අපිට මොකද කවුරු මොනවා කළත්.(හේ)
මටත් පෙන්නන්න බැරි දෙන්නෙක් තමයි (නි)
ඔය ගැලපෙන්නේ නැති තර්කය හැම තැනටම ආදේශ කරලා සාධාරණීකරණය කරන්න බැහැ නේද ? (නදී)
ඔය දෙන්නා විනෝද වෙනවා, පිටරට සවාරි යනවා, විවේක ගන්නවා විතරයි වගෙයි මට නම් පෙනෙන්නේ. ඊට එහා ගිය ජීවිතයේ වගකීම්සහගත පැත්ත ගැන හිතුවේ නැද්ද? (නි)
කසාද කියක් බැන්දද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පිච්ච මලින් උපන්නා වගේ, හිනෙන් අවදිවුනා වගේ, මුල මතක නැහැ වගේ කතා නරන එකයි රසිකයින් වශයෙන් අපිට පෙන්නන්න බැරි. පොලොවෙ පයගහලා ජිවත්නවන්න බලන්න. (බ)
මේ අය ගැන අපි කොහොමද දන්නේ.(හේ)
අනේ මන්දා.(හේ)
ප්‍රතිභාව අඩු වුණත් සමහරු හිතාගෙන ඉන්නේ ආදර්ශවත් කියලා. එවන් අය තෝරාගන්නා අධ්‍යක්ෂකයන් ගැන මට හිතාගන්න බැහැ. අනිත් කාරණය, දැන දැනම වැරදි කරලා ඒවා සාධාරණීකරනය කිරීම මේ සමාජයට දෙන වැරදි ආදර්ශයක්. (නි)
අනේ! අලුත් ලිපියන් දාන්න ඉක්මනටම. මට මේක බලන්න හිතෙන්නෙ නැහැ (නි)
එකම වර්ගයේ කුරුල්ලෝ එක්ව සැරිසරයි කියනවනේ! (නි)
මටත් පෙන්නන්න බැරි දෙන්නෙක් (නි)