
(විනීතා එම් ගමගේ)
වෙළඳපොලට එළවළු පැමිණීමටත් වඩා පළා වර්ග පැමිණීමේ අඩුවක් පවතින බව පෑලියගොඩ මැනින් වෙළඳ පොලේ වෙළඳුන් පවසති.
මේ වනවිට මැනින් වෙළඳපොලට එන පලා මිටි ප්‍රමාණය සියයට අනූවකින් නැවතී ඇති බවත් එන පලා වර්ග පවා අලෙවි කළ නොහැකි තත්ත්වයක ඇති බවත් ඔවුහු කියති.
මැනින් වෙළඳපොලේ රුපියල් 20 ක මිලට අලෙවි කළ මුකුණුවැන්න මිටිය රුපියල් 50 කට හෝ සොයා ගත නොහැකි බවත් පොහොර නොමැති වීම හේතුවෙන් ගොටුකොළ වැනි පළා වර්ග නිල් පැහැ වී මළකඩ රසයක් එහි පවතින බවත් කී එම වෙළඳුන් ඉදිරියේ දී පළා වර්ග වෙළඳපොලට පැමිණීම සම්පූර්ණයෙන් නවතින බවක් පෙනී යන්නේ යැයි ද කීහ.
ඊයේ (20) වන විටත් එළවළු මිල තවත් ඉහළ යමින් පැවැති අතර අළුකෙසෙල්, වට්ටක්කා, කැකිරි, කෙසෙල් මුව හා පිපිඤ්ඤා යන එළවළු වර්ග පහ හැර අනෙක් සියලුම එළවළු රුපියල් 200 න් ඉහළ මිලකට ඊයේ අලෙවි වූ බව ද පෑලියගොඩ මැනින් වෙළ`ඳපොලේ වෙළඳ මහත්වරු ලංකාදීපයට පැවැසූහ.
අමුමිරිස් රුපියල් 800ක්, බෝංචි රුපියල් 350ක්, වැකොළු රුපියල් 300 ක්, කරවිල රුපියල් 500 ක්, වම්බොටු රුපියල් 250ක්, පතෝල රුපියල් 250ක්, තුඹ රුපියල් 350ක්, ගෝවා රුපියල් 250 ක්, කැරට් රුපියල් 250ක්, ලීක්ස් රුපියල් 200 ක් වශයෙන් තොග මිල ඊයේ (20) පැවති බව ද ඔවුහු කීහ.
මේ අතර දේශිය අර්තාපල් ඊයේ ද මැනින් වෙළඳපොලට පැමිණ තිබුණේ නැත. විදේශිය අර්තාපල් මිල රුපියල් 250 ත් 300 ත් අතර පැවැතිණි.
බොහෝ විට සිල්ලරට එළවළු මිල දී ගැනීමට එන පාරිභෝගිකයන් කෙසෙල් මුව, වට්වටක්කා කැකිරි, පිපිඤ්ඤා, අලුකෙසෙල්, මඤ්ඤොක්කා වැනි එලවළු මිල දී ගන්නා බවත් අධික මිලැති එළවළු සිල්ලර අලෙවිය ඉතා අඩු බවත් එහි වෙළඳ මහතකු වන එම් ඩබ්ලිව් නිහාල් ශාන්ත මහතා ලංකාදීපයට පැවැසීය.
දැනට වෙළඳ පොලට එන එළවළු කිලෝ ලක්ෂ තුන හතරක ප්‍රමාණය පවා ඉදිරි සති දෙකතුන තුළ දී නවතිනු ඇති බව මේ වනවිට පවතින තත්ත්වය අනුව පෙනී යන බවත් මේ වන විට පොහොර ප්‍රශ්නය එළවළු වගාවට බලපා ඇති අන්දම පෑලියගොඩ එළවළු වෙළඳ පොලෙන් පෙනී යන බවත් වෙළඳුන් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද ?