මිනී මරණ හැටි හා අපරාධ කරන හැටි සඳහන් පුවත්පතක් ආණ්ඩුවෙන් මුද්‍රණය කරන බවත්, අපරාධය සිදු කළ ආකාරය එලෙසින්ම පළකිරීම තවත් එවැනි අපරාධවලට පිටිවහලක් බවත් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ ‘විද්‍යාගෙන් පසු අපි?‘ මැයෙන් සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳව බොරැල්ල නගරෝදය ශාලාවේ දී පැවැති විවෘත සංවාදයකදී ය.
නාලක ගුණවර්ධන, නීතීඥ කේ ඩබ්ලිව් ජනරංජන, චන්දන සිරිමල්වත්ත, ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ද සහභාගී වූ එම සංවාදය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබිණි.
ඉන්දියාවේ තරුණියක සමූහ දූෂණය කිරීමේ සිද්ධිය වාර්තා කරද්දී කිසිම පුවත්පතක ඇගේ නම හෝ ඡායාරූප පළ නොකළ බවත්, එය ඔවුන් විසින් ඇති කර ගත් ස්වයං වාරණයක් බවත්, ලංකාවේ තත්ත්වය ඊට වෙනස් බවත් ධර්මසිරි බණ්ඩාරනායක මහතා කීවේය.
මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත මහතා කීවේ අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේ දී ‘දූෂණය‘ යන වචනය භාවිත නොකිරීමට මාධ්‍යවේදීන් වග බලා ගන්නේ නම් හොඳ බවයි.
ඇතැම් නාලිකාවල ප්‍රවෘත්ති විකාශන හරියට ටෙලිනාට්‍යයක් වගේ යැයි ද සිරිමල්වත්ත මහතා කීවේය.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාථා කර කර ඉදලා වැඩක් නැහැ ශක්තිමත් නීති සහ දැඩි දඩුවම් අවශ්‍යයි. නැත්නම් හැමදාම ෂෝ සහ පොර ටෝක්ස් (ම)
අපරාද විකුණගෙන කෑම (ම)
මොන පත්තරද මේ? (නි)
අපරාධයක් ගැන දැනගැනීමෙන් ඉගෙනගැනීමට බොහෝ දේවල් තිබෙනවා.පුවත් මඟින් අපරාධ කිරීමට පෙළඹෙන අය ඉතාමත් අඩුයි. එහෙත් අපරාධයක් සිදුවුණ ක්‍රමය දැනගැනීම මඟින් ප්‍රවේශම් වෙන පිරිස ඉතාමත් ඉහළයි. (නි)
රටේ සිදුවන අපරාධ සිදු වූ අාකාරයටමත් අපරාධකාරයා පාපොච්චාරණය කරන ආකාරයත් අපරාධ වසන් කිරීමට යොදාගන්න ක්‍රමවේදයන් මාධ්‍ය හරහා එලෙසම ප්‍රචාරය කිරීම නිසා අන් අයද එවැනි අපරාධ කිරීමට පෙලබෙවිමක් දකින්න පුළුවන්. (ම)
අපරාධ සිදු වූ ආකාරය එලෙසින්ම ප්‍රසිද්ධ කිරීමෙන් එවනි උපක්‍රම වලින් ගැලවීමට අනෙක් අයට උපකාරයක් නොවන්නේද? (බ)
නා නාවිධ මිනීමැරීම් සිදුකර නීතිය කණපිට හරවා ඒවා වසා දැමු නායකයන් පාලනය කළ රටක වෙන දේවල් ගැන එක අතකින් පුදුම වෙන්න දේකුත් නැති නමුත් පෙර වැරදි නිවැරදි කරගත යුතුයි (නි)
සෙනරත්, ඔයා දන්නවද ඒ පුවත් ගොඩාක් ආශාවෙන් කියවන අයට මානසිකව ඒවා කිඳාබහිනවා කියලා? ඉන්දියාවේ ළමයි එයාගේ දෙමාපියන්ගේ සම්පුර්ණ නම දන්නේ නැහැ.එහෙත් සිනමාවේ ඉන්න අයගේ ඕනෑම දෙයක් දන්නවා.අපේ ළමයි වුණත් ඔය පුවත්පත් වල තිබෙන ස්ත්‍රී දුෂණ හරි ආශාවෙන් කියවනවා.එතකොට එයාලගේ මනස විකෘති වෙන්න ඉඩ තියෙනවා නේද? අපිට අපේ අදහස් කියන්න නිදහස තියෙනවා.එත් ටිකක් හිතලා බලන්න අපි වුණත් ඒවා රස කරලා බලන්න ආශා නැද්ද කියලා. (නි)
සමාජ වැරදි එයාකාරයෙන්ම සද්භාවයෙන් පෙන්වාදී, මහජනයා එමගින් ඈත් කිරීම කලාකරුවන්ගේ වගකීම තේරුම් ගෙන ඒ සඳහා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔබ සැමට මාගේ ප්‍රණාමය. (ම)
මම දන්නවා ඔය කියන පත්තරේ ගැන. ගොඩක් විකිනෙනවා . අමු අමුවේ ඔක්කොම දානවා මේ පත්තරේ. යහපාලනයෙන් වත් මේක වැදගත් පත්තරයක් විදියට කළොත් හොඳයි නේද? (බ)
අපි ඉස්කෝලේ යන කාලේ තිබුන එක පත්තරේක 33 කාමරේ කියල විශේෂාංග ලිපියක්. අපි හරි ආසයි එක කියවන්න. මොකද එකේ අමු අමුවේ තිබ්බේ ඒ පුද්ගලයා සමාජ රෝගයට ගොදුරුවන විදිය. (ම)
මිනිස් සිතේ ස්වභාවය අනුව අපරාධ ගැන සවිස්තරාත්මකව වැඩිපුර අසන්නට ලැබීමෙන්, එයට නැබුරු වීමේ සම්බාවිතව වැඩිවේ. අර සත්තිගුම්බ ජාතකය (ගිරව් දෙන්නගේ කතාව) වගේ .(ම)
අපේ බහුතරයක් ජනමාධ්‍යකරුවොත් රටේ දේශපාලනයටම ගැලපෙන ආකාරයට හැඩ ගැහිලා. එයාල එයාලගේ බඩ වඩා ගැනීම මිස සේවයක් විදියට කරන්නේ නැහැ . ඔබතුමන්ලා වගේ ජනතාවාදී ජනමාධ්‍ය වේදීන් මේ වගේ දේවල් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීම සතුටක් සහ සේවයක් . පුලුවන්නම් අද පත්තරවල ඉන්න බොරු සුචරිතවාදී එහෙත් තමුන්ගේ වාසිය ගැන හිතන සමහරක් ජනමාධ්‍ය කරුවන්ට ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති ටිකක් හදල දෙන්න .නැත්නම් මිනිස්සු පත්තර බලන්නෙම නැතුව යාවි . දැනටත් ගොඩක් අය පත්තර බලන්නේ නැහැ . (ස)
අශෝක රළපනාව - ඔයා කියපු එක 100% ම ඇත්ත. මගේ පුද්ගලික අත්දැකීම මත. සමහර නාලිකා ප්‍රවෘත්ති ටෙලිනාට්‍යයකටත් එහා.... අඬ අඬ කියන්නේ!! (ස)
කොටකෙතන මව මැරූ පුතා කලෙත් ගැලවීම සඳහා පෙර මිනී මැරුම් ආකාරයට නිරුවත් කර මල සිරුර සැඟවීම ඔහු එම දේවල් පෙර මිනී මැරුම් වලින් විස්තර දැනගත් ආකාරයට සිදුකළා සියලුම විස්තර එයාකාරයෙන් පළකිරීමෙන් තව කෙනෙකුට ගැලවීම වගේම අපරාද කාරයෙකුට සැඟවීමටත් අාභාෂය ලබාගැනීමට පුළුවන්. (ස)
වාහිනී වලට ඕනේ උන් කැවුම් වගේ ,අපරාද කරන හැටි සමාජයට දෙන්න. ඉස්සර පත්තර ප්‍රමිතියක් තිබුන, මිනිඋන්ට වැරදි දේවල් මේවාය කියා කියල දෙන, දැන් එහෙම නැහැ .සමාජයට ආදරේ පුවත්පත්, රුපවාහිනී කලාවේදීන් හරි අඩුයි. (ස)