(අප්සරා යෝෂිත්)
මා එනවිට සෙනඟ එනවා. සෙනඟ දුටුවාම මේ රජය මැතිවරණ මාසයක් දෙකක් කල්දානවා. ප්‍රාදේශීය සභා මැතිවරණ කල්දමමින් පවතිනවා. පළාත් පාලන ආයතනවල කටයුතු ඉටුවීම ප්‍රමාදවී තිබෙනවා. ඒ නිසා මින්පසුව මා එනවිට සෙනඟ ගේන්න එපා යැයි හිටපු ජනපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරදී පැවසුවේය.

අගමැතිතුමා විදේශවල රැස්වීම්වලදී කියන්නේ අපට හම්බන්තොට හොඳ වරායක් තිබෙනවා. එන්න කර්මාන්ත ශාල දාන්න ඉඩම් තිබෙනවා කියා. හැබැයි ලංකාවට ආවම ඒ වරාය ලොකේ ලොකුම පිහිනුම් තටාකය. මා සතුටු වෙනවා මා එය හදා තිබූ නිසයි ඔහු ගිහින් ආයෝජකයන්ට කියන්නේ.
රත්නපුර පරණ වෙරළු පාර පිහිටි පොදු ජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවදී ජනතාව අමතා මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනග එන තරමට චන්ද ලැබෙනවා නම් ඔබ තුමාට පැරදිලා ගෙදර යන්න වෙන්නේ නෑ. සෙනග ගේන හැටි ඔබ තුමා දන්නවනේ. ඒ නිසා ඔය පෙන්න එන සෙනග ගැන ඕනෙවට වැඩිය විස්වාසේ තියන්න එපා මහත්තයෝ.
මැතිවරණ මොකටද?අහිංසක මහජනතාවට මැතිවරණ අවශ්‍ය නෑ..නිකන් කෝටිගණන් නාස්තිවීම විතරය් .
සභාවේ සිනා ! සභාවේ තදින් සිනා!
එන්න එන්නම සෙනග අඩු වෙන එක දැන් මෙතුමාට තේරිලා වගේ
ඔය එන හුගක් අය එන්නේ කසිප්පු වීදුරුවට නේද ?
දැන් මිනිස්සු ගොනුන්ට අන්දන්න බැ රටේම ජනතාව කුදලගන ආවත් බොන්නයි කන්නයි දීල යැවොවත් අන්තිමට උන් කතිරේ ගහන්නේ විරුද්ද පක්ෂෙට මට කිසිවෙක් කැමති නැ බොරුවට මගේ මුදල් නාස්ති කරන්න එපා හිටපු ජනපති
ඕනේ තුමාට බලය පිළිබඳ සිහිනය අමතක වෙන්නෙම නැද්ද.
ඔයාගේ ඔය වශි බෝලෙට වශී වෙච්ච සෙනඟ ඔය අවිල්ල ඉන්නේ අප්පා
මෙයාට බලය නැතුව පිස්සු වගේ ..
ශාන් සෞදි| තවත් ගොන්නු නැහැ හිටිය ගොන්නු ඔක්කොම අන්දලා ඇරිය
එක වගේ කුරුල්ලෝ එක අත්තේ වහනවා ... ඒවගේ ම හොරු එකට එකතු වෙනවා ...
ප්‍රාදේශීය සභා ඡන්ද දැන් අවුරුද්දකට වඩා පරක්කුයි. පුදුම ප්රජාතන්ත්රවාදී යහපලනයක්නේ දැන් තියෙන්නේ! මිනිස්සුන්ට ඡන්ද ඕන නෑ කියන්නේ යහපලනෙට රෙදි නැතුව කඩේ යන ගොයියෝ, මිනිස්සුන්ට ඕන වුනත් නැතත් ඡන්ද නිසි පරිදි තියන්න ඕන කලට වෙලාවට. විශේෂයෙන්ම 'යහපලානේ' කියන බෝර්ඩ් ලෑල්ල එල්ලන් ඉන්න උදවිය.
සෙනග ගෙන්න එපා කියන්නේ, ඉස්සර කාලේ සෙනග රැස් කෙරුවේ ඒ විදිහට බව හිත දන්නා හින්ද වෙන්න ඕන.
එන්න එන්නම රැස්වීම් වලට සෙනග අඩුවෙනකොට, මෙහෙමවත් කියලා හිත සනසා ගන්නවා විනා ඉස්සර වගේ කුලියට සෙනග ගෙන්වන්න පුළුවන්කමක් නැහැනේ
පිටරට ඉන්න අයට,(අන්ද) බාලයන්ට,අවස්ථාවාදීන්ට,මැට්ටන්ට,අතීතය අමතක වීම ගැන පුදුම විය යුතු නැහැ
දැන්වත් සත්‍යය අවබෝධ කර ගන්න. ඔබතුමාව දෙවරක්ම ජනපති කලේ සිංහලයන් . අද ඔය එන්නෙත් වැඩියෙන්ම සිංහල මිනිස්සු. යුද්දය දිනීමෙන් පසු ඔබ තුමා සිංහලයන් අමතක කළා.
රිලවෙක් නටවන තැනකට පවා එක් රැස්වීම අපේ අයගේ හැටි.
සෙනග එනවානම් ගේන්න එපා කියන්නේ ඇයි
අර නරියත් එහෙම කිව්වලු මිදි ගැන
මෙයා දිනුවොත් ඉස්සෙල්ලම කරන්නේ අර හිරේ ඉන්න දුමීව නිදහස් කරන එක.
ගමනක් යනවිට ජනමාධ්‍ය හා පක්ෂ ක්‍රියාකාරීන්ට නොකිය ගියානම් සෙනග එන්නේ නැහැනෙ සෙනග එන්නේ ඔබතුමාගේ ඉල්ලීම පිටනේ
බස් වලින් සෙනඟ ගෙන්නලා ශ්‍රීලංගම බස් බිල් ගෙවන්න බැරි නිසා නේද මහත්තයෝ ඔහොම කියන්නේ ? අර ඔයාලගෙ ගෝලයෙක් වන උදය ගම්මන්පිළ මහත්තයා කරා වගේ, "සීයේ කොළ" එකතුවක් දාමුද ?