රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවය කරන මෑන් පවර් සේවකයන් අදියර හතරක් යටතේ එම සමාගමට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
එම සේවකයන් බඳවා ගතහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වසරකට රුපියල් කෝටි 160ක පමණ අතිරේක වියදමක් දැරීමට සිදුවන නමුත් සානුකම්පිත පියවරක් ලෙස ඔවුන් ටෙලිකොම් සමාගමට බඳවා ගැනීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඒ අනුව එම සේවකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා 2017 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ ඔවුන් බඳවා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙලිකොම් ලොක්කෝ නොසලකපු එ්ත් දාඩිය මහන්සියෙන් ටෙලිකොම් වෙනුවෙන් වැඩකරපු දර දිය ඇද්ද කොල්ලෝ ටික ස්ථීර වෙනවා දකින එක අපිටත් ලොකු සතුටක්.
යම්කිසි ආයතනයකට තම සේවයට අවශ්‍ය ස්ථීර සේවකයින් ප්‍රමාණයක් ඇතිද, ඒ අය සේවයට බඳවාගෙන තම ආයතනයේ සේවකයන් වශයෙන් ඔවුන්ට සැලකිය යුතු වන්නේය. තමුන්ගේ ඇග බේරගන්න, තමුන්ට වාසියක් සලසා ගන්න ඔවුන්ව මෑන් පවර් සේවකයන් හැටියට වැඩට ගන්න මේ දුෂ්ට ක්‍රියාව වහල් සේවය නීති මාර්ගෙන් හෝ වලකාලන එක අපේ රටේ කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉටුවිය යුතු කාරියක්. ඔවුන් සේවය කරන ආයතනය මේ සේවයෙකු වෙනුවෙන් දවසට රුපියල් 100 මෑන් පවර් ආයතනයට ගෙවනවනම් එයින් සේවකයාට හිමිවන්නේ රුපියල් 60ක් වගේ මුදලක්. මේ අමානුෂික ක්‍රියාවක්.
වැඩේ හොඳයි. නමුත් මේකේ වාසිය ගන්න හදන දේසපලුවොගෙන් නම් බේරෙන්න යාලුවනේ. ඔබල ගේ හම දෙසපලුවන්ගේ නම.
සම්පුර්ණ අසාධාරණ වැරදි ආදර්ශවත් ක්‍රියාවක් විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්රයේ කුසලතා තිබෙන්නන් සිටියදී නුසුදුස්සන් මැර බලයෙන් පත්වීම ,
ටෙලිකොම් වගේ විදුලි බල මණ්ඩලේ හිටපු මැනපවර් කොල්ලෝ ඉතුරු ටිකත් ගෙදර නොයවා ස්ථිර කළා නම් තමයි නියම යහපාලනය කියන්නේ. අපරාදේ හොඳ උගත් කොල්ලෝ 195 ක් විතර ගෙදර යැව්වේ.