IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෑන් පවර් සේවකයෝ විරෝධතාවයේ

විදුලි බල මණ්ඩලයේ මෑන්  පවර් සේවකයින් 6750 ක්  ස්ථීර කීරිම සඳහා 2014 දෙසැම්බර්  17 දා  පැවති  විරෝධතාවයෙන්  පසු  2300 කට ස්ථීර රැකියා  ලබාදුන්නද තවත් බොහෝ දෙනා  ස්ථීර කර නැතැයි කියමින් විදුලි සේවකයෝ  විරෝධතාවයක් පැවැත්විණි.

(වීඩියෝ හා ඡායාරූප ඉසංක සුනිමල්)

DSC_0158 DSC_0173 DSC_0175 DSC_0177 DSC_0182



අදහස් (0)

මෑන් පවර් සේවකයෝ විරෝධතාවයේ

රාධා Friday, 26 June 2015 12:05 AM

මෙම සමාගම් සේවකයින්ගෙන් කපාගන්න සල්ලි වලට මොකද වෙන්නේ?අනික මොවුන් ස්ථිර කළයුත්තේ සමාගම් වල මිසක විදුලිබල මණ්ඩලයේ නොවේ. ස්ථිර නොකළා නම් සමාගම් වලට විරුද්ධව නඩු දැමිය යුතුයි. මිනිස් බල සමාගම් නිරීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව කළයුතුයි. (නි)

:       0       0

කසුන් Friday, 26 June 2015 02:38 AM

මේ දේවල් නතරකරන්න කාලයයි. මෑන්පවර් වැඩ කරන්නෙත් මිනිස්සුමනේ! (නි)

:       0       0

ප්‍රේමතිලක Friday, 26 June 2015 02:51 AM

මේ අය අතර බොහෝ සුදුසුකම් ඇති අය ඉන්නවා. අද රටේ කොහේද අධ්‍යාපනයට තැනක්? (නි)

:       0       0

කුමාර් Thursday, 25 June 2015 12:00 PM

වැඩ නොකර පඩිගන්න මෙහෙම රටක්! සෑම රාජ්‍ය ආයතනයකම වාගේ කරන්නේ බොරු. හැබැයි සියළු පහසුකම්, ස්ථිර කිරීම්, ලොකුකම් ඔක්කොම ඕනෑ. (නි)

:       0       0

ලක්මාල් Friday, 26 June 2015 03:26 AM

ලං වී ම මැන්පවර් සේවකයින් පිලිබදව ඔබගේ අවදානය ලැබේවා! (අ)

:       0       0

ෆරීර් Friday, 26 June 2015 03:29 AM

ටෙලිකොම් සමාගම පිහිටුවන කොට එවකට රජයේ සේවයේ සිටි සියලුම සේවකයින්ටම සාධාරණ අවස්ථාව හිමිවුනාද ? (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 25 June 2015 12:21 PM

සුදුසුකම් අනුව සුදුස්සන්ගෙන් පුරප්පාඩු නිසි ක්‍රමවේදයක් අනුව පුරවනවා මිසක් මේ කොන්ත්‍රාත්කාර සමාගම්වල සේවකයින් විදුලිබල මණ්ඩලයට බඳවාගන්නේ කොහේ තිබෙන නීතියකින්ද කියන එකයි මට තිබෙන ප්‍රශ්නය. (නි)

:       0       0

පි රණවක Thursday, 25 June 2015 12:27 PM

යසපාල, ඔය හරි සුදුසුකම් තියෙන අය බදවා ගත්ට අපේ අකැමැත්තක් නෑ. (ර)

:       0       0

ගයාන් Friday, 26 June 2015 04:20 AM

රටේ හැමෝම සුදුසුකම් තියෙන අයගෙන් අයදුම්පත් අරගෙන, තරග විබාගයක් තියල ඕනේ විදුලි බල මන්ඩලයේ ඇබෑර්තු පුරවන්න. මෑන් පවර් කියන්නේ, ලොක්කන්ට හිතවත් අයගෙන් හදාගත්ත, සේවාවක්.(නදී)

:       0       0

විජයබාහු Thursday, 25 June 2015 01:10 PM

කොන්ත්‍රාත්කාර සමාගම් වල සේවකයින් සහ විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් කියන්නේ ජාති දෙකක්ද? (නි)

:       0       0

කනිෂ්ක Thursday, 25 June 2015 01:54 PM

දින 180 වෙඩකරපු අය ස්ථිර කරනවා කියලා පොරොන්දු දුන්නා නම් එය ඉටුකරන්න ඕනේ.(හේ)

:       0       0

පුෂ්ප Friday, 26 June 2015 04:36 AM

මෙතන ලොකු ලොකු කතා කියලා තිබෙන අයට වඩා මේ මිනිස්සු ඉගෙනගෙන තිබෙනවා (නි)

:       0       0

ක්‍රිෂාන් විතාන Thursday, 25 June 2015 02:07 PM

හැමදේටම උද්ගෝෂණ කරනවා. මෙයාල නිකන් ඉදන් පඩි ගන්නවා මදිවට තවත් අය මේකට දාගන්න හදනවා.(හේ)

:       0       0

විජිත් Friday, 26 June 2015 04:41 AM

මේ මිනිස්සුන්ගේ පඩියෙන් බාගයක් ගිලින බහිරවයා කවුද..?පසුගිය දෙසැම්බර් මාසයේ උද්ගෝෂණය වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණ කියාසිටියා...ඒ ගොල්ලෝ ආපු වහාම මේ අය ස්ථිර කරනබව. කෝ දැන් ඒ අය කිසිම කතාවක් නැහැ. ටෙලිකොම් ආයතනයේත් ශ්‍රී ලංකන් එයාර් ආයතනයේත් මේ මෑන්පවර් සේවකයින් ඉන්නවා.ඒ අය තමන්ගේ රැකියාව පිලිබඳ වෘත්තිය සුදුසුකම් තියන අය.ඔවුන්වත් ස්ථිර කළ යුතුයී. (බ)

:       0       0

ප්‍රනීත් සුරංග Thursday, 25 June 2015 02:50 PM

මේ ප්‍රශ්නයේ ඇත්ත තත්ත්වේ දන්නේ වැඩකරන අපි විතරයි.වසර 10ක් වැඩකරලා අපිට සියලුම සුදුසුකම් තියලත් අපි ස්ථිර නැ.අඩුම තරමේ නිමාඩුවක්වත් නැ අපිට ලොකු දේවල් ඕනේ නැ සධාරනව මේ මේ දිහා බලන්න.(අ)

:       0       0

රන්ජනී Thursday, 25 June 2015 04:35 PM

ආණ්ඩු පෙරලුනාම පෝස්ටර් ගහපු සුදුසුකම් නැතුව රැකියා ගත් කට්ටියට ඉන්න වෙන්නේ මහපාරේ තමයි. ඕකට තමයි කියන්නේ ඉගෙනගන්න කාලේ හොඳට ඉගෙනගන්න කියලා. එතකොට කාගෙවත් පස්සේ යන්න ඕනෑ නැහැ. ඕනෑ කෙනෙකුට ස්ථිර පදනමක් තියෙනවා. (නි)

:       0       0

ලංකා Thursday, 25 June 2015 05:55 PM

කොහොමද කියන්නෙ මෙතන ඉන්නෙ සුදුසුකම් නැති අය කියලා? (නි)

:       0       0

නිශාන්ත Thursday, 25 June 2015 07:41 PM

ඇත්ත. ඒ මිනිසුන්ටත් යම්කිසි සාධාරණයක් වියයුතුයි (නි)

:       0       0

හසිත් Thursday, 25 June 2015 10:14 PM

විජයබාහු, කොන්ත්‍රාත් සේවකයන්ගේ ගිවිසුම් තියෙන්නේ ඒ අදාළ සමාගම සමඟ. ඇස් වහගෙන ගිවිසුම් කොන්දේසි අත්සන් කරන්න ඇති. සාමාන්‍යයෙන් ඔවැනි සමාගම් නොයෙක් තැන් වලට සේවකයන් යොදවනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ සේවකයන්ට අදාළ සේවා ස්ථානයේ බින්න බහින්න පුළුවන් කියලා. මේ උදවිය ස්ථිර කරන්න විදුලි බල මණ්ඩලය බැඳිලා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site