විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 6750 ක් ස්ථීර කීරිම සඳහා 2014 දෙසැම්බර් 17 දා පැවති විරෝධතාවයෙන් පසු 2300 කට ස්ථීර රැකියා ලබාදුන්නද තවත් බොහෝ දෙනා ස්ථීර කර නැතැයි කියමින් විදුලි සේවකයෝ විරෝධතාවයක් පැවැත්විණි.
(වීඩියෝ හා ඡායාරූප ඉසංක සුනිමල්)
විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 6750 ක් ස්ථීර කීරිම සඳහා 2014 දෙසැම්බර් 17 දා පැවති විරෝධතාවයෙන් පසු 2300 කට ස්ථීර රැකියා ලබාදුන්නද තවත් බොහෝ දෙනා ස්ථීර කර නැතැයි කියමින් විදුලි සේවකයෝ විරෝධතාවයක් පැවැත්විණි.
(වීඩියෝ හා ඡායාරූප ඉසංක සුනිමල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සමාගම් සේවකයින්ගෙන් කපාගන්න සල්ලි වලට මොකද වෙන්නේ?අනික මොවුන් ස්ථිර කළයුත්තේ සමාගම් වල මිසක විදුලිබල මණ්ඩලයේ නොවේ. ස්ථිර නොකළා නම් සමාගම් වලට විරුද්ධව නඩු දැමිය යුතුයි. මිනිස් බල සමාගම් නිරීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව කළයුතුයි. (නි)
මේ දේවල් නතරකරන්න කාලයයි. මෑන්පවර් වැඩ කරන්නෙත් මිනිස්සුමනේ! (නි)
මේ අය අතර බොහෝ සුදුසුකම් ඇති අය ඉන්නවා. අද රටේ කොහේද අධ්‍යාපනයට තැනක්? (නි)
වැඩ නොකර පඩිගන්න මෙහෙම රටක්! සෑම රාජ්‍ය ආයතනයකම වාගේ කරන්නේ බොරු. හැබැයි සියළු පහසුකම්, ස්ථිර කිරීම්, ලොකුකම් ඔක්කොම ඕනෑ. (නි)
ලං වී ම මැන්පවර් සේවකයින් පිලිබදව ඔබගේ අවදානය ලැබේවා! (අ)
ටෙලිකොම් සමාගම පිහිටුවන කොට එවකට රජයේ සේවයේ සිටි සියලුම සේවකයින්ටම සාධාරණ අවස්ථාව හිමිවුනාද ? (අ)
සුදුසුකම් අනුව සුදුස්සන්ගෙන් පුරප්පාඩු නිසි ක්‍රමවේදයක් අනුව පුරවනවා මිසක් මේ කොන්ත්‍රාත්කාර සමාගම්වල සේවකයින් විදුලිබල මණ්ඩලයට බඳවාගන්නේ කොහේ තිබෙන නීතියකින්ද කියන එකයි මට තිබෙන ප්‍රශ්නය. (නි)
යසපාල, ඔය හරි සුදුසුකම් තියෙන අය බදවා ගත්ට අපේ අකැමැත්තක් නෑ. (ර)
රටේ හැමෝම සුදුසුකම් තියෙන අයගෙන් අයදුම්පත් අරගෙන, තරග විබාගයක් තියල ඕනේ විදුලි බල මන්ඩලයේ ඇබෑර්තු පුරවන්න. මෑන් පවර් කියන්නේ, ලොක්කන්ට හිතවත් අයගෙන් හදාගත්ත, සේවාවක්.(නදී)
කොන්ත්‍රාත්කාර සමාගම් වල සේවකයින් සහ විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් කියන්නේ ජාති දෙකක්ද? (නි)
දින 180 වෙඩකරපු අය ස්ථිර කරනවා කියලා පොරොන්දු දුන්නා නම් එය ඉටුකරන්න ඕනේ.(හේ)
මෙතන ලොකු ලොකු කතා කියලා තිබෙන අයට වඩා මේ මිනිස්සු ඉගෙනගෙන තිබෙනවා (නි)
හැමදේටම උද්ගෝෂණ කරනවා. මෙයාල නිකන් ඉදන් පඩි ගන්නවා මදිවට තවත් අය මේකට දාගන්න හදනවා.(හේ)
මේ මිනිස්සුන්ගේ පඩියෙන් බාගයක් ගිලින බහිරවයා කවුද..?පසුගිය දෙසැම්බර් මාසයේ උද්ගෝෂණය වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණ කියාසිටියා...ඒ ගොල්ලෝ ආපු වහාම මේ අය ස්ථිර කරනබව. කෝ දැන් ඒ අය කිසිම කතාවක් නැහැ. ටෙලිකොම් ආයතනයේත් ශ්‍රී ලංකන් එයාර් ආයතනයේත් මේ මෑන්පවර් සේවකයින් ඉන්නවා.ඒ අය තමන්ගේ රැකියාව පිලිබඳ වෘත්තිය සුදුසුකම් තියන අය.ඔවුන්වත් ස්ථිර කළ යුතුයී. (බ)
මේ ප්‍රශ්නයේ ඇත්ත තත්ත්වේ දන්නේ වැඩකරන අපි විතරයි.වසර 10ක් වැඩකරලා අපිට සියලුම සුදුසුකම් තියලත් අපි ස්ථිර නැ.අඩුම තරමේ නිමාඩුවක්වත් නැ අපිට ලොකු දේවල් ඕනේ නැ සධාරනව මේ මේ දිහා බලන්න.(අ)
ආණ්ඩු පෙරලුනාම පෝස්ටර් ගහපු සුදුසුකම් නැතුව රැකියා ගත් කට්ටියට ඉන්න වෙන්නේ මහපාරේ තමයි. ඕකට තමයි කියන්නේ ඉගෙනගන්න කාලේ හොඳට ඉගෙනගන්න කියලා. එතකොට කාගෙවත් පස්සේ යන්න ඕනෑ නැහැ. ඕනෑ කෙනෙකුට ස්ථිර පදනමක් තියෙනවා. (නි)
කොහොමද කියන්නෙ මෙතන ඉන්නෙ සුදුසුකම් නැති අය කියලා? (නි)
ඇත්ත. ඒ මිනිසුන්ටත් යම්කිසි සාධාරණයක් වියයුතුයි (නි)
විජයබාහු, කොන්ත්‍රාත් සේවකයන්ගේ ගිවිසුම් තියෙන්නේ ඒ අදාළ සමාගම සමඟ. ඇස් වහගෙන ගිවිසුම් කොන්දේසි අත්සන් කරන්න ඇති. සාමාන්‍යයෙන් ඔවැනි සමාගම් නොයෙක් තැන් වලට සේවකයන් යොදවනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ සේවකයන්ට අදාළ සේවා ස්ථානයේ බින්න බහින්න පුළුවන් කියලා. මේ උදවිය ස්ථිර කරන්න විදුලි බල මණ්ඩලය බැඳිලා නැහැ (නි)