රාජ්‍ය ආයතන රැසක සේවය කරන ‘මෑන්පවර්‘ සේවකයින්ගේ සේවය ස්ථිර කරන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (04) පස්වරුවේ පැවැත්විණි.
කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිය මුදල් අමාත්‍යංශය වෙත පැමිණි උද්ඝෝෂකයෝ ලේක්හවුස් වට රවුමෙන් කොටුව දෙසට මාර්ග අවහිර කිරීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් ගමනා ගමනයට බාධා කළහ.
ලංකා විදුලිබල මණ්ඩලය,රාජ්‍ය බැංකු,ටෙලිකොම් ,වරාය,ගුවන් තොටුපොළ,ජල සම්පාදන මණ්ඩලය,සංස්කෘතික ත්‍රිකෝණය,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවකයෝ මේ උද්ඝෝෂණයට සහභාගී වුහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් ලොකු උද්ගෝෂණයක් වගේ (නදී)
දින 100ත කලින් හැමදේම ලබා ගන්න ,ඊට පස්සේ නම් මොකුත් ලැබෙන එකක් නෑ. නතර කරන්න එපා ,,දිගටම අරගලය කරන්න.. ඔබ සැමට ජයවේවා.(හේ)
මේ වැඩේට ජ වී පෙ සම්බන්ධයි වගේ පෙන්නේ පෝස්ටර් වලින් නම්.(හේ)
මේ අය අයිති ආයතනයට නඩුදාන්න බැරිද, අයිතිවාසිකම් නොදුන්නාට? කපාගත් සල්ලි අරමුදලට යවා නැද්ද? (නි)
වහල් සේවය වහා නිමා කරමු (බ)
ඔබ සියලු දෙනාට අපේ උත්තමාචාරය. (නදී)