පොලිස් වෙඩි පහරින් මියගිය ඉන්දික සුරේෂ් ජයසිංහගේ දේහය මිහිදන් කිරීමට රැගෙන යන අතර තුර මීරිගම කිතුල්වල හන්දියේ තබා ඔහුගේ ඥාතීහු මීට සුළු මොහොතකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ. මෙම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ගෙන් හා පොලිස්පතිගෙන් සාධාරණ පරීක්ෂණයක් ඔවුහු ඉල්ලති. පොලිසියේ කිසිවෙක් රාජකාරිය සඳහා පැමිණ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලෙකින් කියයිද දන්නේ නැහැ වෙඩි තියා ගත්තා කියලා. විපක්ෂෙට බැනලා වැඩක් නැහැ. මොකද විපක්ෂේ නැති කලේ මහා ජනතාව. සහ ආණ්ඩුව. ඒ කොහොමද කියලා කියන ඕනේ නැහැ. (දී)
මරණය මොනයම් හේතුවක් නිසා සිදුවූවද මෘත දේහය මහපාරේ තබාගෙන විරෝධය දැක්වීම ඒ දේහයට කරන නිග්‍රහයක් ලෙසයි මම දකින්නෙ. අවමඟුල් පෙරහරක් විරෝධතා පෙළපාලියක් විය යුතු නැහැ. එය සිංහල අපේ හැදියාව නෙමෙයි. විරෝධතා දැක්වීමට ඕනෑතරම් ක්‍රම යොදාගන්න පුළුවන්. (නි)
හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ වැඩක්නේ. (ස)
පොලිසිය කළ යුතුව තිබුණේ බයිසිකලය ලුහුබැඳ ගොස් අල්ලා ගැනිමයි. හදිසි නිතිය රටේ තවමත් ක්‍රියාත්මකද? මිනිස්සුන්ට වෙඩි තියන්න නීතියෙන් ඇති ප්‍රතිපාදන ගැන පොලිසියට කියා දිය යුතුයි. අහිංසකයන්ට එක නීතියක්,සෙල්ලම් පිස්තෝල වලට තව නීතියක්. මේවා ගැන දැන් කතා කරලම එපා වෙලා. (ස)
කෝ බන්දුල පෙරේරා ? මෙහෙම දේවල් වලදී සද්ද නැහැ. සුදු හුණු බාල්දිය ගේන්න ගිහින් වෙන්න ඇති. (දී)
ලංකාවෙ අපරාද වැඩි වීමට සහ තව තවත් අපරාද කාරයන් බිහිවීමට පොලිසිය වගකිව යුතුයි.පොලිසිය නිසාම මමත් අපරාද කාරයෙක් වෙන්න ඉඩ තිබුණා.මගේ නූගත් අමීමත් තාත්තත් මට පොඩිකාලෙ අපාය සහ දිවිය ලෝකය ගැන කියල තිබුණ නිසා මම බෙීරැනා. කොහොම වුණත් අදත් කවුරෑ හරි පොලිසියට ගලක් හරි ගහන කොට මට සතුටක් දැනෙනවා.මෙී මරණයත් නියමෙට වහලදායි.පොලිසියට පුලුවන් ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් (දී)
ලලිත්,පාලිත,ලක්මාල් නිලු ඔයගොල්ල හරියටම හරි (දී)
නුවන්,ඔබ හරියටම හරි. (නි)
ලංකාවේ මිනිස් ජීවිතයක වටිනාකමක් නැහැ දැන්. අද ඔබට වෙන දේ හෙට අපිට වෙනවා කියලා හිතන්න. (නි)
මම නිතරම කියන දෙයක් තමයි මම ලංකාවට යන්න කියලා ගුවන් ටිකට්පත මිලදී ගනිද්දී හදවතට දැනෙන බිය.කොයිවෙලේ,කාගෙන්,කොහොම මැරුම් කන්න වේවිද කියලා හිතට පුදුම බියක් දැනෙනවා.(නි)
ඇමති කෙනෙක්ගේ පුතෙක් කර ඉර මතදී අසරණයෙක් හප්පලා මරල ගියත් වෙඩි තියල තිබුනේ නැහැ.අසරණයෙක් නම් වෙඩි තියල මරල දානවා.ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදිහකට.මානව හිමිකම් කාර්යාලයක් ඉක්මනින්ම ලංකාවෙත් පිහිටවනවානම් මම කැමතයි. (අ)
දරුවෙක් පොඩි කාලේ ඉඳලා හදා වඩා ලොකුමහත් කරන්න මොනතරම් දෙමාපියන් දුක් විඳින්න ඇද්ද? (නි)
දැන්නම් ලංකාවේ නීතිය ගැන බොහොම කණගාටුයි (නි)
දැන් ලංකාව හරියට සුඩානය,උගන්ඩාව,සෝමාලියාව වගේ වෙලා (නි)
අපි බීලද කියලා පරීක්ෂා කරනවා පොලිසීය. නමුත් පොලිසිය බීලද කියලා පරීක්ෂා කරන්නේ කවුද? මේ වෙලාවේ පොලිස් නිලධාරීන් බීමත්ව සිටි බවට චෝදනාවක් තිබෙනවා නේද? පොලිසිය මහජනතාව ගැන සිතාසිටින්නේ කෙසේද? (නි)
ධනය සහ බලය හමුවේ තමන් සතුව සුළුවෙන් හෝ තිබෙන එකම එක හොඳ ප්‍රතිපත්තිය පවා පාවා දී දනින් වැටෙන මිනිසුන්ගේ දේශපාලනයක් කාලාන්තරයක් තිස්සේ තිබෙන රටක ඉරණම අතිශය දුක්මුසු වේ. (දී)
නුවන් ඔබගේ ප්‍රතිචාරය සමග 100% එකග වෙමි. මියගිය කෙනා හට නිවන් සුව පතමි (දී)
පොලිස් මාද්‍ය ප්‍රකාශක අපේ පොලිසියේ නිලධාරීන් ඔහොම වැඩ කරන්නේ නැහැ කියල කියනවා ඉස්සර ගමකට පොලිස් නිලධාරියෙක් ගියාම නොඅඩුව සැලකිලි ලැබෙනවා නමුත් දැන් දැන් නැහැ (දී)
අපි පාරේ යනකොට වෙඩි වැදුනත් ඔච්චරම තමා. (නි)
පොලීසියෙන් රාජකාරියට ආවානම් මිනිස්සුන්ගෙන් කනවා හොදට.(අ)
දිනපතා පොලිසියෙන් සිදුවන වැරදි නිසා ජනතාව ,වර්තමාන රජය ගැන කලකිරීමට පත්වන බව රජයේ වගකිවයුත්තන්ට නොතේරීම පුදුමයට කරුණකි. (අ)
ඇත්තටම මේකට වගකියන්න ඕනෑ කවුද? (නි)
"වර්තමාන රජය ගැන කලකිරීමට පත්වන බව රජයේ වගකිවයුත්තන්ට නොතේරීම පුදුමයට කරුණකි." දන්නවා දන්නවා වැරදි හදන්න ගියොත් බොහොම ඉක්මනට රජය වැටෙන බවත් දන්නවා. 1977 පසුව පොලිසියට ආපු අය සිතන්න අවනීතිය තමයි නීතිය කියල. (අ)
මේ වැඩේ රජය අපහසුතාවයට පත් කරන්ඩ කරන වැඩක්ද? මේ රටේ මිනිස් ජීවිතයක වටිනාකම කියද? (අ)
අනේ හරි හමන් විපක්‍ෂයක්වත් තිබුන නම් මේඅය වෙනුවෙන් යමක් කරයි.(අ)
මීට කලින් කියල තිබුණා පොලිසියට ආයුධ දීලා තියෙන්නේ ඒවා භාවිතයට ගන්න කියලා. ඒත් නිරායුධ කෙනෙකුට වෙඩි තිබ්බ එක අනුමත කරන්න බෑ. (ස)
වර්තමාන පොලිසියේ නොහැකියාව අමු අමුවේ ප්‍රදර්ශනය කිරීමේ තවත් එක අවස්තාවක්! (අ)
ඇත්තටම දැන් දිගින් දිගටම සිදුවන පොලිසිය සම්බන්ධ සිදුවීම් වලදී පොලිසියේ ඉහල ඇත්තෝ ඉන්නවද නැද්ද ගානට වැටිලානේ. හරියට අල්ලපු ගෙදර මනුස්සයාට කිඹුහුමක් ගියාම අපිට වගක් නැහැ වගේ ඉන්නවා. (නදී)
බැනර් දැක්කම මතක් වෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනව කියන පරණ කතාව. (නදී)
මේ මනුස්සයා අමු අමුවේම ඝාතනය කරලා නේද? ස්වාභධර්මයෙන් දඩුවම් ලැබේවි වැරදි කාරයන්ට (නදී)
රටට මොකද වෙලා තියෙන්නේ (නදී)
මේ වගේ පොලිස්කාරයින්ට දඩුවම් දෙන්න ඔනේ (නදී)
පොලිසිය , මිනිස්සුන්ට පිහිටට ඉන්න ඕනි පිරිසක්. නමුත් මෙහෙම ගියොත් මිනිස්සුන්ට වෙන්නේ පොලිසිය දකිනකොට මරණ බයෙන් බේරෙන්න (නදී)
පොලිසියට බඳවා ගන්න කලින් කියා දෙන්න කෝට් එක ඇඳ ගත්තාම මහජනතාව ඉදිරිපිට හැසිරෙන ආකාරය සහ කතා කරන පිළිවෙල, අනෙක මහජනතාවට පොලිස් දෙපාර්තමේන්තුව පනවන නීති දඩ වලට වඩා පොලිස් නිලදාරීන්ගේ පැවැත්මට නීති හදානවා නම් සියල්ලටම ඉතා හොඳ දෙයකි. (ස)
දැන් ඉතින් මොනදේ කලත් මොකටද? (දී)
කෝ පහුගිය දවස්වල පොලිසියට සුදුහුණු ගාපු අය. මේ කට්ටිය කුලීවැඩ කරකර ඉදල යුනිෆෝර්ම් දැම්මම නඩුකරත් එයා , උසවියත් එයා , පෙරකදොරුවත් එයා ,පැමිණිල්ලත් එයා ශාස්කියත් එයා .මෙයාලට තුවක්කු නෙවෙයි දෙන්න ඕන කාලතුවක්කු. (දී) යුනිෆෝර්ම්
ඉහත අදහස් දල තියන අය ඇත්ත ලියල තියනවා.නුවන් ගේ කතාව හරි. ලංකාවේ අසරණ මිනිස්සු මොනවා කරන්නද.මිනීමරුවන්ට නියම දඩුවම් ලැබෙන්නේ නැහැ . (දී)
වර්තමාන පොලිසියේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමේ තවත් එක අවස්තාවක් (දී)
මේ පොලි්සියේ රලහාමිව උසාවියට ඉදිරිපත් කරන එක හොඳයි. පේන විදිහට අසාදාරන මිනීමැරුමක් වගේම අපේ රටේ මිනිසුන්ගේ ජීවිත අවදානම් වගේ. (නදී)
මේක මිනි මැරුමක්. මිනීමරුවෝ කවුද කියල රටම දන්නවා. එත්, පොලිසිය තවමත් ඒ ගැන මුකුත් වැඩිය කියන්න දන්නේ නැහැ. මේකේ අනිත් පුදුමේ තමයි, පිටිපස්සෙන් ඉඳල වෙඩි තියපුවම පිටිපස්සේ ඉන්න කෙනා බේරිලා ඉස්සරහ ඉන්නේ කෙනාගේ පැත්තට වෙඩි වදින එක. එකත් මාරයි නේද???(දී)
එක්කෙනෙකුගේ වැඩක් නිසා සමස්ත පොලිසියම බැනුම් අහනවා (දී)
වදුරන්ට දැලිපිහි දීල (දී)
ලංකාවේ දැන් පොලිසියේ ඉන්න බහුතරයක් ලොක්කන්ට කඩේ යන ජාතියක් (දී)
වහාම මේ මරණයට වගකියයුත්ටන් අත්අඩංගුවට අරන් නිතිය හමුවට පමුණුවන ලෙස පොලිසියේ උසස් නිලධාරින්ගෙන් සහ, ආරක්ෂක ලේකම්ගෙන්, ඉල්ලාසිටිනවා. මෙහෙම මනුස්සයන්ට වෙඩි තියන්න පොලිසියට බලේ දුන්නේ කවුද ? (දී)
අපගේ අදහස් වලට ගරු කරනවට අපේ පුවත් පත ලංකාදීපයට ගොඩාක් ස්තුතිය කතෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතියි (දී)
ජීවිතයක වටිනාකම් දන්නේ නැහැ.ගෑනු එක්කෙනාට කෝ ස්වාමියෙක්.ජීවන මගක්,දරුවට තාත්තා කෙනෙක්, තනියට ලෙඩට දුකට හිටිය ස්වාමියා,තාත්ත බිලිගත්තා. (ස)
මැරයන්ට අහසට වෙඩි.අහිංසකයන්ට ජීවිතේ නැති වෙන්න වෙඩි තියෙනවා. මොනාද මේ කරන නීතියේ හැටි.අවසිහියෙන්ද පොලිස් නිලදාරීන් සේවය කරන්නේ.(අ)
තව දවස් කිහිපයක් ඕක මතක තියෙයි. (දී)
පොලිසියත් දන්නවා මිනිස්සුන්ට ටික දවසකින් ඔක්කොම අමතක වෙන විත්තිය. (දී)
සෑම පොලිස් නිලධාරියෙකුටම ගිනිඅවි පාවිච්චි කරන්න දීපු එකේ රඟ දැනටම රටට තේරිලා. (දී)
ඇත්තටම ලංකාවේ මිනිස්සු ගොඩක් හොඳ හා ඉවසන අය. වෙනත් රටක නම් මෙලහකට පොලිසියෙන් ජීවිතය බෙරා ගැනීමට මිනිස්සු ආයුද අතට අරන්. ලංකාව පුරා මේ වගේ අපරාද කියක් නම් පොලිසියෙන් කරාද. මම නම් හිතන්නේ කිතුල්වල ජනතාව තනි කරන්නේ නැතිව මුළු ලංකාවම මේ අපරාද වලට එරෙහිව පාරට බහින්න ඕන. (දී)
වටිනා ජීවිතයක් විනාශ කළා (දී)
අපි මොනවා කිවුවත් තුවාලය ඇති කෙනයි ඒකේ වේදනාව දන්නේ (නි)
අනේ ජයන්ත,විපක්‍ෂෙ ආව කියල ඕකෙ වෙනසක් තියනවද.???(දී)
නාමලී වැඩිදෙදෙනෙක් නිසා හොද කෙනාත් දොස් අහනවා (දී)
අපරාදේ වටිනා ජිවිතයක් ඒ පව්ලේ අයට අපගේ බලවත් කණගාටුව (දී)
කව්රුත් ඇහුවද ඇයි වෙඩි තිබ්බේ කියලා ? තමුන්ට කරදරයක් කරලා දුවන හොරෙක් නවත්තගන්න බැරි උනා නම් එ්කට කියයි පොලිසිය වැඩක් නැහැ කියයි මුන්ට තුවක්කු දුන්නට වැඩිය හොදයි පොල්පිති දුන්නා නම් කියලා.(නදී)
මෙම පොලිසියේ අයව ආයුද පෙන්නන්න අරගෙන යන්න කට්ටිය නැහැනේ. (දී)
අනේ මන්දා! මේ කරන දේවල් වලට මගේ නම් එච්චර කැමැත්තක් නැහැ (නි)
මහජන මුදලින් යැපෙන පොලිස් නිලදාරීන් විසින් මහජනයට වෙඩි තැබීම අගය කල යුතුයි (දී)
නිතිය සුරකින අය මේ විදිහට හැසිරෙන එක හොදද (දී)
කෝ බන්දුල පෙරේරා? (දී)
ඉස්සර මිනිස්සු කොටි බෝම්බ කොහේ පුපුරෛද කියන සැකෙන් පාරට බැස්ස,අද මිනිසුන්ට පාරට බහිද්දී බය දැනෙන්නේ පාත්ලයෙන් හෝ පොලිසියෙන් වෙඩිල්ලක් පත්තු වේදෝ කියන සැකයෙන්.පක්ස විපක්ස මැති ඇමතිවරු කොපි බොද්දි අපට වෙලා තිබෙන්නේ වහ බොන්න (දී)
වැරදි කරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන්න (දී)