මෙරට නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් යාපනයේ චාරිකාවක් පිටත් විමට පෙර අද (2) කතානායක ජයසූරිය මහතා මෙරට පක්ෂ නායකයින් කිහිපදෙනෙකු කොළඹදී හමුවූ බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලය පවසයි.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම හමුවීම් වලදී බැන් කී මූන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති හා වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් සහ ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක හා යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්ද මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.


![unnamed_(10)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/unnamed_101.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නිමා කිරීම ලොකුම මානව හිමිකම් ජයබව නොකීවද?(හේ)
මාර වැඩේ තමයි.(හේ)