
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව වාර්තාවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු ද වන මහාචාර්ය අභයකෝන් මහතා වත්මන් මළිමා රජය පත්වීමෙන් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කළේය.
මේ සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ පෞද්ගලික හේතූන් මත මීට දින කිහිපයකට ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවයි.
ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද අභයකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලය පාලනය කල විදිහට පලාතක් ආණ්ඩු කරන්න බෑ කියල තේරුම්ගෙන නම් සැමට යහපතක්....
හොරකම් කරන්න ආව නොවෙන මිනිස්සු නිසා තනතුරුවලට ලෝබකමක් නෑ. කුජීත වෙන්න පැරදිලත් ගෙවලයෝ, කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ වගේ රටේ සල්ලි කකා ඉන්න ආව අය නම් තාමත් කට ඇරන් ඉන්නවා...
හොඳ තීරණයක්, කරන්න බැරිනම් අස්වෙන්න ඕන.
මල්වඩම් අනවශ්‍යයි. දේශපාලනයේ, පාලන තන්ත්රයේ ප්‍රාථමික අවධියේ අය සමග වැඩ කරන්න... උගතුන්ට ඉතාමත් අමාරුය.
හොද තීරණයක්, පරිපාලනය මෙවැනි පරිසරයක එතුමාට අපහසු ඇති...
හොද තීරණයක්...