මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ ඝාතන, පහරදීම්, අතුරුදන් කිරීම් හා තර්ජන ඇතුළු සියලු අපරාධ පරීක්ෂා කිරීමට ජනපති විමර්ශන කොමිසමක් පත් කර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
ජනපති කොමිසමක් පත් කරන ලෙස බල කරමින් බැනරයකට අත්සන් ගැනීම ද ඇරැඹිණි.
මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ ද, සිවිල් ක්‍රියාකාරීහු ද, දේශපාලනඥයෝ ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.
ඡායාරූප - කෞෂල්‍ය සමින්ද
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - කෞෂල්‍ය සමින්ද



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරාන්තික උපවාසයක් කරන්න බැරිද දන්නෙ නැහැ. (බ)