ඇල්පිටිය, කහදූව, වතුරවිල තේ කර්මාන්ත ශාලාව අසලදී මාධ්‍යවේදී චන්දන බණ්ඩාරිගොඩ මහතාට හා ඔහුගේ මිතුරකුවන සමන් ප්‍රියදර්ශන බද්දේගම යන දෙදෙනාටත් ඔවුන් ගමන්ගත් වාහනයටත් කිසියම් පිරිසක් පහරදී ඇතැයි පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුළු කර ඇතැයිද මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවත් පහර දුන් පිරිස තුවාලකරුවන් විසින් හඳුනාගනු ලැබ ඇති බවත් පොලිසිය පවසයි.

SAMSUNG CAMERA PICTURES SAMSUNG CAMERA PICTURES