හම්බන්තොටදී මාධ්‍යවේදියකුට පහර දීම ගැන කරුණු විමසා නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මාධ්‍යවේදියාට පහරදීමේ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කළ එම කොමිසම මේ වන විට පහර කෑ මාධ්‍යවේදියාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණය සඳහා රූපවාහිනී දර්ශන හා ඡායාරූපද උපයෝගී කර ගන්නා බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. නාවික හමුදාපතිගේ කරුණු දැක්වීම ලද පසු විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සලකා බලන බව ද කොමිසම පවසයි.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ පැවැති වරාය සේවකයන්ගේ විරෝධයක් වාර්තා කිරීමට යෑමේදී ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී නාවික හමුදාපතිවරයාගේ පහරකෑමට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නැතිකොට මිනිස්සු ඔහොම දේවල් කරනවා. අපි රටක් වශයෙන් ලැජ්ජාවට පත්විය යුතුයි (නි)
සමහරු යර්ස් සර් ඕ.කේ සර් කියලා හොරෙන් කියලා එළිපිට වැඩේ දෙනවා. හැබැයි ඉතින් වෙනසක් නැහැ. (නි)
නුගේගොඩ සෙනඟ දැක්කම ගැලවුමක් නැති බව තේරුණා වගේ. (නි)
දාන්නෙ නැද්ද මේකටත් කොමිසමක් එහෙම? (නි)
ඔය වගේ දේවල් යහපාලනයක් උදෙසා කැපවුණු ආණ්ඩුවක් යටතේ නොවිය යුතුයි. අපි දකිනවා එක් නියෝජ්‍ය ඇමතිවරයෙක්, වැඩ වැරදිලා තක්කු මුක්කු වෙලා ඉන්නවා. මුදල් ඇමතිවරයාත්, බොහෝ මාධ්‍ය සාකච්ඡා වලදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට හරි විදිහට උත්තර දෙන්නෙ නැහැ. බලය ලැබෙනකොට මොළය නැතිවෙලා ඔලුව ඉදිමෙනවා කියන්නේ ඔන්න ඕවටයි. හැබැයි යහපාලනයට, ඕවා ඔබින්නේ නැහැ මහත්තුරුනේ. (නි)
යුද්දේ කාලේ රට වෙනුවෙන් මැරෙන්න වුණත් ඉදිරියට ආපු මෙවන් උත්තමයන්ට නොදැන ගරහන්න එපා! හොදින් හොයල බලන්න. මේ උත්තමය දෙවි කෙනෙකුගේ ගතිගුණ තියෙන අපේ රටේ පිනට ඉපදුන හොද මනුස්සයෙක්. වැරැද්දනම් ඔහු අපේ වගේ අාත්මාර්තකාමියන් ඉන්න තැනක ඉපදීම. මම ඔහුට ජේසු පිහිට පතනවා! ජේසු පිහිටෙන් ඔබලගේත් ඇස් ඇරේවා! ඔබ සැමට ජේසු පිහිටයි! (බ)
සෙනග දැකලා අපිත් රැවටුනා ගිය සැරේ . නමුත් ඡන්ද වැටුනේ වෙන කාටවත් .මේ සැරේ කිසිම හොරෙකුට මනාප නැහැ .(බ)
කරුණු විමසා මෙහෙම අයව තනතුරු වලින් ඉවත් කරන්න , යහළු කම , දේශපාලන සම්බන්ද කම ඉවතලා යහපාලනයක් නියම විදියට කරන්න. (ර)
අපේ රටේ නීතියක් නැහැ. හැම එකකටමේ කොමිසමක් පත් කරලා මාස 25ක් විතර ඇදල අපේ සල්ලි වලින් කොමිසමටත් පඩි ගෙවල පස්සේ බොරු වාර්තාවක් දෙන රටක් මේක. පුදුම දූෂිත පාලනයක්. (ම)
උත්තමයෙක් කරන වැඩද මේ වගකිවයුතු නිලධාරියා එදා කරේ..? (ර)
මොහාන් මමත් මා සමග තවත් අයත් ගියා ඒ සල්ලි වලට නොවෙයි. මම ඔබගැන සිතන විදිහට ඔබ මහජනයා ගැන සිතන්න එපා. මොකද අපි ගුණමකු සිංහලයෝ නොවෙයි. අර බැංකු මගඩියෙන් ලැබෙන සල්ලි කාටද කොහාටද? (බ)
බමුණු මහත්තයෝ, මට හොරකම් කරපු සල්ලි තිබුණානම් නුගේගොඩ නෙමේ ගාලු මුවදොර පිටිය පිරෙන්න සෙනග ගේනවා. (බ)
මොහාන් ඔබහිතා ගෙන ඉන්නේ සල්ලි තිබුනොත් ඔබ පසුපස රටේ ජනතාව එ්වී කියලද? විකාර මම හිත්න්නැහැ බල්ලෙක් වත් එ්වී කියල. මහින්ද මහතා පැරදී ගෙදර ගියා වෙලාවේ එතුමා බලන්න ඒ මහතාගේ ගෙදටර ජනතාව ගියේ සල්ලිවලට නොවෙයි. ඔබ වගේ ගුණමකු මිනිසුන් හැරන්නට රටේ බොහෝ කළගුණ දන්නා මිනිසුන් ඉන්න බව පෙන් වීමට. ඔබල වගේ ගුණමකු මිනිස්සු මෙරටේ තවත් නොඉපදෙවා කියා ප්‍රර්ථනා කරමි (බ)
මහ දවල් වරායට ආපු නැව් බේර ගත්ත එක වරදක්ද (බ)
මේක මහා අවමානයක් මුළුමහත් නාවික හමුදාවට (නි)
රන්ජන් රාමනායකගේ සිද්ධිය වගේ මේ ප්‍රශ්නෙත් සමථයකට පත්කර ගත්තා කියලා හෙට අනිද්දා ප්‍රකාශ කරයි (නි)