හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාවික හමුදාපති ජනමාධ්‍යවේදියකුට පහරදීම හා රාජකාරියට බාධා කිරීම හෙළා දකින බවත්, ඒ ගැන විමර්ශනයක් පැවැත්වියයුතු බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.
ජනමාධ්‍යවේදියාට පහර දීම ගැන විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිසියෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම හා ඔහුට පහර දීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් හෙළා දකිමු.
පසුගිය ආණ්ඩු කාලයේ රතුපස්වල දී බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අතුළු යුද හමුදා පිරිසක් ජනමාධ්‍යවේදීන්ට පහර දීම සහ වර්තමානයේ නාවික හමුදාපතිවරයා ම ජනමාධ්‍යවේදියකුට පහර දී රාජකාරියට බාධා කිරීම යන සිදුවීම් දෙක අතර ලොකු වෙනසක් අපි නොදකිමු. මාධ්‍ය නිදහස ඇතැයි ද, ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය විවේචනය කළ ද මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම දැන් නැවතී ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මීට සති දෙකකට පමණ පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශ හුදු වාග් ප්‍රලාප පමණක් ම බව මෙම සිදුවීමෙන් හොද හැටි පැහැදිලි විය.
මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස නොදකින අප මෙය බරපතල තත්ත්වයක් බව අවධාරණය කරමු. මේ ගැන වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස්පතිගෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ වනවිටත් ඉල්ලීම් කර තිබේ.
රතුපස්වල සිදුවීමේදී මාධ්‍යවේදීන් අපහසුතාවට පත්වීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් මෙවන් සිදුවීම් යළි යළිත් සිදු වීමට කිසිදු ඉඩක් නොමැත. මෙය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා සාධාරණ පරීක්ෂණයක් සිදු කර නාවික හමුදාපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ශ්‍රී ලංකා තරුණ ජනාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදීන්ට රාජපක්ෂ පාලනයේදී නිවැරදි තැනක් දුන්නා (නි)
එතනට ගියේ කොහොමද..? පෝර්ට් එකට යන්න අවසර ඕනෑ. අනික මුදාගැනීමේ මෙහෙයුම් මාධ්‍ය වල දාන එක ගැනත් සළකා බලන්න ඕනෑ (නි)
මාධ්‍යවේදින්ට ඕනෑම තැනක අවසරයකින් තොරව යන්න පුලුවන්ද? (නි)
නාවික හමුදාපති කියලා ඔතනට වැදිලා, මැරකම් කරපු කෙනා හොයාගෙන අමතක නොවෙන පාඩමක් ඉගැන්වීමට කිසිම බාධාවක් නැහැ නේද? වරායක් වැනි අධි ආරක්‍ෂිත කලාපයක තිබෙන ආරක්ෂක කැමරා මඟින් වැරදිකරුවන් හොයාගැනීම ඉක්මනින්ම කළයුතු වෙනවා (නි)
අඩුම තරමින් තනතුරට උචිත ඇඳුමක් අඳින්නවත් නොදන්නා ලොක්කන්ගෙන් නීතිගරුක ක්‍රියාකලාපයන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
වෙන රටක නම් මේ වැනි ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. වැරදීමකින් හරි එහෙම දෙයක් සිදුවුණොත් පිත්තල බොත්තම් ටිකත් එක්ක කෝට් එක ගළවලා තියලා ගෙදර (හෝ හිරගෙදර ) යන්න වෙනවා. (නි)
අනේ ඔයාලත් ස්ට්‍රයික් කරන්නකෝ. (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපි නම් දන්නවා ඔය විමර්ශන වලට වෙන දේ (නි)