බදුල්ලේ හාලිඇළ දී ලංකාදීප ඇටම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහර දී මාරාන්තික තුවාල සිදුකිරීම හා ඔහුගේ උපකරණ කඩා දැමීමට විරෝධය පලකරමින් අද ගාල්ලේ මාධ්‍යවේදීහු ගාලු ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට පැයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වූහ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානය මෙය සංවිධානය කැර තිබිණි. මාධ්‍ය නිදහස සුරකින් ලෙසත් පහරදුන් මැරයන් අල්ලා නිසි දඬුවම් ලබාදෙන ලෙසත් උද්ඝෝෂණයේ නිරත මාධ්‍යවේදීහු ඉල්ලා සිටියහ. නීතිය වල් වැදී තිබෙන බව මෙවැනි ප්‍රහාර හොඳ උදාහරණයක් බවත් ඔවුහු කීහ.
ඌවේ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර හාලිඇළ දී ඇතිවූ ගැටුමක් ආවරණය කර යළි නිවෙස බලා යමින් සිටිය දී කුරුප්පුආරච්චි මහතාට පහර දී තිබිණි.
ඡායා සජීව විජේවීර
මාතලේ දිස්ත්‍රික් මාධ්‍යවේදීන් මැර ප්‍රහාරය හෙළා දකිමින් මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධය දැක් වු අයුරු
(ඡායා රවීන්ද්‍ර විරාජ් අභයසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම සමාජය නහස්ති වෙනවා (දී)
මට නම් හරිම කලකිරීමක් දැනුනා. මේ තමයි ඇත්ත . ඒ සාධාරණීය මාද්‍යවේදියා වෙනුවෙන් හඩ නගන්න ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක්. ඒත් දේශපාලුවෙකුගේ රැස්වීමක් ඔතන තිබුනා නම් පාරවල් ටික සේරම වහල මිනිස්සු පෑගිලාත් මැරෙයි. ඇයි ඒ ? "කාලකන්නි අරක්කු වීදුරුවයි බත් පතයි "වෙනුවෙන් ජීවිතය හරි දෙන තරමට අපේ මනසින් උසයි කියා ගන්න මිනිහා පත්වෙලා. අපේ බත් කන සිංහලයට නිකමට හරි තිබුනා කෙලෙහි ගුණයක් වශයෙන් පැයක් ඔතනට සහබාගිවෙන්න. ඒ උනාට උදේ පාන්දර යනවා කඩ පිලට පත්තරේ බලන්න. පිරිහිලා තියන තරම ගොඩ ගන්න ආයේ නම් කල්ප විනාසේ දක්වා දීවත් බැහැ?මිනිසුනේ ඔබලා විහින් අඳුරේ අතගාමින් නරකාදියේ ගිලිලා මිය යනවා. අපේ මාද්‍ය වේදීන්ට සාධාරණය ඉෂ්ට වේවා...! (නදී)