ලංකාදීප ප්‍රදේශීය මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර ජයසිංහට පහර දුන් බව කියන වලිමුණිගේ සිසිර හෙවත් කුඩු සිසිර ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා නියෝග කළේය.
පුත්තලම පළාවියේ රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියා මැර ප්‍රහාරයට ලක් විය.
ඔහු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ද ලැබීය.
මාධ්‍යවේදියා තමාට පහර දුන් බව කියමින් සැකකරු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබද්දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩබලන මහේස්ත්‍රාත් පුත්තලම රෝහලට ගොස් ඔහු රිමාන්ඩ් කිරීමෙන් පසු පොලිසිය සැකකරු බන්ධානාගාරයට රැගෙන යද්දී එම මාධ්‍යවේදියාට යළි බෝතල් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! නව ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස ලැබිලත් තවමත් ඒකට හරස් කපන උදවිය ඉන්න හැටි. (නි)