වකුගඩු ජාවාරමට හවුල් යැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබූ වෛද්‍යවරුන් හය දෙනාගෙන් එක් වෛද්‍යවරයකු තම සංගමයේ සාමාජිකයකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
එම වෛද්‍යවරයාගේ නම සඳහන් කර ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකුදැයි මාධ්‍යවේදියකු පසුගිය සිකුරාදා විමසද්දී එහි මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා ඊට පිළිතුරු නොදී ප්‍රශ්නය මග හැර ගියේය.
සිකුරාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය සොයිසා මාධ්‍ය මුලින් කීවේ කොළයක වෛද්‍යවරයාගේ නම ලියා දෙන්නේ නම් ඔහු සාමාජිකයකු දැයි විනාඩි 10න් ප්‍රකාශ කරන බවයි.
මාධ්‍යවේදියා නම ලියා දුන් පසු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වේදියාට චෝදනා කරමින් පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.
ඔහු මාධ්‍යවේදියාට අපහාසාත්මක ලෙස හා මාධ්‍යවේදියා හෑල්ලුවට පත් වන ආකාරයෙන් කතා කිරීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙළා දැක්කේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා බලලා උත්තර දෙන්න ඇති (නි)
මේ වගේ වැදගත් සංගමයකට වැදගත් මිනිස්සු පත්කරගන්න අපි කියල දෙන්න ඕනෙද ? ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියෙන මනුස්සයෙක් නම් ඉල්ලා අස්වෙනවා .ඉස්සරනම් දොස්තරමහතෙක්ව දැක්කත් ලෙඩ සනීප වෙනවා .මේගොල්ලන්ව දැක්කම ලෙඩුන් හීනෙනුත් බය වෙනවා . (ර)
90% කට වඩා වෛද්‍යවරු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරති .එකෙක් කළ වරදකට සංගමයට දොස් පැවරීම යුක්ති සහගත නැත .නමුත් මෙම වෘත්තීය සමිති නියොජිතයින් සාමාන්‍ය මහජනයා සමග කටයුතු කිරීමේදි උද්ධච්ඡ ලෙස හැසිරීමෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙන බව තෙරුම් ගත යුතුය .මාධ්‍යකරුවන් අතරද ඩීල් කාරයන් දූෂිතයන් සිටි පළියට සියලු මාධ්‍යකරුවන් ජරා ගොඩට දැමීමද සාධාරණ නැත (බ)
මදැයි එහෙමහරි ලැබුනා.... (නි)
මොනවා හරි කිවුවොත් වැඩ වර්ජනයක් කරයි.ඊට පස්සේ කට්ටිය කියයි යහපාලනයේ හැටි කියල.(ම)
ඒ වෙලාවේ මේ කතාව කිවුවා නම් ඔහුට සංගමේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා හිතෙන්න ඇති, සමහරවිට (නි)
කොළයක නමක් ලියා තිබු පමණින් ප්‍රශ්නයට උත්තර දීමට බැරිවෙන්න ඇති (නි)
ඒ කොන්දොස්තරගේ උද්දච්චකම අපි හොඳින්ම දුටුවා. (බ)
මාධ්‍යවේදීන් වන ඔබට කශේරුකාවක් තිබෙන බව ඔප්පුකර පෙන්වීමට වෙලාවයි මේ (නි)
රෝහලේදී මිනිසුන්ට දාන සැර මාධ්‍යවේදීන්ට දාන්න ගිහිල්ලා එදා නම් පාඩමක් ඉගෙනගන්න ඇති (නි)
අනේ ඇත්තට මෙහෙමත් රටක්! (නි)
ඔය වෛද්‍ය සංගමය පසුගිය රජය කාලේ අයථා ක්‍රම මගින් හොදට මුදල් හම්බ කලා. දැන් එහෙම බැරි නිසා ලොකු අමාරුවකින් ඉන්නේ .ඉතින් එයාලට කරන්න පුළුවන් වර්ජන පමණයි (ම)
අමාරුවෙන් ඉගෙනගෙන තැනකට ආවට පස්සේ ගොඩක් දෙනෙකුට මුල අමතක වෙනවා (නි)
සිල්ලර කාසි තමයි සද්දෙට හෙළවෙන්නේ. වටිනා නෝට්ටු නම් ඒවායේ වටිනකමත් තියාගෙන බොහොම වැදගත් විදියට ඉන්නවා. (නි)
මෙයා මෙතන මෙහෙම නම් හැසිරෙන්නේ ලෙඩුන්ට කොහොම සළකනවද කියලා හිතාගන්න පුළුවන්. (නි)
කොහොම හරි දොස්තරලගේ කට වහන්න .. ජනවාරි 8 වෙනිදා කළා වගේ හොද මාධ්‍ය සංදර්ශනයක් කරන්න. (බ)
කොහොම හරි දොස්තරලගේ කට වහන්න .. ජනවාරි 8 වෙනිදා කළා වගේ හොද මාධ්‍ය සංදර්ශනයක් කරන්න. (බ)