ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 59ක් ද මහින්ද රාජපක්ෂ මහතාට සියයට 41ක් ලැබෙන බවට වාර්තාවක් දුන් බව කියන බුද්ධි අංශ ප්‍රධානී චන්ද්‍රා වාකිෂ්ට මහතා එම තනතුරින් ඉවත් කළැයි නොවැම්බර 30 වැනි දා රාවයේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එහි ප්‍රධාන කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා රහස් පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලියාගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ වාකිෂ්ඨ මහතා තවමත් සේවයේ සිටින බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ජනරංජන මහතා කැඳවා තිබුණු බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස (දිල්)
වාකිෂ්ට, හොද නීති ගරුක අවංක පොලිස් නිලදරුවෙකි. (ර)
මේක මගේ අනාවැකියක්. මෛත්‍රීපාල සිරිසේන මහතාට 64.58% මහින්ද රාජපක්ෂ මහතාට 34.25% වෙනත් 1.17%.(හේ) 9 වෙනිදාට කථා කරන්න. මට
අපිට නම් මේවට කියන්න දෙයක් නැහැ..මේක එස් එම් එස් වලින් ජයග්‍රාහකයා තොරණ රියලිටි ෂෝ එකක් නෙමෙයි ජනාධිපතිවරණයක්. මේ ප්‍රතිපලය ලැබෙන්න ඉර බටහිරින් පායන්න ඕන කියල අපි දන්නවා. (අ)
පොලිසිය මේ ගැන ප්‍රශ්න කිරීම සාධාරනයි බුද්දි අංශයේ දේවල් මේ අවස්ථාවේ හෙළිදරව් කිරීම වරදක් ඇත මේක ඇත්තක්ද කියල හෙව්වොත් හොඳයි (අ)
ඒ උනාට මම නම් අදත් දැක්කා කේ ඩබ්ලිව් ජනරංජන මහතා සදහන් කරනවා, එම ප්‍රවෘත්තියේ සත්‍යතාව ගැන ඔවුන් අදටත් පෙනී සිටිනවා කියා. මේ යන විදියට නම් ඇත්ත කතාකරන,සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනා ලංකාදීප පුවත්පතටත් තර්ජන,බාධා එන්නට බැරි නෑ. මාධ්‍යට නිදහසේ ඉන්න දෙන්න. එයාලා නිසයි අපි රටේ තොටේ වන්නේ කුමක්ද කියා දැනගන්නේ. (නදී)
ඇයි මෙච්චර බය වෙලා (නදී)
මේවා අලුත් වැඩ නෙවෙයි. ඉතිහාසයේ නැවත ප්‍රචාරය වෙනවා. අපිට රිචඩ් මතක් වෙනවා. ලසන්තලා ගැන මතක් වෙනවා. තව ඉදිරියට මීට වැඩි දේවල් බලාගන්න පුලුවන් (නදී)
මොකක් හරි ඇත්තක් ඇති.(දිල්)
ප්‍රවෘත්තිය වැරදි නම් නිවැරදි කර නිවේදනයක් දමනවා මිස මෙසේ කිරීම මාධ්‍ය බියගැන්වීමක් මිස වෙන යමක් ලෙස අපි නම් නොදකිමු. (නි)
ඉතින් හරියට වැඩ කරල තියනවනම් කව්රු මොනවා කිව්වහම මොකටද බයවෙන්නේ. (ස)
ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 59ක් ද මහින්ද රාජපක්ෂ මහතාට සියයට 41ක් ලැබෙන බවට වාර්තාවක් දුන් බව කියන....59 % ට වඩා ගන්නවා. ඒක ඉර හද වගේ විශ්වාසයි. (නදී)
එයා තවමත් ඉන්නවා කියල කියන්නේ අජිත් රෝහණ මහත්තයටත් පුදුම දෙයක් වගේ පේන්නේ. (නදී)
පොලිසියෙන් ප්‍රශ්න කිරීමේත් වැරැද්දක් මම නම් දකින්නේ නැහැ.(හේ)
සමන් මහත්තයව කවදාද පිස්සන් කොටුවෙන් එලියට දැම්මේ. ඔන්න මම ලියා ගත්ත ඔබ තුමාගේ ගාන. මතක ඇතුව එදාට ඔය ගානත් එක්ක ඉර පායන පැත්තත් හොදට බලන්න. මොකද නැගෙනහිරින් ඉර පායනවා නම් ඔයාට ආයෙත් පිස්සන් කොටු යන්නම වෙනවා. (නදී)
ඇත්තටම ජනරංජන මැතිතුමා නීතිඥයෙක් සහ කෙලින් මනුස්සයෙක්. එතුමාගේ මාධ්‍ය වෙනුවෙන් තිබෙන කැපවීම නිසයි එතුමා ලියන්නේ. (ර)
බුද්ධි අංශ වාර්තා ප්‍රසිද්ධ කරන්න අයිතියක් නැහැ තමා. වෙන රටක නම් මීට වැඩිය දඬුවම් කරනවා. (නි)
දෙවියන්ගේ පිහිටෙන් ඔහුට සාධාරණයක් ඉෂ්ටවේවා! (නි)
ඔක්කොමට අතීතය අමතකවෙලා. ඉස්සර මෙහෙම ලියන්නවත් බැරුවයි හිටියේ. පත්තරයක් බැලුවොත් බලධාරියා විසින් කපාහරින ලදී කියලා තමයි තිබුනේ (නි)
මාධ්‍යවේදීන් හැම වෙලාවේම ඇත්ත ප්‍රකාශකළ යුතුයි (නි)
රාවය දෙයක් පළකරන්නේ ඉතාම වගකීමෙන්. අපි ඒක දන්නවා (නි)
අපි සැමදා ලංකාදීපය සමඟයි. එසේම මේ වෙලාවේ අපි රාවය තනි නොකරමු (නි)
එතකොට බුද්ධි අංශ ප්‍රධානී චන්ද්‍රා වාකිෂ්ට මහතා එම තනතුරින් ඉවත් කල පසුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා යලි එය හදා දුන්න කතාව බොරුද ? බලන්න මේ මින්ස්සු කියන කතා! (නදී)
විධායක ජනාධිපති ක්‍රමය නැති කලාට පස්සේ ඇත්ත එලියට එයි.(හේ)
රාවය සහ වික්ටර් අයිවන් මහත්තය බොරු කියන්නෑ. (දිල්)
ඕක රාවය කියන්න දෙයක් නැහැ. අපි හොදාකාරවම දන්නවා. (නදී)
පසුගිය රජයන් යටතේ මාධ්‍යවේදියෙක්ව බුද්ධි අංශයට ගෙන්නන්න බැහැ කියලා නීති සම්පාදනය උනා. මාධ්‍ය ආයතනයට බුද්ධි අංශ නිධාරීන් යා යුතුයි දැන් ඒ නීතියත් වල් වැදිලද ? (නදී)
රාවය යනු ජන මාධ්‍යට අමුතුම පන්නරයක් දීපු පුවත් පතක්. (නදී)
මරණය දේශපාලකයාටද පොදුයි. මහජනතාවගේ ඡන්දයට නැතිනම් කැමැත්තට පටහැනිව කටයුතු කරන තැනැත්තා කුමන තිරිසන් ආත්මයක ඊළග භවයේදී උපත ලබයිද කියන එක මෙනෙහි කරන එක හොදයි.(මෙි භවයේ මොවුන් කටයුතු කරණුයේ අනිත්‍ය පිළිබද අවබෝධයකින් තොරවයි) (බ)
අජිත් රෝහණ මහත්තයා කියන්නේ ඇත්ත කියලා මම කියනවා. (නි)
මේ රටේ කොහෙද ප්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය තියෙන්නේ. මිනිසුන්ට තමන් කැමති කෙනෙකුට ඡන්ද වැඩකරන්න,කථා කරන්නවත් අයිතියක් මේ රටේ තියෙනවාද? (නි)
මොනවා වේවිද දන්නෙ නැහැ. අපි බලාගෙන ඉමුකෝ (නි)
ඔය ප්‍රකාශය ගන්න 4 වෙනි තට්ටුවටම කැඳෙව්වේ ඇයි කියන එකනේ ප්‍රශ්ණය. ඕක නිකන් පොලිස් ස්ථානයකට එන්න කියල ගන්න බැරි ප්‍රකාශයක්ද ? (නදී)
විදේශ වල ඉන්න අපි අවදි වෙන්නේ ලංකාදීපය එක්කලා. (ර)