ගවේශනාත්මක මාධ්‍යකරණයට දෙනියායට ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අට වැනි දා ලබා දීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.
මහජන මුදලින් මොරවක ප්‍රදේශයේ ඉදි කරන බව කියන පෞද්ගලික පාරක් හා මන්දිරයක් ගැන තොරතුරු සෙවීමට ගොස් සිටිය දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පන යටතේ මාධ්‍යවේදීන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත්, ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළැයි දින නවයක් රැඳවුම් බාරයේ තබා ගත් බවත් අධිකරණයේ දී කියැවිණි. නමුත් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ සාමාන්‍ය නීතිය යටතේ අයුතු ඇතුළුවීම යන චෝදනාවට බව ද සඳහන් විය.
ශාලික විමලසේන, දයා නෙත්තසිංහ සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මාධ්‍යවේදීහු තිදෙනා නඩුවේ සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
මාධ්‍යකරණය එකක්. පුද්ගලික දේපළකට ඇතුළුවීම තව එකක්. ඉඳිකිරීමට වියදම් කරන්නේ මහජන මුදල්ද කියලා බලන්න ඉඩමට ඇතුළු වෙන්නම ඕනෑ නැහැනේ? නීතිය සැමටම සහ සෑම අවස්ථාවකටම පොදු වියයුතුයි. සාධාරණ වියයුතුයි. (නි)
මේ පුවතින් කියවෙන මහජන මුදලින් ඉදිවෙන පාරත්, මන්දිරයත් කාගේද එතකොට? (නි)