මාධ්‍යවේදින්ගේ මැයි රැළිය අද (1) පෙරවරුවේ ගාල්ල නගරයේ දි පැවැත්විණි. විවිධ සටන් පාඨ කියමින් ගාල්ල සමුද්‍ර මාවතේ සිට පෙළපාලියකින් ගාල්ල නගර ශාලාව වෙත පැමිණි මාධ්‍යවේදීහු නගර ශාලාවේදි මැයි දින සම්මන්ත්‍රණය පැවැත්වූහ.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, ප්‍රමුඛ මාධ්‍ය සංගමය හා මාතර මාධ්‍යවේදියෝ සංවිධාන මැයි රැළිය සංවිධානය කර තිබිණි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ අනුශාසක ගාල්ල කඩවත් සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරත්න නාහිමියෝද මාධ්‍යවේදින් සමග මැයි පෙළපාළියේ වැඩම කළහ.
‘මැයි දිනයේ දි දේශපාලනඥයින් තමයි කම්කරුවන් වෙලා තියෙන්නේ. කම්කරුවන්ගේ මැයි දිනය දේශපාලනඥයින් උදුරාගෙන. මාධ්‍යවේදින්ගේ මැයි පෙළපාළියේ පක්ෂ බේද නැහැ. ආගම් බේද නැහැ. පොදු අරමුණක් වෙනුවෙන් තමයි අද අපි එක්වෙලා ඉන්නේ. මාධ්‍යවේදින්ට ගැටළු තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න කථා කරන්න විසදුම් දෙන්න තැනක් නැහැ. මාධ්‍ය වේදින්ට යතුරු පැදි දෙනවා කියා කිවා. නමුත් දැන් ඒ යතුරු පැදි මුදල් දිලා ගන්න වෙලා. අනික ලබා දෙන්නේ ණයක්. යතුරෙපැදි දෙනවා කියා මාධ්‍වේදින් රවටලා‘ යැයි ගුණරත්න හිමියෝ එහිදී පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
මාධ්‍යවේදීන්ගේ රැලිය ගැන අපිට ආඩම්බරයි (නි)
මාධ්‍යවේදීන් නිසා තමයි අදටත් අපි මේ රටේ සිද්ධවෙන ඇත්ත දැනගන්නේ (නි)
රජයෙන් නොමිලේ ලබාදෙන යතුරුපැදියෙන් ගොස් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක යෙදීමට ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ට ඇති අයිතියත් යහපාලන ආණ්ඩුවෙන් උදුරාගත්තා. (නි)
ඇත්ත. දැන් යතුරුපැදි ගැන කතා නැහැ (නි)
එතකොට ඔයාල ගාලු ගියේ කේජු කන්නද? (බ)