(ඩයනා උදයංගනී)
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනික, වෘත්තීය දක්‍ෂතා නිපුණතා වර්ධනය කර ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල මාධ්‍යකරණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙවැන්නක් පිහිටුවන බව ඇමතිවරයා සඳහන් කළේය.
ගණකාධිකරණ වෘත්තියේ යෙදෙන්නන්ට සුදුසුකම් සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව වරලත් ගණකාධිකාරී යනුවෙන් යෙදිය හැකි අතර, එක්සත් රාජධානියේ ඇති වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයට අනුව පවතින ඉහළ ගුණාත්මක තත්වයට මෙරට මාධ්‍යවේදීන් පත්කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනමාධ්‍ය ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කමිටුවක් මෙම ආයතනය පිහිටුවීමට දළ් කෙටුම්පතක් සකස් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.
ඒ මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සැකසීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා තම අමාත්‍යධූර කාලය තුළම මෙය පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම සමිතියක් පටන් ගන්න එක හොඳයි
හොඳ අදහසක්. ඔය වගේ රටේ දේශපාලකයින් සඳහාත් වරලත් වෘත්තිකයන්ගේ ආයතනයක් පිහිටුවනවා නම් තමා වඩා හොඳ.
නිකං රැවටිලි දේවල් කිය කියා ඉන්නේ,කරුණාකර ලසන්ත වික්‍රමතුංග,එක්නැලිගොඩ ඝාතන සිද්ධි ගැන කිසියම් පියවරක් ගන්න.ඒවා මේ අයගේ ආණ්ඩු යුග වලදී සිදු නොවුණ විදිහට තමයි ඉන්නේ
වරලත් තත්ත්වය වෙනත් වෘත්තීන් සදහා වැදගත් වෙන්නේ රජය විසින් පනවන ලද නීති නිසාය. වරලත් ගණකාධිකාරි, වරලත් ඉංජිනේරු, වරලත් වාස්තු විද්‍යාඥ, යන තත්ත්වයන් සමහර ලිපි ලේකන අත්සන් කිරීම අනිවාර්ය වේ. සමහර රාජ්‍ය හා රජයේ අනුමැතිය අවශ්‍ය තනතුරුවලට වරලත් තත්ත්වය අවශ්‍ය වේ. මේ සියල්ල නීතිය මගින් ඇතිකල අවශ්‍යතා වේ. නමුත් වරලත් තත්ත්වය ලදවිට මාධ්‍ය වේදීන්ට ඇති වාසිය කුමක්ද. මාධ්‍ය වේදීන් අත්සන් කල යුතු ලිපි ලේකන තිබේද ඔවුන් රජයේ මාධ්‍යවලට බදවා ගැනීමේදී වරලත් වී සිටිය යුතුද.