මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බවත් හරි පොලිසිය හම්බන්තොට බැවින් එහි පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) අරලියගහ මන්දිරයේදී කීවේය.
නාවික හමුදාපති ආර්.විජේගුණරත්න හම්බන්තොට වරාය සේවක වර්ජනය හේතුවෙන් ඇතිවූ සිද්ධියේ වාර්තාව අගමැතිට ලබාදීමේ අවස්ථාවේදී එසේ සඳහන් කළේය.
හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුරක් පිහිටුවන ලෙසද අගමැති එහිදී නාවික හමුදාපතිට උපදෙස් දුන්නේය. වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැති කීවේය. මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද අගමැති කීය.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කර සුදුසු පියවර ගන්නා ලෙස තමා නියෝග කළ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු දැන් අලුතින් පත්කළ ජාතික පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් මොනවගේ අර්ථකථනයක් දක්වාවිද කියලා. මට හිතෙන්නේ පාලකයෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ හැට දෙලක්ෂය ජනතාව හැර අනිත් කොටසත් තණකොළ බුදින හරක් ගානටයි කියලා (නි)
රාජකීය අගමැති, රාජකීය නීතිය සහ සාමය පිළිබඳ ඇමති සහ රාජකීය නාවික හමුදාපති! රාජකීය වැඩකිඩ සහ තීරණ. රටම අනාථයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දෙවි පිහිට ඉල්ලීම විතරයි කරන්න තියෙන්නේ. යහපාලනය හැමතැනම ඉතිරෙනවා. (නි)
තුන්වන පින්තූරයේ ඇමතිතුමා අගමැතිතුමා දිහා සොඳුරු බැල්මකින් බලාගෙනයි ඉන්නේ (නි)
ඔන්න කිවුවා ගතවුණ අවුරුද්දටම හරියන්න කතාවක් (නි)
පැමිණිල්ලක් දාන සියලුදෙනා ළඟ අනිවාර්යෙන් පොලිස් වසම් ගැන සිතියමක් තිබිය යුතුය (නි)
ඔන්න ඉඳලා ඉඳලා කිව්වා එකක්. බලාගෙන මිනිසුන්ට හිතෙයි ඡන්දෙ දුන්නෙත් වැරදි මිනිහටද කියලා. (නි)
අපෝ! ලක්ෂ 62ක්නේ අප්පේ... (නි)
කොහෙද අප්පේ වැරදි පොලිසි තියෙන්නේ? හරි පොලිසී හොයාගන්නේ කොහොමද? වැරදි පොලීසියට ගියාම හරි පොලීසියට යන පාර කියලවත් නැද්ද? එතකොට අපිව පාරේ යනකොට අල්ලාගන්නා පොලිසි? හරි ඒවාද? (නි)
සමහර අදහස් දැක්කහම නම් දුකත් හිතුනා. තවම මිනිස්සු හරි වැරැද්ද තේරුම්ගෙන නැහැ (නි)
අනතුරක්, කරදරයක්, පහරකෑමක් වුණාම එම ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ල දාන්න ඕනෑ නේද? (නි)
රටක රාජය නායකයෙක් වුනාම ප්‍රශ්න දියා බැලිය යුත්තේ යථා ස්වරූපයෙන් මිසක්, විශාදයෙන් පෙළෙන කෙනෙක් බලන ආකාරයට නෙවෙයි (බ)
මේක නැව් දෙකක් මුදාගත්තු මෙහයුමක් (ම)
රාජ්‍ය දේපල වලට හානි කර ඇත්නම් දඩුවම් ලබාදිය යුතුයි (බ)
වරදක් සිදුවුවිට ඊට අදාල පොලිස් වසමට යායුතුයි (ම)
ඔය තියෙන්නේ කාගේ සල්ලි වලින්ද මේ වෙන පාඩු ගෙවන්නේ! (බ)
අනේ දෙවියනේ මේ මොනවද කියන්නේ? කොයි පොලිසියට කීවහම මොකද . මම ඉන්නේ නුවර මට ගැහැව්වේ ගාල්ලේදී. කොහාටද දන්නේ නැහැ කියන්න ඕනේ. (බ)
දැන් ත්‍රිවිධ හමුදාවට කරන්න වෙලා තියෙන්නෙ ජනතාව රකින්න නෙවෙයි කොම්පැණි ජනතාවගෙන් රැක ගන්න (හේ)
කවුරුහරි වරදක් කළාම අල්ලන්නේ මොන පොලිසියෙන්ද? (නි)
දැන් අලුත් දෙයක්.(හේ)
ඕකගේ පින්තූරේ කපල දාපු එක හොඳයි මූණ දැක්කමත් මිනිස්සුන්ට තරහ යනවා කරපු ජරා වැඩේට. (බ)
මගේ දැනුමට නම් පැමිණිල්ලක් ඕනෙම පොලිසියකට කළ හැකියි.(හේ)
වැරදි කාරයෝ ආරක්ෂා කරන්න හදන්න එපා (හේ)
ඕකට තමා කියන්නේ ලිච්චවි පාලන ක්‍රමය කියලා (හේ)
ඉතාම ලැජ්ජයි. දෙකයි පනහේ නීති තර්ක ඉදිරිපත් කිරීම ගැන. (බ)
දේශපාලකයන් මෙහෙම නීති තමයි දන්නේ ඉතින් (නි)
මේ වගේ කතා එච්චර ගණන් ගන්න එපා. (නි)
තමන්ට පහරදීමක් වුණොත් පැමිණිල්ල යොමු කළයුත්තේ ආසන්නතම පොලිසියට මිසක් වෙන කොහාටද? මේවාට විහිළු කිව්වොත් ඒ වචනයට අගෞරවයක්. හැබැයි මේ පැමිණිල්ල ලංකාවේ මොන පොලිසියට කළත් ප්‍රතිචාරය එකයි. (නි)
ජනතාවට විහිළු සපයන්න එපා මහත්තයෝ (නි)
ඒක තමයි. යන්න තිබුනේ යහපාලන පොලිසියකටනේ! (නි)
ඔබතුමා හරි පොලිසි වල නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කරන්නකෝ අපිට පහසු වෙන්න (නි)
මේවා අහලා පණ පලයන් ලබන සුමානේ කිවුවලු! (නි)
මදැයි කළා! දැන් ඉතින් හරි පොලිසිය හොයාගෙන පලයන්කෝ අසාධාරණයක් වුණාම (නි)
මාර වැඩේ. දැන් කොහොමද හරි පොලිසිය හොයන්නේ? ඕක ඔබතුමා ටිකක් කලින් කියන්න එපායැ (නි)
යුද්ධයට මහින්ද වුණාට ආර්ථිකයට නම් ඉතින් රනිල් තමයි (නි)
දැන්නම් නියම කට්ටියක් රට පාලනය කරන්නේ. කිසිදෙයක් හරියට කරගන්නේ බැහැ. මොන නාවික හමුදාපතිද නැවෙන් බැහැලා ඇවිල්ලා මිනිසුන්ට ගහන්නේ. (නි)
දැන් රට පාලනය වෙන විදිහට ඔය වගේ දේවල් වෙනවා. (නි)
මුළු රටම දැන් විනාශයි. එච්චරයි කෙටියෙන්ම අපිට කියන්න තියෙන්නේ (නි)
අයියෝ මෙහෙමත් බාල බොළඳ කතා! (නි)
මම නම් කියන්නේ අපිට පක්ෂ පාට වැඩක් නැහැ. සිදුවුණ පාඩුව අගමැති අතින් ගෙවන්නේ නැහැ. දුප්පත් අපිම තමා ඔය අලාබයත් ගෙවන්නේ (නි)
වරද කොතන සිදුවුවත් ළඟම පොලිසියට පැමිණිලි කළයුතුයි. මගේ නුවර ගනුදෙනුවක් වංචා කළ අයෙක් නාරාහේන්පිට සිටින බව අසා එහි ගොස් සොයා බලා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කළා. ඔවුන් කිවුවා ඒ පැමිණිල්ල නුවරට යවන බව. (නි)
ලිච්ඡවී පාලනය ක්‍රමය අනුව අගමැතිතුමා ප්‍රශ්න විසඳනවා. (නි)
ඔය ගමන්ම කියන්නකෝ උතුරු නැගෙනහිර නාවුක කඳවුරු ඉවත්කර දකුණේ එම කඳවුරු පිහිටුවන්නෙ ඇයි කියලත් (නි)
ලංකා නීති සංග්‍රහයේ තිබෙන්නේ එහෙම කළයුතුයි කියාද?එය එසේ නොවේනම් මොහු නීති විදුහලට ගොස් නීතිය නැවත හදාරන්න ඕනෑ (නි)
පැමිණිල්ල කරන්න එනකොටම කියන්න තිබුනනේ "අනේ මේක වෙලා තියෙන්නේ අපේ වැයික්කියේ නොවෙයි, අහවල් තැනට ගිහින් කරන්න" කියලා. අනෙක ඇයි ඒ අයට අයිති නැත්නම් ඒක බාරගත්තේ. මොනවද මේ කියන කතා. හොරාගේ අම්මගෙන් පේන අහනකොට වෙන දේ කියන්න ඕනෑ නැහැනේ. (නි)
රටේ නීතිය අනුව ඕනෑම පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. නිවැරදි පොලිස් ස්ථානයට පැමිණිල්ල යොමු කිරීම පොලිස් සේවාවේ අභ්‍යන්තර කටයුත්තක්. (නි)
අමතක කරන්න එපා, මේවා කියන ඔබ රටේ අගමැති කියලා (නි)
අනේ මෙහෙමත් හතරබීරි කතා? (නි)
පොලිසියේ ලොකු ලොක්කන්ට නීතිය දෙකට නවන්න කියලා දුන්නේ කවුද කියලා අපිට දැන් හිතාගන්න පුළුවන්. නේවි ලොක්කා රකින්න යන අය අනාගතයේදී කිසිදාක බලයට නේවි කියලා තමයි ජනතාව වන අපි නම් කියන්නේ. (නි)
ටික කාලයයිනෙ ඉන්නෙ. ඒ හින්දා පිස්සු නටන්නකෝ. විකල්පය ඉල්ලන දවස වැඩි ඈතක නැහැ (නි)
මාධ්‍යවේදියාට පහරදීම ගැන කතා කරන්න. වර්ජනය නිසා වෙච්ච පාඩුව විසඳාගන්න එක අපේ ප්‍රශ්නයක් නොවෙයි. මිනිස්සු කරගත් මෝඩකම දැන් තේරෙනවා. ලබන සැරේ බලමු. (නි)
පින්තූරය දැක්කහම මට එන තරහක තරම කියන්න අමාරුයි (නි)
මේ වගේ විහිලු කතා ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජා නැද්ද? (නි)
පාඩු කළේ වර්ජනය කරපු අය. වාර්තාකරුවන් නොවේනේ පාඩු කළේ! වරදක් කළා නම් අල්ලලා උසාවි දාන්න ඕනෑ (නි)
ඔබතුමාගේ උගත්කමට, බුද්ධිමත්කමට ගැළපෙන ප්‍රකාශ විතරක් නිකුත් කරන්න. (නි)
ලංකාවේ වැරදි පොලිසිත් තිබෙනවද? වැරදි පොලිසියක් තිබේ නම් වහාම කොමිසමක් පත්කරන්න (නි)
බොළඳ කතාවක් හා සමාන කියවිල්ලක් (නි)
මෙහෙමත් නීති තියෙන රටක්. මේවා හරිම විහිළු. වෙන රටවල් දැනගත්තොත් හිතයි ශ්‍රී ලංකාව යන්නේ ආපස්සට කියලා. (නි)
මේ රටේ තියෙන්නේ එ්කාධිපති පාලන ක්‍රමයක්. නීතිය තියෙන්නේ දුප්පත් අයට විතරයි (නි)
මොකද මේ බව පොලිසියෙන් නොකිවුවේ පැමිණිලි කළ වෙලාවේ? (නි)
මෝඩ පාලකයෝ පත්කර ගන්නේ අපි. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. මෙහෙම උත්තරයක් අගමැතිගෙන් අපිට කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
නැව් අයිතිකාරයන්ට යම්කිසි ප්‍රමාදයක් වුණොත් නැවේ කාර්මික දෝෂයක් නොමැතිවිට සහ අදාළ රටේ (නැව තිබෙන රටේ) දවසකට වෙන පාඩුව ගෙවන්න ඕනෑ. එ්ක එහෙමම තමයි. (නි)