ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරකින යෝජනා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ඉදිරිපත් කර ජනවාරි අට වැනිදා ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාත්ම කරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැති ජනමාධ්‍ය සමුළුවක දී කීවේය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයනට ඒ සඳහා ඇරැයුම් කර තිබුණු අතර බත්තරමුල්ලේ සීලරතන හිමි, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, සරත් මනමේන්ද්‍ර සහ සිරිතුංග ජයසූරිය මහත්වරු ඊට සහභාගී වූහ. අනෙක් අපේක්ෂකයෝ සහභාගී නොවූහ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද ඊට එක්වූහ.
විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි මාධ්‍යවේදීහු රැසක් ඊට පැමිණ සිටියහ.
තොරතුරු දැනගැනීමේ අයිතිය නීති ගත කිරීම, ඝාතනයය වූ මාධ්‍යවේදීන් ගැන පොලිස් පරීක්ෂණ කඩිනම් කර වැරදිකරුවන්ට දඬුවම් දීම, මාධ්‍යවේදීන්ට තම වෘත්තිය ගරුත්වයෙන් යුතුව කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම, වෙබ් අඩවි වාරණය ඉවත් කිරීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෘත්තිකයන් ලෙස සැලකීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයනට ඉදිරිපත් කළ අතර නිරායුධව පෑන පමණක් අතැතිව සිටින ජනමාධ්‍යවේදීන්ට තම වෘත්තිය කරගෙන යෑමට සහාය දෙන ලෙස ඉල්ලමින් සන්කේතාත්මකව පෑනක් පිළිගැන්වීය.
එහිදී අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමි -
‘අද ජනමාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් දිනා ගන්න පාර බහින් වෙලා. මා හැමදාම හිටියේ මාධ්‍යවේදීන් සමගයි. ඉදිරියටත් මාධ්‍යවේදීන්ගේ දුකේදිත් සැපේදත් මා ඉන්නවා.‘
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා -
‘යුද්දෙන් පස්සේ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස ලබා දුන්නේ නෑ. එය සම්පූර්ණයෙන් නැති කළා. මේ ජනාධිපතිවරණයෙන් පසු අපි එකතු වෙලා දින සීයක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වගේම දින සීයක් ඇතුළත තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගන්නවා. ‘
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘ඔබ අද ඉදිරිපත් කළ ඉල්ලීම් සංක්ෂිප්ත කර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කරලයි තිබෙන්නේ. එය ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත් කරකවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස, කැබිනට් ඇමැතිවරයකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස දීර්ඝ කාලයක් මා දේශපාලනයේ හිටියා. මා ඔබෙන් අහනවා ඒ දීර්ඝ කාලයේ දී මගෙන් ඔබට මොනයම් හෝ බලපෑම් වුණාද කියා? මං කිසි දිනක මාධ්‍යට බලපෑම් කරන්නේ නෑ. මාධ්‍යවේදීන්ට අඩත්තේට්ටම් කරන්නේ නෑ.
මා පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කර දින කිහිපයකින් සිරස නාලිකාවේ විකාශය වූ සටන වැඩසටහන නරඹන එක අවහිර කළා. මාතර තිබුණු අපේ රැලියේ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපා තිබුණා. අද රජයේ මාධ්‍ය ආයතන මගේ සම්පූර්ණ නම කියන්නෙත් නෑ. මට අපහාස වන අයුරින් නමේ කොටසයි කියන්නේ. මගේ ප්‍රචාරක දැන්වීමක් රජයේ මාධ්‍යයට දුන්නම දවස් දෙකක් පහුවෙලයි දාන්නේ. ඒ ඒකට පිළිතුරත් හදලා දැම්මට පස්සෙයි දාන්නේ. රාජ්‍යමාධ්‍යවල ඉන්න සමහර මාධ්‍යවේදීන් අද අසරණ වෙලා. මා බලයට පත් වූ පසු මාධ්‍යවේදීන්ට කිසිම බලපෑමකින් තොරව තොරතුරු වාර්තා කිරීමේ වටපිටාව සකසා දෙනවා.‘
සිරිතුංග ජයසූරිය මහතා -
‘ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එදා තමයි ලසන්ත වික්‍රමතුංග මැරුවේ. මැතිවරණයට ඒ දිනය යොදාගෙන තියේනනේ ආණ්ඩුවට අමතක වෙලා වෙන්න ඇති. එදාට තමයි ආණ්ඩුව ගෙදර යවන්නේ.‘
සරත් මනමේන්ද්‍ර මහතා -
‘මේ ජනාධිපති බලයට පත් කරන්න අපි වෙහෙසුණා. රජයට උදව් කළ අයට පහර දුන්නා. ජවිපෙ එලියට දැම්මා. නව සිහල උරුමය එළියට දැම්මා. ලසන්ත වික්‍රමතුංග මැරුවා. තවත් මාධ්‍යවේදීන් රැසක් ඝාතනය කළා. මේ පාලනය වෙනස් කළ යුතුයි.‘
ලක්බිම හිටපු කර්තෘ සමන් වගාරච්චි -
‘මා පුවත්පත් කතුවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ඉල්ලා අස්වුණා. අපට නිදහසේ ඒ කාර්ය කරන්න බැරි නිසයි ඉල්ලා අස්වුණේ. ප්‍රේමදාස ජනපතිගේ කාලයේ මා සීඅයිඩීයට කැඳෙව්වා. ඉන් පස්සේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ සමයේත් සීඅයිඩීයට යන්න වුණා. එහෙම යන්න වෙන්නේ මාධ්‍ය නිදහස නැති නිසයි. අපේ වගකීම පුරවැසියන් දැනුම්වත් කරන එකයි. පුරවැසියන් දැනුම්වත් වීමෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ.
මට ඊයෙත් දුරකන ඇමතුම් ආවා. තර්ජන ආවා මෙය නවත්වන ලෙස. මමත් ගිහින් තියනවා අරලිය ගහ මන්දිරයේ උදේ සාකච්ඡාවට. මේ ජනාධිපති අපේක්ෂකයන්ට කියන්නේ අපට එහෙම අඩගහන්න ඕන නෑ. අපේ වෘත්තිය නිදහසේ කරන්න ඉඩ දුන්නම ඇති. ‘
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාධ්‍ය රැකීමේ යෝජනා පොදු අපේක්ෂකට
සරත් පියසේන Thursday, 11 December 2014 06:23 AM
මේ ෆොටෝවල ඉන්න හැමෝම මාධ්‍යවේදීන්ද (දිල්)
සිරිනිමල් හඟුරන්කෙත Wednesday, 10 December 2014 11:46 AM
බොහෝ මාධ්‍යවේදීන් අතර මාධ්‍ය කියා ලියාගන්න බැරි කියාගන්න බැරි , මාධ්‍යවේදීන් සිටීම ද මාධ්‍යවේදීන් ගේ ගෞරවයට කැළලක්. (ස)
සිල්වා Wednesday, 10 December 2014 02:17 PM
මුදලට රට පාවල දෙන මාධ්‍යවේදීනුත් මේ අතර ඇති (නදී)
මලී Wednesday, 10 December 2014 09:26 AM
අර තුවාල වුණු එප්පාවල මාධයවේදයා ගැන මේ අය මොකුත් කෙරුවේ නැහැ. ඔහුව තනි කළා. (අ)
චම්පික - අරලගන්විල Wednesday, 10 December 2014 10:01 AM
අගය කළයුතු දෙයක් මේක.අපි පෙළගැසෙමු. (නි)