(ෂෙහාන් චාමික සිල්වා)
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක කපිල හෙන්දවිතාරණගේ මෙහෙයවීම යටතේ මාධ්‍යයට පහරදීම සඳහා විශේෂ කල්ලියක් තිබු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශය මගින් අනාවරණය වු බව සීඅයිඩීය අද (20) අධිකරණයට පැවසීය.
කොළඹ හා අවට ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධව තමන් දැනුවත් නොවු බවත් ඒ සඳහා වෙනත් නිලධාරියෙක් යොදවා තිබු බව සිඅයිඩිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධව දැනට විශ්‍රාමික මේජර් ජනරාල් අජිත්න් පෙරේරාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බවත් ඔහු ද ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නොදන්නා බවත් කියැවිණි.
දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ තියුණු ආයුධයකින් හිසට සිදු කළ පහර දීමකින් මොළයට හානි වීමෙන් මරණයට පත්වී ඇති බව සඳහන් වේ.
නඩුව ජුනි මස 19 වැනි දා දක්වා කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධෙ දිනීමේ කීර්තිය තනියෙන් ගන්න ගිය ෆොන්සෙකා මහතා දැන් කියන කතා වගකීම විරහිතව කරන ප්‍රකාශ කියලයි අපට හිතෙන්නෙ . බැරිවෙලාවත් හයිබ්‍රිඩ් අධිකරණයක් තියල හමුදා නිලධාරීන්ට දඬුවම් පමුණුවන්න ගියොත් යුද්ධය කලෙත් වෙනම කල්ලියක් කියල මොහු කියන්න බැරි නෑ
බලයේ හිටපු පාලකයෝ අපරාධ කප්පරක් කරලා ඒවාට නිසි පරීක්ෂණ කර රටට හෙළි නොකර දැං බෝට්ටුවෙන් පෙරළිලා ගිහින් බෝ පැල වගේ කථා කියනවා. මහා පරිමාන අපරාධ මිනී මැරුම් ඒවා රටට හෙලි නොවී සැහවී යනවානම් ඒවා දේශපාලන බලයෙන් සිදුවුනු අපරාධ බව කීමට කරුණු අවශ්‍ය නොවේ.දෙනෝ දාහක් ඉදිරිපිට සිදු කෙරු මේ ම්නීමැරුමට කප්පරක් ශාක්ෂි තිබියදීන් අදටත් නොවිසඳී ඇදී දැදී යාමට සලස්වා ලන්නේ දේශපාලන බලයමයි.මොනනරම් අවනීතිය රජ යන දේශයත්ද අපේ රට.
යුද්ධේ කලේ ෆොන්සේකා නොවන බව ඔහු විසින්ම ඔප්පුකර හමාරඊ. දැන් ඔහු ඩොලර් වෙනුවෙන් සහ ඔහුගේම වැරදි වසා ගැනීමට රූකඩයක් we la
සරත් ෆොන්සේකා රාජපක්ෂ භීතියෙන් පෙලෙන මානසික රෝගියෙක්. වහාම ප්‍රතිකාර ලබා දෙන්න. දැන් අර බෙන්ස් කාර් එකත් ලැබුන , පින් ඇමති කමත් ලැබුන තව මොනවද ඕන.
මෙතුමා කතා නොකර ඉන්නවා නම් හොඳයි.
ඒ කාලේ මෙයා නිදාගෙනද හිටියේ. ෆොන්සේකා බලයෙන් උමතු වෙලා. තමුන් නායකත්වය දරු හමුදාවත්, තමුන්ට අත දීපු නායකත්වයත් පවා දීමේ කටයුතු කිරීම කිසිම කෙලෙහි ගුණයක් නැති තිරිසෙනෙකුටත් නොවටින දෙයක්. මෙයා නොදන්නවා වුනාට කිරි සප්පයෙකුටත් තේරෙනවා මේවා කාගේ කොන්ත්‍රාත්ද කියල. ඡන්ද 5000ක් ගන්න බැරි මිනිහ පින් ඇමතියෙක් වෙලා මහජන මුදල් කෝටි 7ක වාහනයක් ලබාගෙන
මෙයා කරන්නේ උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්. ලොකු කුට්ටියක් කොහෙන් හරි හම්බ වෙන්න ඇති. කොහොම නම්බුකාර ව්දිහට හිටපු මනුස්සයෙක්ද?
එතකොට හිටපු හමුදාපතිවරයා හැටියට ෆොන්සේකා මහත්මයා මොකුත් දන්නෙ නෑ. අර කිව්ව වාගෙ හයිබ්‍රිඩ් අධිකරණයක් තියල හමුදා නිලධාරීන්ට දඬුවම් පමුණුවන්න ගියොත් යුද්ධය කළෙත් වෙනම පිරිසක් මම ඕවට නෑ කියල කියන්න බැරි නෑ. පව්! බබා!
ඉතාම නින්දිතයි . කැතයි . තම ගැලවීම උදෙසා ඕනෑම පහත් දෙයක් කරන කියන ගානට ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවලියක සිටින මොහුට මුළු රටම වුවද පාවා දෙන්න හැකියාවක් පවතින බවයි පෙනෙන්න්නේ .30 වසරක යුද්දය නිම කිරීමේදී පොතේ නැති ක්‍රමත් ඕන තරම් යොදාගන්න ඇති . එ්ත් ඒවා කළේ රට වෙනේනුවෙන් ජනතාව වෙනුවෙන් බව අමතක කරන එක සහගහනවා .