මධ්‍යම පළාත් සභාවේ අද (28) පැවැති විශේෂ සභා වාරය නීති විරෝධී රැස්විමක් බවත් එනිසා මෙම රැස්වීම් වාරය අවලංගු කරන ලෙස දන්වා මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි මහතාට ලිපියකින් දන්වා ඇත.
අද පැවැති මධ්‍යම පළාත් සභාවේ පැවැති විශේෂ සභා රැස්වීමේදී සංවර්ධන (විශේෂ විධි විධාන) පනත පිළිබඳව ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් මධ්‍යම පළාත් සභාවේ අදහස් විමසා ලැබුණු ලිපියට අනුව අද දින පැවැති සභා වාරය මධ්‍යම පළාත් සභා කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ 63(අ) 1,2,3 වගන්ති උල්ලංඝනය කිරීමත් න්‍යාය පත්‍රයේ එම යෝජනාව සාකච්ඡාවට ගැනීමට නියමිත වුවත් එය නිසි පරිදි ඉටු නොකිරීමත් යන කරුණු හේතුවෙන් නීති විරෝධී රැස්වීමක් ලෙස දන්වා සිටින බවත් එම නිසා මෙම රැස්වීමේ තීන්දු අවලංගු කොට මධ්‍යම පළාත් සභාවේ කාර්‍ය පටිපාටි රීති සංග්‍රයහට අනුකුලව එම සභාව නැවත පවත්වන ලෙසත් ලිපියෙන් ඉල්ලා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd