මධ්‍යම පළාත් මහ ඇමැති ලෙස සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාව පත් කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරුන් 32 කින් යුත් කණ්ඩායමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මෙනවියට අද (12) දින ලිඛිතව ඉල්ලිමක් කර ඇති බව ආණ්ඩුකාරවරිය පැවසුවාය.
මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා අභියාචනාධිකරණයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනාට.පලාත් සභා මන්ත‍්‍රිවරුන් 57 දෙනාට හා පාලාත්සභාව් සියලුම පක්ෂ නායකවරුන් හා දේශපාලඥයින් 72 දෙදෙනෙකු විත්තිකරුවන් කර අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් එසේ තිබියදී මෙසේ නව ආණ්ඩුකාරවරියට නැවත ඉල්ලිමක් කිරිම අධිකරණය හෑල්ලු කිරිමක් බවත් ආණ්ඩුකාරවරියට බලපෑම් කිරීමක් බවත් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මෙනවිය කියන්නේ හදිසි මරණයක් අත්වූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීතුමාගේ අම්මා නේද? (ම)
මෙතනදීත් අර කලින් කිව්වා වගේ අධිකරණයට වඩා පාර්ලිමේන්තුව ඉහළයි කී න්‍යායම ඉදිරිපත් වුණොත් මොකද කරන්නේ? (නි)
පළාත් සභා වල ප්‍රශ්න...ඕවා අහෝසිකර දැම්මහම ඉවරනේ. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)