මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් නිල සංචාරයක් සඳහා දින දහයකට පෙර සිංගප්පූරුව බලා ගොස් ඇත. එහිදී ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රී වරයෙක් එරට කාන්තාවගේ අඟ පසඟ ඇල්ලී යැයි සිගප්පූරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
අද (16) අලුයම සංචාරය නිමා කර මන්ත්‍රී වරුන් ලංකාවට පැමිණියද අදාල මන්ත්‍රී වරයා පැමිණ නැත.
මේ පිළිබද සංචාරයට සහභාගී වූ මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් ටී.එන්.එස්. බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසා සිටි විට එවන් සිදුවීමක් තමන් නොදන්නා බවත්, එම මන්ත්‍රීවරයා ලංකාවට පැමිණීයේද නැද්ද යන්න තමන් නොදන්නා බවත්ය.
මධ්‍යම පළාත් සභාවේ සභාපතිගේ නිමලසිරි මහතාගෙන් විමසූවිට එවැනි සිද්ධියක් සිදු වුවද එය අත්වැරැද්දකින් සිදු වූ බවත් එය එතරම් බරපතල දෙයක් නොවන බවත් පැවසීය. එසේම අදාල මන්ත්‍රී වරයාඅත්අඩංගුවට ගත්තා නොව පොලීසියට රැගෙන ගිය බවද පැවසීය. ඔහුගේ පෞද්ගලික කාරණාවකට සිංගප්පූරැවේ නැවතුණු නිසා අද ඔහු නොපැමිණී බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම මන්ත්‍රීවරුන්ට සිංගප්පුරු චාරිකාව අනිවාර්ය කළා නම් හරි (නි)
අර අහවල් සභාපති විදේශීය පෙම්වතා මරා පෙම්වතිය දුෂණය කළා නම් මම අඟපසඟ ටිකක් අතගෑවම ඇති වරද මොකක්ද කියලා හිතෙන්න ඇති. (නි)
මෙහෙ දාන සෙල්ලම් එහෙත් දාලා වගේ. දිව්‍ය ලෝකේ පෙන්නලා ආවත් මේගොල්ලෝ හැදෙන්නේ නැහැ. අපරාදේ මහජනයාගේ සල්ලි. (නි)
මෙයා මොනවද දන්නෙ නැහැ කරන්න ගියේ? අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)
මම හිතන්නේ එයාලාගේ පුරුද්දට ඉන්න තැන අමතකවෙලා කරපු දෙයක් වෙන්න ඇති. ලංකාවේ නම් ඉතින් එයාලාට ඔය වාගේ ප්‍රශ්න නැහැනේ. ඔක්කොම පාලනය එයාලා සතුයි කියලානේ හිතාගෙන ඉන්නේ. (නි)
සිංගප්පූරුවෙන් හොද ආදර්ශයක් දීලා වගේ. (නි)
ගියතැනක් ඇත්නම් හොරකමක්,කාන්තා හිංසනයක් එසේත් නැත්නම් චණ්ඩිකමක් නැතුවම බැරි අසහනයෙන් පෙළෙන උදවිය තමයි මේ අය. (නි)
සිංගප්පූරුවේ තියෙන්නේ අපේ පසුගිය පාලන කාලේ වගේ ආණ්ඩුවක් කියලා හිතුනද දන්නේ නැහැනේ. (නි)
හතරබීරි කතා කියන්නේ මේවට. තමන් සමඟ ගිය අයට මොකද වුණේ කියන්න දන්නේ නැහැ. ජනතාව මෝඩ නැහැ (නි)
ඔන්න අපිට මඩු වලිගය ප්‍රයෝජනයට ගන්න ස්වර්ණමය අවස්ථාවක් උදාවෙලා. (නි)
දැන් සනීප ඇති. වැරදි කරද්දි ඕවා හිතන්නේ නැහැනේ (නි)
කොට්ටෝරුවා කොටලා,කොටලා කෙහෙල් ගහට කෙටුවහම හොට ඇනගන්නවා කියන්නේ ඕවට තමා (නි)
ලංකාවේ නමත් කනවා...... (නි)
පොලිසියට කැන්දාගෙන ගිහින් කියලා කිවුවා නම් තවත් හොඳයි. දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු (නි)
සිංගප්පුරුවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
අනේ අපේ මන්ත්‍රීවරු එහෙම කරන්නේ නැහැ. මන්ත්‍රීතුමා හදලා තියෙන්නේ ගුරු පත්වීමක් දෙන්න වෙන්න ඇති (නි)
ඉතින් නිල ගමනක් ගිහින් එහෙම පුද්ගලික කාරණා වලට නතරවුණාම සේවය අතහැර ගියා වගේ නේද? (නි)
සිංගප්පුරු ගිහිල්ලත් වෙනස සැපතකට හරවගන්න යන්න ඇති. (නි)
කැලෑව මාරුකළාට කොටියාගේ පුල්ලි වෙනස් නොවෙන්නා සේම, රට මාරුකළාට හොර සිත වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම මේවා මහා අප්‍රසන්න සිදුවීම්. මේ වගේ රටට අපකීර්තියක් ගෙනදෙන සිදුවීම්, මාධ්‍ය මගින්, නම් ගම් සමඟම අනාවරණය කළයුතුයි. නමුත් ජනමාධ්‍යයටත් යම්කිසි සීමාවන් ඇතිනිසා මාධ්‍යයත් අසරණයි (නි)
එහෙත් මෙහෙදී වගේ රෝහල්ගත වුණා නම් අත්අඩංගුවට ගන්න එකෙන් වළකින්න තිබුනා. එහෙ නීතිය ලංකාවේ තරම් හොඳ නැහැ වගෙයි. (නි)
ඒ අත්වැරදීමත් අතින්මනෙ කරන්න ඇත්තේ (නි)
අනේ අපේ මන්ත්‍රීතුමා! (නි)
අන්න නීති! ඒකට ලංකාවේ... දුෂණ කළත් නිදහස්. නැත්නම් ඇප. (නි)
සිදුවුණු දේ ඒතරම් ගණන් ගන්න එපා කියන්නේ කාන්තා හිංසනය ගණන් ගතයුතු දෙයක් නෙමෙයිද? මේ වගේ අය අපේ කාන්තාවන්ට සළකන විදිය හිතාගන්න පුළුවන් (නි)
ඒ පැත්තේ ගිහිල්ලා මධ්‍යම පළාතෙත් එහෙම ප්‍රදේශයක් හැදීමට අධ්‍යයනයක් කරන්න යන්න ඇති (නි)
රටට ආදර්ශමත්, රටේ කිතුගොස පතුරන මන්ත්‍රී කෙනෙක්. ජය වේවා! (නි)
රට ජාත්‍යන්තරය ඉදිරියේ අවමානයට ලක්කරන මේ වගේ අය ජනතාව ප්‍රතික්ෂේප කළයුතුයි (නි)
මම නම් හිතන්නේ නැහැ එතුමා එහෙම වැඩක් කරාවි කියා. සිංගප්පුරුවේ ඉන්න කාන්තාවෝ ගැන අපි දන්නවා. මෙතුමාගේ ඇඟේ හැපිලා වරද මෙතුමාට දාන්න ඇති. මොනවා වුණත් පිරිමි පවු (නි)
ඔය ස්ත්‍රී දුෂකයන්ව, මාල කඩන හොරුන්ව, වංචාකාරයන්ව පත්කර ගත්තෙත් අපේ බුද්ධිමත් ජනතාවනේ. ලංකාවේ නීති වලින් මොවුන්ට දඬුවම් නොදෙන නිසා ගල්ගසා මරණ නීති වැනි දේ සාදාදීමෙන් අපිට උසාවි වලට, පොලිසි වලට තිබෙන රාජකාරි,වියදම් අඩුකර දෙන්න පුළුවන් (නි)
හොර ගුහාව!(ආ)
පව් අනේ එයා! නොහොබිනාකමකට නෙමෙයි, ආදරේට අතගාලා බලන්න ඇත්තේ (නි)
කෙසෙල් ගහකට කෙටුවහමයි කොට්ටෝරුවා තරම දැනගන්නෙ... (නි)
ඒ කාලේ පළාත් සභා වලට ඉල්ලන්න දුන්නේ ගමේ ඉන්න චණ්ඩින්ට, මදාවියන්ට, පල් හොරුන්ට, මිනීමරුවන්ට සහ ස්ත්‍රී දුෂකයන්ටනේ. (නි)
පිටබැද්දර ජයා සිංගප්පුරු ගැහැණුන් ගැන දන්නේ ඔයාත් මොනවාටහරි නිකම් අපරාදේ අහුවුණාද? (නි)
නියම වැඩේ! (නි)
පළාත් සභාවේ ලේකම් හරියට අපේ ජනාධිපති වගේ මම දන්නේ නෑ දැනන් හිටියේ නෑ (බ)
පළාත් සභා මන්ත්‍රීවරු එක්ක මේ ලේකම් මහත්තය ගියේ මොන වැඩකටද? කියන එකයි මගේ ප්‍රශ්නේ? (බ)
අපිත් ඉන්නේ ඔය රටේ තමා. අපි රාත්‍රී 12 ටත් තනියම ගෙදර එන දවස් තියනවා . කවදාවත් කිසිම පිරිමියෙක් ඔය විදිහට හැසිරිලා නැහැ. මෙහෙ නීති හරිම තදයි. මෙහෙට ඇවිල්ලවත් ඔයගොල්ලෝ හැදිලා ගියොත් ලොකු දෙයක් . එ්ත් ඉතින් අපිට ලජ්ජය් . ටුඩේ කියල පත්තරයක් තියෙනවා . එකේ තිබුන කියල කෙනෙක් කිව්වා (බ)
චන්දන.ඔබ හරියටම හරි.පසු ගිය කාලේදී ,මම දන්නා කිසිම උගත් කමක් නැතිව හන්දි ගානේ "චාටර්" වේවි හිටපු "බුවෙක්" පළාත් සබා මන්ත්‍රී කෙනෙක් වෙලා පසු ගිය අවරුදු 5-6 තුලදී අධිසුඛෝපබෝගී නිවාසම දෙකක් හදා ගත්තා. පළාත් සබා මන්ත්‍රිලා මෙහෙමනම් අනික් අය ගැන කුමට කතාද? (බ)
සිංගප්පුරුවේ නිතිය ලොකු පොඩි කාටත් පොදුයි. නීතියට ගරු කරනවා.ඒ නිසයි ඒ රටවල් දියුණු වෙන්නේ. අපේ රටේ අයට ඕව තේරුමක් නැහැ. (බ)
ඔය කියන පළාත් සභා මන්ත්‍රී, හිටපු ඒකාධිපතියත් එක්ක එකට ඉදගෙන ඉන්න ෆොටෝ නැද්ද? (බ)
ගෑණු ගෙවල් වල තියල සිංගප්පුරු සහ බොහෝ රටවලට අපේ දේශපලුවෝ සංචාරය කරන්නේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව බව ගෙදර ගැනිත් අහිංසක ළමයි නොදන්නවට මහජනතාව දන්නවා (බ)
සිංගපූරුවේ කාන්තාවගේ ඇඟ පසඟ අල්ලන්න ඕනිනම් ඒවටත් වෙනම තැන තියෙනවා . මෙතුමා ඒගැන නොදැන හිටියද නැත්නම් ලංකාවේදී වගේ නොමිලේම කරගන්න බැලුවද දන්නේ නැහැ. (බ)
බණ්ඩාර කුවේට්. ඒ විතරක්ද තමන්ටම කියල මහජන මුදලින් භාවනා කුටි හදා ගත්තේ. (බ)
කරුණාකර මේ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න. එහෙම දෙයක් මෙහෙ වෙලා නැහැ. එසේ වුවේ නම් මුලින් ම පළවන්නේ සිංගප්පුරු මාධ්‍ය තුළයි. මඩ ප්‍රචාරය කොට මිනිසුන්ගේ ආත්ම ගරුත්වය නැති කරන්න එපා. මෙහෙ මිනිස්සු කොයි දේටත් පොලිසි යාම තමයි කරන්නේ, මොන දේ වුනත් රණ්ඩු කරන්න යන්නේ නැහැ. වැරදිලාවත් අතක් වැදුනත් ඉවරයි. මනුස්සකමට අතින් ඇල්ලුවත් ඉවරයි. එහෙම දෙයක් වෙන්න ඇති. (බ)
අපේ අය තැනකට ගියොත් ඉවරයි. තමන්ගෙ දරු පවුලෙ විතරක් නෙමෙයි රටේ ගෞරවයත් කාලයි එන්නෙ. (නි)
මේ ලංකා කියන හැටියට එහෙම දෙයක් නැතිලු. මේක ගැන තව ටිකක් හොයල බැලුවොත් නරකද? අපේ රටේ වගේ නොවෙයි පිටරටවල, තමන්ගේ බිරිඳට වුණත් කරදර කරන්න ගියොත් පොලිසියේ ලගින්න වෙනවාමයි. පිටරටවලට ගියාම කාන්තාවන් ඉන්න තැන්වල හැසිරෙන්න ඕනෑ පරිස්සමෙන්. බොරු කරලා සල්ලි කඩාගන්න හදනවා. (නි)
පලා බබෙක්ගේ වීර ක්‍රියාවක්. (ර)
කව්ද මෙතුමා ? (ර)
මම හිතන්නේ කෝඩුකාරෙක් වගෙයි. (ර)
විනයක් නැති අධ්‍යාපනයක් නැති අය කොහේ ගියත් ඔහොමම තමයි (නි)