මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථාන නාම දැක්වෙන පුවරු සවිකිරීම මධ්‍යම පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්.එම්.ගුණතිලක බණ්ඩා මහතා විසින් කුණ්ඩසාලේ දී ආරම්භ කැරිණි.
මීට පෙර සවිකර තිබූ මාර්ග නාම පුවරු දිරාපත්වී විනාශ වී තිබූ හෙයින් ඒවා අලුත්වැඩියා කර ගඩලාදෙණිය, ඇම්බැක්ක, දෙගල්දොරුව, නාලන්ද, ගංගාරාමය, සීගිරිය, කළුදිය පොකුණ, මාරස්සන සෝමාවතිය, හඟුරන්කෙත වැනි ස්ථානවලට සංචාරකයින්ට ගමන් කළ හැකිවන පරිදි එම මාර්ග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථානයක් වශයෙන් හඳුනාගත හැකි ලෙස පුවරු සවිකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මුලින්ම කරන්න තිබුනේ මඩකළපුවේ. මෙතන ඉන්න පුරාවිද්‍යා මහත්වරු මොකද නැගෙනහිර දිහා බලන්නේවත් නැත්තේ. සංහිඳියාවද? (නි)
ඕව අපිට තිබ්බත් එකයි නැතත් එකයි. අපේ සෙනගට ඉන්න තැනක් ඕනේ වුනහම අපිට ඔය පුරාවිද්‍යා වැඩක් නැහැ. ගෙයක් හදාගන්නවා. (බ)
වළගම්බා රජ සමයේ සිට පැවත එන මැදවෙල රජ මහා විහාරයට නිසි වටිනාකමක් දෙන්න. අඩුම තරමේ ප්‍රධාන පිවිසුම් මාර්ග දෙක වන කටුගස්තොට හා හෑදෙනිය නගරයන් වල නාම පුවරුවක්වත් සවි කරන්න මේ උදවිය ක්‍රියා කොට නැහැ (බ)
මුළු ලංකාවේම කරන්න . මෙහි පාට හා ප්‍රමාණය වැඩි කරන්න (බ)
ඉමේෂ් ගුටි තමයි හම්බ වෙන්නේ (බ)