මධ්‍යම කඳුකර පස් සෝදා පාළුව බරපතල බවත් ශ්‍රි ලංකාව ඉතියෝපියාවක් බවට පත්වීමේ සම්භාවිතාවක් මතුවී ඇති බවත් සබරගමුව විශ්ව විද්‍යාලයේ පාරිසරක විද්‍යා මහාචාර්ය පි.අයි. යාපා කියයි.
ඉදිරි දසක 2-3ක් ඇතුළත සෝදා පාළුව වැළැක්වීමට විශේෂ වැඩ පිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බවද මහාචාර්යවරයා සඳහන් කරයි.
පේරාදෙණීය විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ පැවැති වැඩමුළුවකදී මහාචර්යවරයා ඒ බව කීය. දෙල්තොට පීටර් ඩන්කන් පදනමේ මෙහෙයවීමෙන් පැවැති මේ සමුළුවේදී ඔහු කීවේ රට තුළ පහසුවෙන් කළ හැකි බවත් චීනය මේ වන විටත් කාන්තාර හරිතකරණ වැඩ පිළිවෙළ සාර්ථකව ඉටු කර ලෝක හරිතකරණයට හොඳ මඟක් තනා දී ඇති බවත් ඔහු කීය.
කඳුකරයේ සෝදා පාළුව වැලැක්වීමට නැවත වන වගාව ආරම්භ කළ යුතු බවද ඒ සඳහා දේශීය ශාක හා ආවේණික ශාක පමණක් රෝපණය කළ යුතු බවද පෙන්වා දෙන මහාචර්යවරයා ආනයන ශාඛ වලින් තවත් පාරිසරක අර්බුද නිර්මාණය විය හැකි බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් ලංකාවේ කෝපි වගාවටත් පසුව තේ වගාවත් සඳහා හෙළිකරන ලද භුමි ප්‍රමාණය නැවත දිනාගන්න ක්‍රමයක් ජාතික මට්ටමින් සිදුනොවීමේ විපාකය තමයි අද අප අත්විඳින්නේ. වරින් වර බලයට පත්වූ ආණ්ඩුවල ඇමතිවරයෙක් දෙන්නෙක් පුද්ගල ජනප්‍රියතාවය ගැන හිතා හෝ රුක්රෝපණ වැඩපිළිවෙලවල් වලට අත පෙව්වද ඒවාද ජලය නොලැබීම නිසා වේලී යන පැළෑටි සේ මිය ගියා. කඳුකරයේ වැසි වනාන්තර නැවත වගාකිරීමත් ඒවා සංරක්ෂණය කිරීමත් නොකළ හැක්කේ දේශපාලනයට අරක්ගත් දුෂණය නිසයි. කෝටි ගණන් වටිනා දැව හොරෙන් කපා පටවන ලද්දේ දේශපාලන බලවතුන්ගේ රැකවරණ මැදයි. දුෂණය පිටුදකිනතුරු රට බේරාගන්න කරන කිසිම වැඩකින් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. (නි)
ප්‍රඥාවන්තයින්, දේශමාමකයින් රටේ සිංහාසනයට පත් වුනේ නැත. තේ වගාව කළේ සුද්දෝ නොව.හොඳට තියන මහා ගස් ටික කපල ෆයිනස් වවපු එවුන්ට මොලයක් හෝ හදවතක් තිබුනද. දැනටත් ඉතුරුව තියන පාරම්පරික ගස් ටිකත් ගස් මුදලාලිගෙන් රැක ගනීද. ෆයිනස් ඉවත් කර ස්වභාවික කැලය හදන්න කොපමණ කලක් යයිද. එයත් කරාවිද. (බ)
ශ්රී ලංකාව ඉතිඔපියාවක් වෙනවලු. එහෙනම් හොඳයිනේ. මමත් ඒ රටේ අවුරුදු දෙකක් හිටිය. ස්වභාවික පරිසරය ගැන ඒ රටේ හොඳ නීති මාලාවක් තියනවා. (හේ)
ගස් කපනවා දැන් වැඩි වෙලා ඒකයි මේ.(හේ)
ඔය බව බුද්ධියෙන් වැටහුන විජේවීර සහෝදරයා හැත්තෑවේ දශකයේ කිව්වේ ඕක තමයි. කඳුකරයේ වන සංහාරය කරලා සුද්දා තේ වවපු එකේ දැන් තමයි රඟේ තේරෙන්නේ! (නි)
ෆයිනස් වගාව ලංකාවට අනුමත කළ අය මේවට වගකියන්න ඕනෑ (නි)
මට මෙහෙම හිතෙනවා. යුද්ධය තිබුනා නම් අපේ රට මීට වැඩිය රැකෙනවා කියලා. මොකද, දැන් යුද්ධයෙන් අවුරුද්දකට මියගිය ගානටත් වඩා රිය අනතුරු නිසා නැතිවෙනවා. යුද්ධ කාලේ වනාන්තර හුඟක් ආරක්ෂා වුණා. දැන් හතරවටේ ගස් කපලා අන්තිමේදී කාන්තාරයක් වෙලයි අපිට මැරෙන්න වෙන්නේ. අනික් අතට රටේ ආර්ථිකය දුෂණය වෙලා. (නි)