මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය සමග කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 45% දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධරයකු පැවසීය.
එම ජලාශ දෙකින් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරෙන්ද්‍ර හා පොල්පිටිය ජල විදුලි බලාගාරවලට විදුලිය උත්පාදනය සඳහා ජලය නිකුත් කෙරේ. වියලි කාලගුණය තවදුරටත් පැවතියහොත් එම බලාගාරවල උත්පාදනය කැරෙන විදුලිය තාවකාලිකව සීමා කිරීමට සිදුවන බවද විදුලි බල මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර්ගේ කතාව ඇත්ත. අන්ධ භක්තිය තිබෙන අය මේ රටේ කීදෙනෙක් ඉන්නවාද? සැබෑ බුදු පියාණන් ඉන්න ඕනෑ හදවතේ. (නි)
බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ විදිහට දැන දැනම වතුරෙන් යටකරලා තියෙන්න හැරීමම පාපයක් නොවේද. කාලයකට ඉහත වැඳුම් පිඳුම් ලද මේ පිළිම වහන්සේ සුදුසු ස්ථානයකට නැවත වැඩම කරවන්න. අවුරුද්දකට දෙපාරක් විතර අපිත් මේ ඡායාරූප දකිනවා. නමුත් කාගේවත් අවධානය යොමු නොවුණ එක දුකක්. (නි)
රොමේෂ්, අධ්‍යාත්මය තිබෙන්නේ හදවතේ, නැතිව සිමෙන්ති කොන්ක්‍රීට් වල නොවෙයි. (බ)
ධාරණ ශක්තිය නැතී කෙනකුට රුපයම ශ්‍රද්ධාව ඉතා වැදගත් .(බ)
ජලාශ හදද්දී පුරාණ නටබුන් ගැන නොහිතාද හදල තියෙන්නේ. අහන්ඩ දෙයක්ද, රට බෙදන්න යුද්ධම අවශ්‍ය නැහැ. (බ)
රොමේෂ් මහතාගේ කතාව සියයට සියයක් ඇත්ත . කෝ කෑ ගහන කට්ටිය. (බ)
කුමාර්.. ඔයා ඔයාගේ අම්මවයි, තාත්තවයි මහලු මඩමකට යවලා හදවතින් ආදරය ගෞරවය කර කර ඉන්නද ආස. නැතිනම් නිසි තැන නිසි හිඳුවා නිසි ගෞරවය සහ ආදරය ලබාදෙන්නද ආස. ඔයාගේ වචනයෙන්ම කියන විදිහට අධ්‍යාත්මය ඇතිවෙන්න ඕනෑ. එ්ත් එක ඇතිවෙන්නේ මේ රූපය නිසානම් ඒ රූපය නොසලකා හරින්න බැහැ. අඩුතරමේ ඔයා ඔයාගේ ෆොටෝ එකක්වත් පොළව යට වැලලෙන්න දෙනවද හිතා මතා. (බ)