මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ කටයුතු හෙට බදාදා (01) අලව්ව-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී ආරම්භ කෙරේ.
මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර සඳහා ආයෝජනය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 137.098 කි.
මීටර 3.6 බැගින් වන මංතීරු හතරකින් ඉදි කිරීමට නියමිත මාර්ගයේ පළල මීටර 23 කි. මීරිගම, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහක් ඉදි කරන බව මහාමාර්ග අමාත්‍යංශය කියයි.
2019 වසරේ මැද වන විට මෙම අදියරේ වැඩ නිම නිරීමට බලාපෙරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දෙවැනි අදියරේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.
ඡායාරූපය - මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියෙනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිතියම දිහා බැලුවම කහපාට කටුනායක කොළඹ මාර්ගයට වියදම්කළ මුදල් අපරාධයක් බව පෙනෙනවා. ගම්පහ සිට කුඩා දුරක් ඇති අධිවේගී පාරක් හදන්න තිබුනා කටුනායකට (නි)
නමුත් 2016 ඔක්තෝබර් 6 වනදා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ස්ථානයේදීම සමරු ඵලකයක් විවෘත කර මධ්‍යම අධිවේගයේ දෙවන අදියර වැඩ ආරම්භ කළ බව ඊයේ ප්රවෘත්ති විකාශයක සඳහන් වුණා (නි)
කෝ වෙන ඒවාට උඩපැනගෙන අදහස් දාන දේශප්‍රේමින් මේ වගේ ඒවාට අදහස් දාන්නේ නැහැනේ. (බ)
මේකවත් හරියට කරන්න. (ර)
පේන විදියට ඡන්දෙ ලග වගේ ! එන්න එන්න අපි දෙන්නම් ලස්සනටට ! රට වටේම ගල් තිය තිය ඔහොම යමූ. (ර)
හම්මෝ .ලොකු දෙයක්. කොළඹ ඉඳල මහනුවරට යන්න විඳින දුකක් මෙහෙම ගියොත් නුවර -කොළඹ බිස්නේස් මුත් ඉහල යයි. (ම)
2020 වෙන කොට මේ රජයෙන් විසාල වැඩ කොටසක් කරලා තියෙයි. (ම)