ගිනි අවි ළඟ තබා ගත් ඇමැති ආරක්ෂකයකු සමඟ සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජනහඬ පුවත්පතේ කර්තෘ සහ හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බන්ඩාරනායකගේ මාධ්‍ය ලේකම්ව සිටි තුෂාර සඳරුවන් රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඔහු සමඟ අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක පොලිස් සැරයන් සංජය ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
මාධ්‍යවේදියාට එරෙහිව කිසිදු චෝදනාවක් නැති බව ද, ඔහු මේ සිද්ධියට කිසිම සම්බන්ධතාවක් නැති බව හෙලීවීයැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැන්වීය.
කොළඹ සිට මීගමුවට රත්තරන් ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද ඇමතුමකට අනුව සැකකරුවන් දෙදෙනා ගමන් ගත් වාහන පරීක්ෂා කළ බවත්, එහි රත්‍රන් නොතිබුණු බවත්, ඇමැති ආරක්ෂකයා සතුව ගිනි අවියක් තිබූ බවත්, ඒ අනුව දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බවත් පොලිසිය මීට පෙර කීවේය.
ඇමැති ආරක්ෂකයාගේ නිල නිවසේ තිබී හිස් පතුරොම් 300ක් පමණ සොයා ගත් බව ද පොලිසිය පැවසීය.
ඇමැති ආරක්ෂකයා ප්‍රභූ ආරක්ෂාවට ගොස් නිවසට එද්දී මාධ්‍යවේදියාගේ වාහනයට නැඟ ඇති බවත්, ඔහු ළඟ තිබුණේ රාජකාරි ගිනි අවිය බවත්, ඔහු ළඟ නිල ගිනි අවිය හෝ තිබෙන බව මාධ්‍යවේදියා නොදැන සිටි බවත්, කිසිදු චෝදනාවක් නැතිව පොලිසිය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතීඥවරු උසාවියට දැන්වූහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාධ්‍ය ලේකම්ට ඇප