එදිනෙදා සිදුවිම් මාධ්‍ය සඳහා නිකුත් කිරිමට හොඳ විදිමත් වැඩපිළිවෙළක් තමා වෙත ලබා දුන් පසු ඊට අනුමැතිය දෙන බව නීතිය හා සාමය, හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසිය.
පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කැර කළ යුතු හොඳම ආකාරය තමා වෙත යෝඡනා සහිත වාර්තාවක් ඉදිරිපත් කල පසු අනුමැතිය ලබාදෙන බවද රත්නායක මහතා කීවේය.
පොලිසිය මාධ්‍ය සදහා ප්‍රකාශ ලබාදෙන ආයතනයක් නොවන බවත් ඒ සදහා පොලිස් නිලධාරින් පුහුණු වී නැති බවත් පොලිසිය ඇත්තේ නිතිය හා සාමය රැකීමට බවත් එනමුත් එදිනෙදා සිදුවීම් මාධ්‍ය වෙත ලබා දීම ඉතා හොද කටයුත්තක් බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සම්බන්ධයෙන් ඇමතිතුමා කියන කතාව ඇත්ත. අපරාධ පිළිබඳව විශේෂයෙන් කුඩා දරුවන් අපයෝජනයට ලක්කිරීම පිළිබඳ තොරතුරු වලට වාරණයක් යොදන්න. එය මහේස්ත්‍රාත් නියෝග ලෙස වුවද ක්‍රියාවට නැංවිය හැකියි. (නි)
මහජනයාට අදහස් යෝජනා ඉදිරිපත් කරන්න ක්‍රමයක් දන්වන්න. විද්‍යුත් තැපැල් ලිපිනයක් දෙන්න, තැපැල් ලිපිනයක් සමඟින්. (නි)
මෙවන් හොඳ වැඩවලට අපි අපේ උපරිම සහය දෙනවා (නි)
මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)
හොඳ යෝජනාවක්. පොලිස් තොරතුරු ගන්න මාධ්‍යවේදීන් සෑහෙන කරදර වෙනවා. මේ යෝජනාවට අදාළ සියලු පාර්ශවයන් සහය ලබා දියයුතුයි (නි)
මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)
වෙන රටවල් කරන දේවල් බලා ඕපාදුප සහ කැත අදහස් මිනිස් සිතට නොඑන්න වගකීමෙන් ලියන විදියකුත් උවමනායි (නි)