බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නඩුව වාර්තා කිරීමට පොලිසිය ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් මාතර මාධ්‍යවේදියෝ සංවිධානය අද (14) මාතර දී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී මාතර අධීකරණ වාර්තාකරුවෙකු වන ජයන්ත ජයවර්ධන මහතා කියා සිටියේ තමා වසර 30 ක පමණ කාලයක් අධිකරණ වාර්තාකරු ලෙස කටයුතු කරන බවත් මෙම සිද්ධිය වාර්තා කිරීමට උසාවිය තුළට ඇතුළු වන විටම පොලිස් නිලධාරියෙකු තමාගේ උරහිසෙන් අල්ලා ඉවත් කළ බවත්ය.
පොලිස් අධිකාරී සුදත් මාසිංහ මාධ්‍යවේදීන්ට අධීකරණයට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස නියෝගයක් කර ඇති බව මෙම පොලිස් නිලධාරීන් පැවසූ බවත් ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂයක් පවත්වන ලෙසද මාතර මාධ්‍යවේදියෝ සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආණ්ඩුව එහෙම ඕවට ගාවාගන්නවා නොවෙයි. අගමැතිතුමා මේ පිළිබඳ වාර්තාවකුත් ඉල්ලලයි තියෙන්නේ. (නි)
මෙවන් පොලිස් ලොක්කන් ගැන දැන්වත් තීරණයක් ගතයුතුය. (නි)
අපි සැමදා මාධ්‍යවේදීන් සමඟයි (නි)
අමිරන්, ඔබ කියන දේ හරි. කෝටි ගණන් වංචා කරන හොරුන්, ඔවුන්ට කිරි කජු වගේ දැනෙන ලිහිල් ඇප මත එලියට දානවා. පොඩි මිනිහෙකුට කිබුහුමක් ගියත් මාස ගණන් හිරේ දානව. කතා කළොත් කියයි අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහනවා කියල. මං හිතන්නේ නෑ මේ රටේ කවුරුවත් විරුද්ධවෙයි කියල මහජන දේපල ගසාකන්නන්ට ඇප දීමේදී අධිකරණයේ අභිමතය පාවිච්චි කරන්න බැරිවෙන විදිහේ නීති සම්පාදනය කළත්. මේ යන හැටියට. (බ)
අනේ අපේ රටට ගිය කලක්...! (නි)
ඇත්ත. එහෙම මාධ්‍ය වාරණය කරන්න කාටවත් ඉඩදෙන්න බැහැ (නි)
හොරුන්ව සුරතල් කරලා ඇප දීලා නඩු කල්දානවටත් උද්ඝෝෂණ ළඟදීම පටන්ගන්න වෙයි වගේ. මේ රටේ නීති මිලියන ගණන් වංචාකරන දේශපාලුවන්ට වලංගු නැද්ද ?විදේශ වලින් ආණ්ඩුවලට බලපෑම් කරන්නේ මේ නිසා තමයි. හොඳට පේනවා සාමාන්‍ය ජනයාට කිසිම හවුහරණක් නැහැ කියලා. නීතියෙන්වත් යුක්තියක් ඉටුවෙනවද සැකයි (නි)