IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මාධ්‍ය අවහිරයට මාතර මාධ්‍යවේදීන්ගේ විරෝධය

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නඩුව වාර්තා කිරීමට පොලිසිය ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් මාතර මාධ්‍යවේදියෝ සංවිධානය අද (14) මාතර දී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී මාතර අධීකරණ වාර්තාකරුවෙකු වන ජයන්ත ජයවර්ධන මහතා කියා සිටියේ තමා වසර 30 ක පමණ කාලයක් අධිකරණ වාර්තාකරු ලෙස කටයුතු කරන බවත් මෙම සිද්ධිය වාර්තා කිරීමට උසාවිය තුළට ඇතුළු වන විටම පොලිස් නිලධාරියෙකු තමාගේ උරහිසෙන් අල්ලා ඉවත් කළ බවත්ය.

පොලිස් අධිකාරී සුදත් මාසිංහ මාධ්‍යවේදීන්ට අධීකරණයට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස නියෝගයක් කර ඇති බව මෙම පොලිස් නිලධාරීන් පැවසූ බවත් ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂයක් පවත්වන ලෙසද මාතර මාධ්‍යවේදියෝ සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

523 526



අදහස් (0)

මාධ්‍ය අවහිරයට මාතර මාධ්‍යවේදීන්ගේ විරෝධය

ධම්ම Sunday, 15 May 2016 02:57 AM

ඔන්න ආණ්ඩුව එහෙම ඕවට ගාවාගන්නවා නොවෙයි. අගමැතිතුමා මේ පිළිබඳ වාර්තාවකුත් ඉල්ලලයි තියෙන්නේ. (නි)

:       0       0

රණරාළ Sunday, 15 May 2016 04:10 AM

මෙවන් පොලිස් ලොක්කන් ගැන දැන්වත් තීරණයක් ගතයුතුය. (නි)

:       0       0

වරුණ Sunday, 15 May 2016 04:28 AM

අපි සැමදා මාධ්‍යවේදීන් සමඟයි (නි)

:       0       0

උපාලි Sunday, 15 May 2016 05:49 AM

අමිරන්, ඔබ කියන දේ හරි. කෝටි ගණන් වංචා කරන හොරුන්, ඔවුන්ට කිරි කජු වගේ දැනෙන ලිහිල් ඇප මත එලියට දානවා. පොඩි මිනිහෙකුට කිබුහුමක් ගියත් මාස ගණන් හිරේ දානව. කතා කළොත් කියයි අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහනවා කියල. මං හිතන්නේ නෑ මේ රටේ කවුරුවත් විරුද්ධවෙයි කියල මහජන දේපල ගසාකන්නන්ට ඇප දීමේදී අධිකරණයේ අභිමතය පාවිච්චි කරන්න බැරිවෙන විදිහේ නීති සම්පාදනය කළත්. මේ යන හැටියට. (බ)

:       0       0

තිලක් - නුවර Sunday, 15 May 2016 07:05 AM

අනේ අපේ රටට ගිය කලක්...! (නි)

:       0       0

රාජගිරිය Saturday, 14 May 2016 08:32 PM

ඇත්ත. එහෙම මාධ්‍ය වාරණය කරන්න කාටවත් ඉඩදෙන්න බැහැ (නි)

:       0       0

අමිරා Saturday, 14 May 2016 10:29 PM

හොරුන්ව සුරතල් කරලා ඇප දීලා නඩු කල්දානවටත් උද්ඝෝෂණ ළඟදීම පටන්ගන්න වෙයි වගේ. මේ රටේ නීති මිලියන ගණන් වංචාකරන දේශපාලුවන්ට වලංගු නැද්ද ?විදේශ වලින් ආණ්ඩුවලට බලපෑම් කරන්නේ මේ නිසා තමයි. හොඳට පේනවා සාමාන්‍ය ජනයාට කිසිම හවුහරණක් නැහැ කියලා. නීතියෙන්වත් යුක්තියක් ඉටුවෙනවද සැකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site