(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ නගරයේ ඉකුත් 13 දින සිදු වු ප්රචණ්ඩ කි‍්‍රයා සිදුවන අතරතුර පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ සැරිසරූ බව කියන සුඛෝපභෝගී ජිප් රථයක් කිරිල්ලවල වෑවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් වෑවල එම නිවසට ගොස් මෙම ජිප් රථය අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මධුමාධව අරවින්ද මහතා සමග සිද්ධිය වු දින රාගම, හා කඩවත ව්‍යාපාරිකයන් දෙදෙනක් ද සිට ඇති බවත් ඔවුන් දෙදෙනා ද දැනට ප්‍රදේශවලින් පලාගොස් ඇති බවට ද තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි. මධුමාධව අරවින්ද මහතා සිද්ධිය වු දින මෙම සුඛෝපභෝගී ජීප් රථයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රැුදී සිටි බවට පොලිසි තොරතුරු ලැබුණ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ජීප් රථය වැඩිදුර පරීක්ෂණ සදහා මිනුවන්ගොඩ පොලිසියට බාර දී ඇත. මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු වැඩ දැන් දැන් එළිවෙනවා දැන් මොකද කියන්නේ?
දැන් මරාගෙන මැරුණු බෝම්බකාරයන් පූස් පැටව් වගේ අහිංසක වෙලා. ගමේ කොල්ලෝ ත්රස්තවාදීන් වෙලා. ප්‍රදේශයේ සැරිසැරූ විපක්ෂ දේශපාලකයෝ ප්රචණ්ඩ ක්‍රියා මෙහෙයවපු මොලකාරයෝ වේද?
එදා එහි ගිය හැම දේශපාලකයෙක්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.
දැන් එතකොට ජීප් රියද මේවට වග කියන්න ඕනේ ?
ජීප් රථයට කෝට්ටෙන් තලන්න ඕනෑ තනියෙන් ගමන් යනවාට...
ජීප් රිය රඳවාගෙන ප්‍රශ්න කරන්න.. පොලිසිය නේද නැත්තං අංගොඩින්ද?
එදා එහි ගිය හැම දේශපාලකයෙක්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි. මේ ගොල්ල තමයි කාදිනල්තුමා නිවලා තිබුණු ගින්න අැවිලුවේ. මෙයාලට ඕනේ කලේ රජය අපහසුතාවට පත්කරලා ජාත්‍යන්තරව අප්‍රසාදයට පත්කරලා ආණ්ඩුව පෙරලන්න. මෙයා විතරක් නෙවේ, දයාසිරිත් කලේ මේකමයි..
මිනිසුන්ට අහල පහල නගරයකට යන එකත් භයානකයි. අරුම පුදුම රටක්.