IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මධුගේ 'මගේ ලොව හිරු'

2016-05-17-ent-47

මේ දිනවල නිතර ඇසෙන හා දකින ගීත අතරේ නවක ගායකයෙකු වන මධු රොක්ස්ගේ "මගේ ලොව හිරු" ගීතයට විශේෂ තැනක් හිමිවී තිබෙනවා. මීට පෙර ගීත කිහිපයකටම සිය හඬ මුසුකළ ඔහු ඉදිරියේදී තවත් ගී නිර්මාණ කිහිපයකින්ම රසික ඔබ හමුවීමට සූදානමින් සිටිනවා. මේ දිග හැරෙන්නේ "සාරවිට" අපි සමග මධු කළ කතාබහයි.

"ඔබ ගියා කියා" ගීතයෙන් පස්සෙ මගේ රසික, රසිකාවියන්ට තිළිණ කරන අලුත්ම ගීතය තමයි "මගේ ලොව හිරු" කියන්නේ. මේ ගීතයේ ඕඩියෝව වගේම වීඩියෝවත් මම එක්වරම එළිදැක්වුවා. ගීතය ලිව්වේ සාගරිකා ශ්‍රීපාලි. සංගීතය එකතු කළේ චන්දන වල්පොල. "හරි" ක්‍රියේෂන් ආයතනය වෙනුවෙන් මෙහි රූප රචනාව නිර්මාණය කළේ එරන්ද වනිගසේකර. මේ ගීතය මේ දිනවල රූපවාහිනි හා එෆ්.එම්. නාළිකා කිහිපයකම අහන්නටත් දකින්නටත් ලැබෙනවා."

ආදරය හා විරහව තේමා කරගත් "මගේ ලොව හිරු" ගීතයේ රූප රචනාවට ගීත ගායනයෙන් දායක වෙන මධු රොක්ස් සමගින් ජනප්‍රිය රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලාද දායක වී තිබෙනවා. ඔවුන්ට අමතරව උදිත වෙදසිංහ, ස්වර්ණා රණසිංහ යන පිරිසද මෙම ගීත රූප රචනාව සඳහා රංගනයෙන් එක්වෙනවා. එමෙන්ම වේෂ නිරූපණයෙන් තාරක අධිකාරි, කැමරාකරණයෙන් සුමිත් කුමාර, සංස්කරණයෙන් පැතුම් රත්නායක හා රුවන් අත්නායක දෙදෙනාද සහය වී තිබෙනවා.

 

2016-05-17-ent-46
2016-05-17-ent-48
2016-05-17-ent-49
2016-05-17-ent-50



අදහස් (0)

මධුගේ 'මගේ ලොව හිරු'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site