හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය 23 වැනිදා අල්ලස් හෝ දූෂණ කොමිසමට රැගෙන ආ දිනයේ විකෘති කළ ජාතික කොඩි වනමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කැඳවීමට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස අතර සිටි බව කියන ගායක මධු මාධව අරවින්ද සහ බස්නාහිර පළාත් මන්ත්‍රී ලලිත් එල්ලාවල තවත් මිනිත්තු ගණනකින් රහස් පොලිසියේ පෙනී සිටීමට නියමිතය.
අද පෙරවරු 11.30 ට එහි පැමිණෙන ලෙස ඔවුනට දන්වා ඇත. ජාතික කොඩියෙන් සුළු ජාතීන් නියෝජනය අඟවන තීරු දෙක නොමැතිව අමුතු කොඩියක් එහිදී ප්‍රදර්ශනය කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලාම් කොඩියට තහනම් නැති රටේ සිංහලේ කොඩිය තහනම් වූ හැටි. සිංහලයට දෙවියන්ගේම පිහිටයි (බ)
විජයබාහු, ඊළාම් කොඩිය තහනම් නැත්තේ මොන රටේද? උගුරට හොරා බෙහෙත් බොන්න හදන්න එපා!!! (ම)
දැන් ඔයගැන මොකුත් කියල වැඩක් නෑ මදු දන්නෙවත් නෑ කොඩිය පිටවෙලා බව.(බ)
කොටියාට දොළ පිදේනි දුන් සහ දෙන අයට තමයි තැන.(බ)
විජයබාහු, ප්‍රකෘතිය විකෘතිය වෙලා විකෘතිය නීතිගත වූ රටේ අනෙක් දේවල් ගැන කියන්න ඕනෑ නැහැනේ. (නි)