රුපියල් තිස් එක් ලක්ෂ අනූ අට දහස් හයසිය පනහක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකි.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ ඔහුගේ ගමන් මල්ලේ තිබී ඇමරිකානු ඩොලර් 23750 ක් සොයාගත් බවයි.
ඔහු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට අද උදෑසන ගුවන්තොටුපලට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇතිවු සැකයක් මත පරීක්ෂා කිරීමේදී මෙම මුදල් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ මුදලක් පිටරට යනවිට රැගෙන යන්න හැකිද?(ඇමෙරිකානු ඩොලර් වලින්) (බ)
රේගුවට සදහන් නොකර ගෙනයා හැක්කේ උපරිම ඇ.ඩොලර් 5000 හෝ ඒ වටිනාකමට සමාන වෙනත් මුදල් ඒකකයක් පමණයි. (ස)